Saturday, September 26, 2015

වෙනසකට මුල පුරමු (කොටස 1)

2015.09.26 වන දින දිවයින පුවත්පතේ පළ වූ ලිපියකි

විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය

මූලාශ්‍ර: http://blogs.scientificamerican.com http://news.harvard.edu 



හිරුනැගෙන උදෑසනත්, හිරු බැසයන සැදෑවෙත් බුදු රජාණන් වහන්සේට පහනක් දල්වා මල්මිටක් පූජා කොට විනාඩි කිහිපයක් භාවනා කිරීම බෞද්ධයෙකුගේ දෛනික චාරිත්‍රයකි. ඉන් ලැබෙන අධ්‍යාත්මික සුවය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දරය. සැනසිලිදායකය. සිතට මෙන්ම කයටද සුවදායකය.සිතෙහි පාප සිතිවිලි අකර්මන්‍ය කොට කුසල් සිතුවිලි වැඩීමෙන් මෙම සැනසිල්ල ලැබෙන බව බෞද්ධ ඉගැන්වීමයි. මොළය පිළිබද විශේෂඥයන්ට අනුව භාවනාවෙන් සිතිවිලි රටාව වෙනස් කරවයි. මොළයේ හැඩතලයන් පවා වෙනස් වේ.

තමන්ගේ ක්‍රියාව සිහියෙන් නැතිනම් දැනීමෙන් කිරීම බෞද්ධ භාවිතයයි.. සිහියෙන්, දැනීමෙන් තොර ක්‍රියා අචෙතනිකයි. සාම්ප්‍රදායික ගෘහ වන්දනාවක් වන තෙරුවන් වන්දනාවද දැනීමෙන් සිහියෙන් කිරීමෙන්ද සිහියෙන් ක්‍රියාකිරීම පුහුණු කළ හැකිය..

පන්සිල් සමාදන්වීමේදී එහි තේරුම මෙනෙහි කර මෙම අංග පහ පිළිබදව සැලකිල්ලෙන් අද දවස ගත කරමියි සිහිගැන්වීමක් කරගත හැකිය. එම ශීලය සිතිය යුතු වන්නේ වෙනත් කෙනෙකුට තමා හරි හොද කෙනෙක් ලෙස පෙන්වීමට නොවේ. තමා විසින් තමාම රැකගැනීමටය. එම අංග පහ අතුරෙන් එකෙකින් හෝ කෙනෙක් අගතියට පත් වන්නේ නම් තමා විසින් තමන්ටම අයහපත කරගන්නේය. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රී සිත ඇති කිරීම තමන්ගේ ආරක්ෂාව සලසාගනියි..

ඉතිපිසො, ස්වාක්ඛාතො, සුපටිපන්නො ආදී ගථාවන්හි අන්තර්ගත බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර එම ගුණ තමන් තුළ පිහිටුවාගැනීමට අදිටන් කරගැනීම භාවනාවකි. උදාහරණයක් ලෙස ඉතිපිසො භගවා අරහං යන තැනෙහි සදහන් අරහං ගුණය සලකා බලමු. එහි සරල අදහස සිතිවිලිවලින්වත් නරකක් නොසිතන බවයි. එම ගුණය මෙනෙහි කරගැනීමද භාවනාවකි. මමද සිතුවිලිවලින් පිරිසිදු වෙමියි තමන්ට සිතිය හැකිය. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනාවන් ගුණ මෙනෙහි කොට තමන්ගේ ගුණ වැඩි කරගැනීමට සිහිගන්වන භාවනාවන්ය.

දෙවියන්ට සහ මළගිය ඤාතීන්ට පිංදීමද පැරණි චාරිත්‍රයකි. මෙය මෛත්‍රී භාවනාවකි. යහපත් හැගීමක් ඇතිව කෙනෙකුට පාර්ථනා කිරීම සිතෙහි ප්‍රීතිය උපදවයි. මම විසින් උපදවාගත් යහපත් සිතේ බලයෙන් ශක්තියෙන් දෙවිවරුද, මළගිය අයද සුවපත් වෙත්වායි පාර්ථනා කිරීම යහපත් ක්‍රියාවකි. එයද තවත් පින්කමකි. මන්ද හැගීමෙන් දෙවිවරුන්ට මෙන්ම ඤාතීන්ට පින් අනුමෝදන් කිරිම තමන්ගේ පරිත්‍යාගශීලී ගුණය සහ කරුණාව ඇතිකරවයි.

තවදුරටත් විනාඩි කිහිපයක් භාවනා කළ හැකිය. විනාඩි කිහිපයක් දෙනෙත් පියාගෙන පහසු ඉරියව්වකින් ඉදගෙන මම නිදුක් වෙම්වා! නිරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! ආදී වශයෙන් තමන්ට මෙත් වඩා පසුව සියලු සත්වයන්ට මෙත් වැඩිය හැකිය. ඉන්පසුව තමන්ගේ හුස්මරැල්ලට සිහිය පිහිටුවා අනාපාන සති භාවනාව කළ හැකිය. මේ සදහා නියමිත නිශ්චිත වෙලාවක් නැත. නීති නැත. පහසු වේලාවක තමන්ට පුළුවන් ප්‍රමාණයට පුහුණු කළ හැකිය.

අධ්‍යාත්මික භාවිතාවන්හි ප්‍රතිඵල ගැන සැලකිලිමත් වන විද්‍යාඥයෝ ඉහත සදහන් දෛනික ක්‍රියාවක බලපෑම වර්තා කරති. හාවඩ් පර්යේෂකයන් සති 8ක් සතිය පුහුණු කිරීමේ අභ්‍යාසයන්හි නිරත විය. සහභාගීවූවන් තම මනසේ ක්‍රමක් ක්‍රමයෙන් සිදු වූ වෙනස්කම් ලියන ලදි. භාවනා කිරීමෙන් එම කාලය තුළ කායිකව වෙනස්කම් මොළයේ වෙනස්කම් වලට හේතු වූ බව තහවුරු විය..

මැස්සචූසෙට්ස් හි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහ රෝහල විසින් මෙම පර්යේෂණය මෙහෙයවන ලදි. පර්යේෂණ මාතෘකාව: සිහිය වැඩීමේ භාවනා වැඩසටහන සමග සති 8ක්. ආසන්න වශයෙන් දිනකට විනාඩි 27ක් පමණ භාවනා උපදෙස් හඩ පටයකට පර්යේෂණ කණ්ඩායම සවන් දුන්හ. සතියකට වරක් සාකච්ඡා පැවැත්වීය. අවසාන සති දෙකේදී මොළය ස්කෑන් ඡයාරූප ( Magnetic resonance imaging scans – MRI) ගන්නා ලදි. පහත පළ වන්නේ එම ඡායාරූපයක ප්‍රතිඵල පෙන්නුම් කරන දත්ත ඡායාරූපයකි.

මෙම පර්යේෂණයේ නිගමනය වන්නේ භාවනා කිරීමෙන් මොළයේ ශෛල වැඩෙන බවත් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවන බවත්ය. තෙරුවන් වන්දනාව සිහියෙන් යහපත් හැගීමෙන් අවබෝධයෙන් කිරීම භාවනාවකි. ඉන් ලැබෙන ප්‍රතිඵල සුවදායකය. සිහිය පවත්වාගැනීම එහි ඉහළම ප්‍රතිඵලයයි. සිහියෙන් දෛනික වැඩ කටයුතු කළ හැකිය. කේන්තිය, තරහව, නුරුස්සනගතිය ආදී තව නොයකුත් දුක්සහගත වේදනාවන්, හැගීම් පලනය කොට සමනය කළ හැකිය.නොවැදගත් දෙයින් වැළකීමේ සිහිය මෙන්ම වැදගත් දෙයෙහි නිරතවීමේ සිහියද පවත්වාගැනීමට හැකිවෙනු ඇත. දවසින් දවස බොහෝ වැඩ සමගම මරණය කරා ගෙවෙන ජිවිතය අධ්‍යාත්මික වෙනසකට පත් කළ හැකිය.


Monday, August 24, 2015

යහපත වැඩිකිරීම සුන්දරය, විසිතුරුය



ශ්‍රාස්‌ත්‍රපති බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය


හැමෝටම වැරදි තිබේ. වැරැදි නොකරන, අයහපත නොකරන අය දුෂ්කරය. ප්‍රඥාවන්තයින් සැමවිටම උත්සහ කරන්නේ අයහපත සිදුවන වාර ගණන අඩු කිරීමටය. ඒ සදහා කදිම අභ්‍යාසයකි අනුන් කළ නොකළ දේගැන හාර අවුස්‌සනවා වෙනුවට තමන් කළ නොකළ දේගැන අවධානය යොමු කිරීම.

අපි කැමතියි 'මම' කියන පුද්ගලයා අනෙක්‌ සියලුදෙනාට වඩා උසස්‌ යෑයි හුවාදක්‌වන්න. මගේ මොකුත්ම වැරදි නැහැ, අනෙක්‌ අය තමයි වැරදි කියලා ඇඟිල්ල දිගුවන්නේ ඒ නිසයි. අර කෙනා දුෂ්ටයි. අර කෙනා නපුරු යෑයි කියන්නේ නොදැනුවත්වම අප ළඟ එවැනි අයහපත් ගති තිබෙන නිසාය. මෙය කියවන ඔබ මේ ලියවිල්ල ගැනත්, මා ගැනැත් නපුරු සිතින් යමක්‌ ප්‍රකාශ කළොත් මම ඒ ගැන සානුකම්පිතයි. මන්දයත් මෝහයෙන් අපගේ මනස වෙලාගනිද්දී අප කරන කියන දේ ගැන අපගේ සිහිය නොපවතින්නේය.

මෝහයෙන් මුලාවී ද්වේශයෙන් වැඩියෙන්ම වැරදි දැක වෛරයෙන් චෝදනා කරන්නේ තමන් ගේම සහෝදර සහෝදරියන්ටය. නැතිනම් ඤාතීන්ට, මිතුරන්ට හෝ අසල්වැසියන්ටය. එයින් සිදුවන්නේ තම හාත්පස නැතිනම් තම අවට සතුරු වළල්ලක්‌ හදාගැනීමයි. ඒ පමණක්‌ නොව සතුරු වළල්ල තුළ මානසිකව වෛරය නමැති ගින්නෙන් නිතරම තමා විසින් තමාම පුළුස්‌සා ගනියි.

සැබවින්ම වෙනසකට පත්වීමට අවශ්‍ය නම් ක්‍රියාවලිය ආපසු හැරවිය යුතුය. අනුන්ගේ වැරදි නොසෙවිය යුතුයි. අනුන්ගේ වැරදි සැලකිල්ලට ගැනීම අපගේ කාර්යයක්‌ නොවේ. ඊට අයිතියක්‌ද අපට කිසිවෙක්‌ දී නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ ස්‌වාමියා තමන්ම බව. විමුක්‌තිය වෙනත් බලවේගයක්‌ හෝ අසම පුද්ගලයෙක්‌ අප වෙත ගෙනත් පූජාකිරීමක්‌ නොවේ. විමුක්‌තිය වෙත එවැනි බලවේගයක්‌ හෝ අසම පුද්ගලයෙක්‌ විසින් අප කැඳවා නොගෙනයයි. විමුක්‌තිය ඇති කරගැනීම තම ක්‍රියාවලිය තුළ පවතින්නකි. එහෙයින් තම ක්‍රියාවලිය වෙනසකට භාජනය කළ යුතුය.



අනුන් ගේ වැරදි අඩු පාඩු නොසොයා ඔබගේ වැරදි අඩුපාඩු සෙවීම නොකඩවාම කළ යුතුය. නමුත් එය කියන තරම් ලෙහෙසි නැත. අමාරුවෙන් හෝ පුරුදු කරගත්තොත් තමන්ට අසීමිත අදියාත්මික දියුණුවක්‌ ඇති කරගැනීමට හැකිය. සැහැල්ලු, ප්‍රීති සහිත මනසක්‌ ඇතිව ජීවත් විය හැකිය. සමාජයේ වැරැදි අඩුපාඩු දකිමින් සමාජයට වෛර කිරීම පසෙකලා තමන් කළ යුතු දේ ගැන සවිඥානික වන්නේ නම් සමාජයේ ගෞරවයට පාත්‍ර වන්නේය.

තමන්ගේ වැරදි දෙස සැලකිලිමත් විය යුත්තේ පසු තැවීමට නොවේ. නිවැරදි මාවතට ප්‍රවිශ්ටවීමටය. මනස යහපත, නිවැරදි දේ ගැන සැලකිලිමත් වන තරමට යහපත් සිහිය වැඩේ. යහපත් සිහිය ඇති ප්‍රඥාවන්තයා තම මනසෙහි ජනිත වන සිතුවිලිවල වහලෙක්‌ බවට පත්නොවේ. එසේත් නැතිනම් හිතන හිතන දේ කරන්නන්වාලේ කරන්නෙකු බවට පත්නොවේ. හිතට එන දේ අනුව කථා කරන්නෙකු බවට පත්නොවේ. එළඹගත් සිහියෙන් යුතුව, ක්‍රියා කිරීමට පෙර එම ක්‍රියාවෙන් ඇති විය හැකි ප්‍රතිඵල ගැන විමසයි. තමන්ට සහ අනුන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දේ නම් එවැනි ක්‍රියාවෙන් වැළකිය යුතුය. කථා කිරීමේදී වචන තමන්ට සහ වෙනත් අයට අහිතකර තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී පීඩන මානසිකත්වයන් ඇති කරයි නම්, එවැනි කථාවෙන් වැළකිය යුතුය.

වර්තමානය යහපත් කරගැනීමට අතීත වැරදි සිහිපත් කිරීම වඩාත් බුද්ධිගෝචරයයි අදහසක්‌ පවතී. නමුත් සෑමවීටම එසේ නොවේ. අතීතය සිහිකිරීමෙන් කනගාටුව, පසුතැවීම, ද්වේශ සහගත සිතිවිලි ඇති වේ නම් ඒ ගැන සිහිකිරීම, කථා කිරීම නොකළ යුත්තකි. අතීත අත්දැකීම් අපගේ විඤ්ඤාණයෙහි රැඳී පවත්නේය. එවැනි තවත් අවස්‌ථාවකට අප මුහුණ දෙන කල්හී විඤ්ඤාණගත අත්දැකීම් අපට ඒ බව වහා සිහිගන්වයි. මෙම තත්ත්වය බුද්ධිමත් බව ලෙස අපි හදුන්වමු. එය හැකියාවකි. හැකියාව තියුණු ලෙස භාවිතා කිරීම තුළ නැවත අතීත ආකාරයේ අභාHයන්වලට ගොදුරු නොවේ.

අතීත අද්දැකීම් සිහිපත් කරනවා නම් සිහිකළ යුත්තේ වර්තමානය යහපත් කරගැනීමට අදාළ අද්දැකීම් ය. එහිදී අතීත යහපත් දේ සිහිකිරීම වඩාත් ප්‍රයෝජනවත් ය. එය චිත්ත ප්‍රීතිය ඇතිකරයි. එම සිහිහැන්වීම වර්තමානයේදී යහපතෙහි නියෑලීමේ වාරගණන වැඩි කිරීමට අප පොළඹවයි. තමා විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ හදුනාගෙන කළ යුතු යහපත වැඩි කිරීමට, ප්‍රසාරණ කිරීමට සවිඤ්ඤාණක බව වැඩීම අතිශයින්ම විසිතුරුය. සුන්දරය.

Wednesday, July 30, 2014

අසත්පුරුෂයාගෙන් සත්පුරුෂයා වෙන්ව හදුනාගනිමු



අපි විවිධ මිනිසුන් ඇසුරු කරන්නෙමු. එයිනුත් ඇතැමහු නිසා විවිධ කරදරවලට ලක්වන්නෙමු. ආරමිභයේදී සත්පුරුෂයෙකැයි හදුනාගන්නා පුද්ගලයා කල්යත්ම හානිදායක වෙි. එමෙන්ම ආරමිභයේදී අසත්පුරුෂයෙකැයි හදුනාගන්නා තැනැත්තා කල්යත්ම සත්පුරුෂයෙකැයි හැගෙයි. මෙි නිසා අසත්පුරුෂයාගෙන් සත්පුරුෂයා වෙන්ව හදුනාගැනීම ප‍්‍රයෝජනවත්ය.

         මෙි සදහා විශිෂ්ට සූත‍්‍රයක් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී අසප්පුරිස වධුකා නමින් දේශනා කළහ. මෙම සූත‍්‍රය අසත්පුරුෂයන් සහ සත්පුරුෂයන් හදුනාගැනීමට පමණක් නොව තමන් තුළ සත්පුරුෂ ලක්ෂණ ඇතිකරගැනීමටද ඉතාම ප‍්‍රයෝජනවත්ය.

            කරුණු සතරකින් යුත් තැනැත්තා අසත්පුරුෂයකි. අසත්පුරුෂයා ඇසුවත් නොඇසුවත් අනුන්ගේ අගුණ කියාපායි. ඇසුවාම ප‍්‍රශ්න කළාම අඩුවක් නැතිව වැසීමක් නැතිව මුලුමනින්ම විස්තර කොට නුගුණ කියන්නෙක් වෙයි. මෙම කරුණින් යුක්ත තැනැත්තා අසත්පුරුෂයෙකැයි දත යුතුය.

           ප‍්‍රථමයෙන්ම ඉහත ලක්ෂණය මා තුළ ඇද්දැයි අප ණුවනින් විමසිය යුතුය.  ධර්මය ශ‍්‍රවණය කරන ඇතැමිහු එම දහමි නොපිළිපදිති. අනුන්ට නින්දාකිරිිමට භාවිතා කරති. දහම භාවිතා කළ යුත්තේ තමන් සුවපත් කරගැනීමටය. අප අනුන් කොතරමි නමි විවෙිචනය කරමිද? ඒ විවෙිචනය කරන සෑම අවස්ථාවකදීම ප‍්‍රථමයෙන්ම අපගේ සිත දුෂණය වන්නේය. අනුන් විවෙිචනය කරන විට වෛරය ද්වෙිෂය ක්‍රෝධය තම සිතෙහි ඇති වෙි. එබදු සිතක් ඇති කෙනෙක් නිතරම මානසිකව වෙිදනා විදියි.  මරණයට පත්වුවහොත් අපාගත වනුඇත . එහෙයින් ඉහත අසත්පුරුෂ ලක්ෂණයෙන් ඈත්වීමට අධිෂ්ඨාන කළ යුතුය.

           කිසියමි කෙනෙකුගේ ගුණයක් වර්ණනා කිරීමමත් තමන්ගේ ගුණයකි. කෙනෙකුගේ හොද ගතිගුණ ප‍්‍රකාශකරන්නා ප‍්‍රසන්න මනසක් ඇත්තෙකි. එය පටු වාසි සදහා නොවිය යුතුය. අවංකවම කරුණු දැන වර්ණනා කළ යුතුය. එවිට මෛත‍්‍රී සහගත කරුණා සහගත සිත පෝෂණය වන්නේය. බුද්ධානුස්සති භාවනා මගින් එම සිත පෝෂණය වන්නේ බුදු ගුණ වර්ණනා කිරීමෙනි. මෙලෙස මෙත් සිත වර්ධනය කිරීම සතර අපා බියෙන් වෙන්වීමට හේතු වෙි.

           අසත්පුරුෂයාගේ දෙවන ලක්ෂණය වන්නේ ඇසුවත් අනුන්ගේ ගුණ තිබුණත් අසත්පුරුෂයා නොකියයි. ඇසුවාම ප‍්‍රශ්න කළාම අඩුකොට වසංකොට කියයි. අසමිපූර්ණව කියයි. මෙය දෙවන අසත්පුරුෂ ලක්ෂණයයි.
           අසත්පුරුෂයා තමන්ගේ අගුණයක් ඇතත් නොකියයි.  වෙනත් කෙනෙකු ඇසුවත් නොකියයි. මිනිසුන් අතර තමන්ගේ වැරැුද්ද වැරැුද්ද ලෙස පිළිගන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් තමන්ගෙන් වැරදි වූ බව හෝ වැරදි වන බව නොපිළිගනිති. මෙසේ වන්නේ තමන් තුළ පවතින අසත්පුරුෂ ලක්ෂණය  නිසාය.

           බොහෝ  දෙනෙක් තමන් වර්ණනා කරනවට කැමතිය. එමෙන්ම තමන්ගේ  ගුණ කියයි. තමන් තුළ නැති ගුණ පවා කියාපායි. ඇසුවත් නොඇසුවත් කියයි. මෙයද අසත්පුරුෂ ලක්ෂණයකි. ඇතැමිහු මෙය බහුලව කරති. මෙමගින් තාම විසින් තමාම රවටා ගනියි. අනෙක් අතට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවමානයට උපහාසයට සිනහවට ලක්වෙි. 

            පසුව අසත්පුරුෂයාගෙන් වෙන්ව සත්පුරුෂයා හදුනාගැනීමට ප‍්‍රයෝජනවත් කරුණු සතරක් දේශනා කළහ. සත්පුරුෂයා අනුන්ගේ අගුණ ඇසුවත් එළිනොකරයි. ඇසුවත් ප‍්‍රශ්න කළත් අඩු කොට මග හැර අසමිපූර්ණව අගුණ කියයි. මෙම ලක්ෂණය ඇති අය දුර්ලභය. ඹවුන් සත්පුරුෂයෝය. 

             සත්පුරුෂයා අනුන්ගේ ගුණ නොඇසුවත් එළිකරයි.  මෙි මෙි පුද්ගලයා තුළ මෙි මෙි යහපත් ලක්ෂණ ඇතැයි කියයි. ඹහුගේ මනස ප‍්‍රසන්නය. පවිත‍්‍රය. පිරිසිදුය. මෙවැනි උතුමන් ලොව දුර්ලභය. සත්පුරුෂයා තමන්ගේ අගුණ නොඇසුවත් කියයි. තමන්ගේ වැරුද්ද මෙයයයි පිළිගනියි. කිසිවිටෙක නොසගවයි. ඇසුවෝත් ප‍්‍රශ්න කළොත් සියල්ල සවිස්තරව කියයි. වැරැුද්ද වැරැුද්ද ලෙස පිළිගන්නා වූ අය ලොව දුර්ලභය එය පිළිගන්නේ සත්පුරුෂයන්ය.

              සත්පුරුෂයා ඇසුවත් තමාගේ ගුණ නොකියයි. බොහෝ අය අනුන්ට වඩා තමන් උසස් බව හැගවීමට උත්සාහ කරති. එය පහත් අසත්පුරුෂ ලක්ෂණයකි. නමුත් සැබැ ගුණ යහපත් කෙනා පුරාජෙරු නොදොඩවයි. ”පිරුණු කලේ දිය නොසැලේ” යන කියමන මෙන් සැබෑ ගුණයන් ඇති කෙනා තමන් පිළිබදව තමාම වර්ණනා නොකරයි. 

              ඉහත කරුණු සතරකින් යුක්ත පුද්ගලයා සත්පුරුෂයෙකි. එම සත්පුරුෂ ධර්ම අපද පුරුදු කළ යුතුය. ඉහත සත්පුරුෂ ධර්ම පුරුදු කරන නුවණැති කෙනා පාර්ථනා නොකළත් කළත් සමාජ ගෞරවයට පාත‍්‍ර වෙි. ගෞරවනීය පුද්ගලයෙක් බවට පත්වෙි. සතුරන් අඩු වෙි. තමන්ගේ ආරක්ෂාව සැලසේ. ඹහු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නෙකි. අපා බිය පහකරයි. උතුමි නිවන සාක්ෂාත් කරගනියි.

         
  අසත්පුරුෂයන්ගෙන් වෙන්ව සත්පුරුෂයා හදුනාගෙන ඒ උතුමි සත්පුරුෂ ලක්ෂණ වහවහා පුරුදු කළ යුතුය. අලුත ගෙනා මනමාලිය නැන්දා කෙරෙහිත් මාමා කෙරෙහිත් ස්වාමියා කෙරෙහිත් අන්තිම වශයෙන් සේවක සේවිකාවන් කෙරෙහිත් ලොකු ලැජ්ජාවක් ඇයට ඇතිවෙි. එලෙසම අලුත ගෙනා මනමාලිය මෙන් සත්පුරුෂ ධර්ම ආරක්ෂා කළයුතු බව හික්මිය යුතු බව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. එය මෙලොව පරලොව දියුණුව සලසයි.

ශාස්ත‍්‍රපති බටුවංගල සමිද්ධි හිමිඅසත්පුරුෂයාගෙන්  සත්පුරුෂයා වෙන්ව හදුනාගනිමු මි
Samadhi Buddhistisches Meditationscenter
Gierolstr 7
53127 Bonn
0049/ 228/92679138            015212815210

Tuesday, December 17, 2013

වලාකුළු බඳු පුද්ගලයෝ

           
   කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ 
ලොව දුර්ලභය.  බුදු රජාණන් වහන්සේ දුර්ලභ ශ්‍රේෂ්ඨ
උතුමෙකු වන්නේ මෙ උත්තරීතර මනුස්ස ගුණය නිසාය.
එම උතුමි ගුණය පුහුණු කරගන්නැයි අනන්‍යන්ටද දේශනා කළහ. 
පඨම වලාහකසූත‍්‍රය එය සිහිකර වන්නකි.

            සැවැත්හිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්
 අමතා මෙසේ වදාළ සේක. මහණෙනි, වලාකුළු හතරකි. 
ගොරවයි නොවසී. නොගොරවයි වසියි. 
නොගොරවයි නොවසියි. ගොරවයි වසී. මේ වලාකුළු හතරයි.

            එමෙන්ම වලාකුළු බඳු පුද්ගලයෝ සතර 

දෙනෙක් ලොව වසති. ඹවුන් කවරහුද? 
පුද්ගලයා ගොරවන්නෙක් නොවසින්නෙක් වන්නේ කෙසේද?
 කිසිවෙක් කියයි. නොකරයි. මේ පුද්ගලයා ගොරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි.
 නොගරවන වසින පුද්ගලයා කෙබඳුද? 
කිසිවෙක් නොකියයි. කරයි. මොහු නොගොරවන
 වසින පුද්ගලයාය.

            නොගොරවන නොවසින පුද්ගලයා කෙබඳුද? 

කිසිවෙක් නොකියයි. නොකරයි. මොහු නොගරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි. ගොරවන වසින
 පුද්ගලයා කෙබඳුද? කියයි. කරයි. මොහු නොගරවන
 නොවසින වලාකුළ මෙනැයි කියමි. මෙි පුද්ගලයෝ 
 සතර දෙන ලොව වසති.

            පොදු මිනිස් දුර්වලතාවක් නම් කියන තරමට

 ක‍්‍රියා නොකිරීමයි. මෙම පොදු මිනිස් දුර්වලතාවය 
See full size image
ගිහි-පැවිදි හෝ වෙනත්  ඕනෑම සමාජයකට පොදුය. 
නමුත් නැණවත් මිනිසුන්ගේ ලක්ෂණය වන්නේ
මෙවැනි දුර්වලතා නුවණින් මෙනෙහි කොට බැහැර කිරීමයි.

            ඇතැම්විට වර්තමානයේදී යහපත් දේවල්

 නොකරන බව නොපෙන්වීමට වෙනත් අයගෙන්
 සැඟවීමට අතීතයේදී විවිධ දේවල් කළ බවට
 පුරාජේරු දොඩවයි. අතීතයේදී කියවන තරම් 
දේවල් කර නැත. එසේම වර්තමානයේදී විවිධ 
දේ කරන බවට දොඩවයි. නමුත් කියවන තරම් 
දෙයක් නොකරයි. නැතිනම් අනාගතයේදී 
කිරීමට නියමිත යයි බොහෝ දේ ගැන දොඩවයි. 
අතීතයේදීත් වර්තමානයේදීත් කියවන තරම් දේවල් 
නොකළ සහ නොකරන පුද්ගලයාගෙන් අනාගතයේදී 
දොඩවන තරම් කරාවියයි විශ්වාස කළ හැකිද?

             ක‍්‍රියාවට වඩා දෙඩවීම පිරිහීමට හේතුවකි. 

එබඳු කෙනෙකුගේ වචන ඔහු පිළිබදව දන්නා 
අය විශ්වාස නොකරති. ඇතැම් විටෙක ඉඳහිට
 ඇත්ත ප‍්‍රකාශ කළද එයද විශ්වාස නොකරති. 
මහා බොරුකාරයෙක් කට මැද දොඩවන්නෙක්
 වැනි ආකාරයට හඳුනාගෙන බැහැර කරති.

           ඇතැම්විට ක‍්‍රියා නොකොට දොඩවනවා පමණක් 

නොව අනුන් කළ නොකළ දේ ගැනද විෙවිචනය කරයි. 
සමාජ යහපත පිණිස හේතුවන විෙවිචනය අවශ්‍යය. 
නමුත් හුදු විෙවිචනය පමණක් ප‍්‍රයෝජනයක් නැත. 
බොහෝ අයගේ විෙවිචන පදනම් විරහිතය. තමන්ට 
හෝ අනුන්ට වන යහපතක් නැත. අනුන් කළ නොකළ 
දේ සෙවීමෙන් ගැටුම් නිර්මානය ෙවි. එහෙයින් අනුන්
කළ කී දෑ නොව තමන් කළ කී දෑ සෙවීම උතුම් බව බුදු
             රජාණන් වහන්සේ දේශනා දේශනා කළහ.
Image result for thunderstorm and rain 
   අපිද විටින් විට වැහි වළාකුළු බඳු වෙමු. ඇතැම්විට
 කියන දේ කරමු. තවත්වරක උස් හඬින් ගොරවා මදක් 
වසින්නාක් මෙන් ගොඩක් කියවා සුළු වශයෙන් කරමු. 
තවත් අවස්ථාවකදී මදක් ගොරවා මොරසූරන වැහි මෙන් 
මදක් කියමු. විශාල ලෙස ක‍්‍රියා කරමු. එවැන්නොත් 
ලොව දුර්ලභ වෙති.    

           නොගොරවයි නමුත් වසියි. එමෙන්ම නොකියයි
 නමුත් කරයි. එවැන්නෝ ද ලොව දුර්ලභ වෙති. නිහඩව
 තම යුතුකම් සහ වගකීම් මැනවින් ඉටුකරන ශ්‍රේෂ්ට මිනිස්සු සිටිති. 
ගොරවයි වසියි. එමෙන්ම කියයි කරයි. කියන ලෙසම ක‍්‍රියා 
කරන්නෝද දුර්ලභය. සහස්ස වග්ගයේදී බුදු රජාණන් 
වහන්සේ දේශනා කළේ ගථා දහසක් මතක තබාගැනීමට 
වඩා එක යහපත් පදයක අර්ථය පිළිපැදීම උතුම් බවය. 
නිෂ්ප‍්‍රයෝජන වචන දහසකට වඩා එක යහපත් දෙයක් කිරීම උතුම්ය.         

ජර්මනියේ සමාධි විහාරයේ
ශාස්ත‍්‍රපති, විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ

ඉහළම හාස්‌කම යහපත් සිහියයි



Image result for right mindfulness


 ජර්මනියේ සමාධි විහාරයේ ශාස්‌ත්‍රපති, විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර උසස්‌ම සහ විචිත්‍ර දේශනයකි යහපත් සිහිය. එය ගැඹුරු එහෙත් සුන්දර, පුහුණු කරගැනීමට දුෂ්කර නමුත් ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි, මෙලොව දියුණුව සලසන්නකි. සියලු බලයන්ට වඩා එය බලවත්ය. නමුත් අද දවසේදී මෙම ඉගැන්වීම් යටපත් වී ඒ වෙනුවට අසිහියෙන් එකිනෙකා මුදල් පිණිස තරග කරති. ආගමික පරිසරයෙන්ද ප්‍රදර්ශනය වන්නේ එයමය. ඇතැම්හු බුදු වූ බව හෝ රහත් වූ බව ප්‍රචාරය කරන්නේ ලැඡ්ජාවෙන් තොරවය.


දිනක්‌ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමඟ දුර බැහැරක වැඩම කරන අවස්‌ථාවක ගංගාවකින් එතරවීමට සිදුවිය. තොටියා සහ ඔරුව එගොඩ ගොඩෙ බැවින් මද වේලාවක්‌ රැඳී සිටියහ. ඒ අතරතුර වෙනත් ඉගැන්වීමක්‌ අනුගමනය කරන සිත දියුණු කරගත් කෙනෙකු ද ගංගාවෙන් එතරවනු පිණිස පැමිණියේය. ඔහු බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස්‌ කරුණු විචාළේය. 'බුදුරජාණන් වහන්ස, මෙහි රැඳී සිටින්නේ මන්ද? තොටියා ඔරුව මෙගොඩට පදින තෙක්‌ රැඳී සිටිමු යි' බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. 'ඔබ වහන්සේටත් ශ්‍රාවක පිරිsසටත් විවිධ සෘද්ධි බල ඇතැයි අසා ඇත්තෙමි. එය මුසාවක්‌දැයි' අවඥා සහගතව ප්‍රශ්න කළේය.


ඔහු දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළේය. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස ඔරුවෙන් ගංගාව තරණය කළහ. ඊට පෙර තරණය කළ පුද්ගලයා ඔරුව නතර කළ ස්‌ථානයෙහිම වාඩි වී සිටියේය. ඞහු ඉදිරියෙහිම බුදුරජාණන් වහන්සේ තොටියාගෙන් ප්‍රවාහන ගාස්‌තුව කොතෙක්‌දැයි ප්‍රශ්න කළහ. එම මුදල ඉතා සුළුය. වර්තමාන මුදලින් රුපියල් දහයක්‌ තරම්ය. උන් වහන්සේ දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළ පුද්ගලයා දෙසට හැරී 'ඔබ අවුරුදු ගණනාවක්‌ මහන්සියෙන් ඇතිකරගත් බලයෙහි වටිනාකම රුපියල් දහයක්‌දැයි' විචාළහ. ඔහු ලැඡ්ජාවට පත්විය.
Image result for right mindfulness


'ඔබගේ ශ්‍රාවකයන් අනුගමනය කරන්නේ කුමන වත්පිළිවෙත් දැ' යි වෙනත් ආගමික නායකයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ය. මගේ ශ්‍රාවකයෝ ඇවිදින විට ඇවිදිති යි දනිති. සිටගෙන සිටින විට සිටගෙන සිටිතියි දනිති. හාන්සි වී සිටින විට හාන්සි වී සිටිතියි දනිති. ආදී වශයෙන් උන්වහන්සේ විස්‌තර කළහ. සිහියෙන් යුතුව හැම මොහොතකම කටයුතු කිරීම ආශ්චර්යකි. සිතට එන නරක පාපකාරී සිතිවිලි ක්‍රියාත්මක නොකොට යහපත් සිතිවිලි පමණක්‌ ක්‍රියාත්මක කරමින් පවිත්‍රව සාමකාමීව ජීවත්වීමට භාග්‍යය ලැබේ.


සිහියෙන් සෑම විටම කටයුතු කිරීමෙන් පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වැඩේ. ඒ යහපත් දෙයෙහි පමණක්‌ සිහිය පවත්නා බැවිනි. යහපත් සිහියෙන් යුක්‌ත වූ කල්හි තමා විසින් තමන් රැක ගනියි සේදක සූත්‍රයට අනුව ඉවසීම, මෛත්‍රී සිත, අවිහිංසාව, යහපත් වචනය ඇති කෙනා තමනුත් රැකගෙන අනුන් ද රකියි.


යහපත් සිහිය නැති කල්හි අයහපත් සිහිය වැඩේ. ඇතැම්හු අනන්‍යන්ට වඩා තමන් උසස්‌ යයි හුවා දක්‌වති. එවැන්නෝ තමන්ගේ බලවත් බව පෙන්නන්නේ සුවිසල් ගෙවල් වෙනත් ගෘහ උපකරණ ණය වී හෝ මිලදී ගැනීමෙන්ය. නැතිනම් තමන් බලවත් උදවිය හඳුනන බව කීමෙන්ය. එවැන්නෝ බොහෝ විට ගුණ ධර්ම අඩු නොදැහැමි පුද්ගලයන් වටිනා අය ලෙස සලකති. එසේත් නැතිනම් විවිධ සමිති සමාගම්වල නිලතල දැරීමෙන්ය. එවැනි දේ ලබාගැනීමට ඇතැම්හු පොරකති. මෙවැනි හිස්‌ මිනිසුන්ගෙන් යුක්‌ත සමාජයද හිස්‌ය.


අයහපත් සිහිය බලවත් අය දකින දකින දේවල් අත්පත් කරගැනීමට වෙහෙසෙති. වර්තමාන වෙළඳපොළ දෑස්‌ රවට්‌ටන තරම්ය. ස්‌වාභාවික සම්පත් සූරාගෙන මිනිස්‌ අවශ්‍යතාවයන්ට වඩා නිෂ්පාදනය කරති. මෙහිදී අවශ්‍ය දේවල් පමණක්‌ මිලදී ගැනීමට සිහිය ඇති කරගත යුතුය.

රාහුලෝවාද සූත්‍රය යහපත් සිහිය පුහුණු කරගැනීමට වටිනා ලෙස මගපෙන්වයි. කැඩපත හෙවත් කණ්‌නාඩිය ගමනක්‌ බිමනක්‌ යැමට පෙර විරූපී තැන් සුරූපී කරගැනීමට භාවිත කරමු. හිසේ සිට දෙපතුළ තෙක්‌ ඇඟ පසඟ කැඩපතෙන් පරීක්‌ෂා කරමු. එසේම තමන්ගේ හිතට එන සිතුවිලි ක්‍රියාත්මක කිරීêමට පෙර එම ක්‍රියාව තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරිsක්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කළහ.

 Image result for mirror


තමන්ගේ වචන පිට කිරීමට පෙර එම වචන තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි වචන කතා කිරීමට සුදුසු බව දේශනා කළහ.


තමන්ගේ ශරීරය භාවිතයෙන් ක්‍රියා කිරීමට පෙර එම ශාරීරික ක්‍රියා තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ශාරීරික ක්‍රියා කිරීමට සුදුසු බව දේශනා කළහ. මෙලෙස ඇතිකරගන්නා යහපත් සිහිය මහා හාස්‌කමක්‌ මෙන් තමන් විසින් තමන් ආරක්‌ෂා කරගන්නේය. තමන්ට නිතර සැපගෙන දෙන්නේය.