Tuesday, December 17, 2013

ඉහළම හාස්‌කම යහපත් සිහියයි



Image result for right mindfulness


 ජර්මනියේ සමාධි විහාරයේ ශාස්‌ත්‍රපති, විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර උසස්‌ම සහ විචිත්‍ර දේශනයකි යහපත් සිහිය. එය ගැඹුරු එහෙත් සුන්දර, පුහුණු කරගැනීමට දුෂ්කර නමුත් ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි, මෙලොව දියුණුව සලසන්නකි. සියලු බලයන්ට වඩා එය බලවත්ය. නමුත් අද දවසේදී මෙම ඉගැන්වීම් යටපත් වී ඒ වෙනුවට අසිහියෙන් එකිනෙකා මුදල් පිණිස තරග කරති. ආගමික පරිසරයෙන්ද ප්‍රදර්ශනය වන්නේ එයමය. ඇතැම්හු බුදු වූ බව හෝ රහත් වූ බව ප්‍රචාරය කරන්නේ ලැඡ්ජාවෙන් තොරවය.


දිනක්‌ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමඟ දුර බැහැරක වැඩම කරන අවස්‌ථාවක ගංගාවකින් එතරවීමට සිදුවිය. තොටියා සහ ඔරුව එගොඩ ගොඩෙ බැවින් මද වේලාවක්‌ රැඳී සිටියහ. ඒ අතරතුර වෙනත් ඉගැන්වීමක්‌ අනුගමනය කරන සිත දියුණු කරගත් කෙනෙකු ද ගංගාවෙන් එතරවනු පිණිස පැමිණියේය. ඔහු බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස්‌ කරුණු විචාළේය. 'බුදුරජාණන් වහන්ස, මෙහි රැඳී සිටින්නේ මන්ද? තොටියා ඔරුව මෙගොඩට පදින තෙක්‌ රැඳී සිටිමු යි' බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. 'ඔබ වහන්සේටත් ශ්‍රාවක පිරිsසටත් විවිධ සෘද්ධි බල ඇතැයි අසා ඇත්තෙමි. එය මුසාවක්‌දැයි' අවඥා සහගතව ප්‍රශ්න කළේය.


ඔහු දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළේය. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස ඔරුවෙන් ගංගාව තරණය කළහ. ඊට පෙර තරණය කළ පුද්ගලයා ඔරුව නතර කළ ස්‌ථානයෙහිම වාඩි වී සිටියේය. ඞහු ඉදිරියෙහිම බුදුරජාණන් වහන්සේ තොටියාගෙන් ප්‍රවාහන ගාස්‌තුව කොතෙක්‌දැයි ප්‍රශ්න කළහ. එම මුදල ඉතා සුළුය. වර්තමාන මුදලින් රුපියල් දහයක්‌ තරම්ය. උන් වහන්සේ දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළ පුද්ගලයා දෙසට හැරී 'ඔබ අවුරුදු ගණනාවක්‌ මහන්සියෙන් ඇතිකරගත් බලයෙහි වටිනාකම රුපියල් දහයක්‌දැයි' විචාළහ. ඔහු ලැඡ්ජාවට පත්විය.
Image result for right mindfulness


'ඔබගේ ශ්‍රාවකයන් අනුගමනය කරන්නේ කුමන වත්පිළිවෙත් දැ' යි වෙනත් ආගමික නායකයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ය. මගේ ශ්‍රාවකයෝ ඇවිදින විට ඇවිදිති යි දනිති. සිටගෙන සිටින විට සිටගෙන සිටිතියි දනිති. හාන්සි වී සිටින විට හාන්සි වී සිටිතියි දනිති. ආදී වශයෙන් උන්වහන්සේ විස්‌තර කළහ. සිහියෙන් යුතුව හැම මොහොතකම කටයුතු කිරීම ආශ්චර්යකි. සිතට එන නරක පාපකාරී සිතිවිලි ක්‍රියාත්මක නොකොට යහපත් සිතිවිලි පමණක්‌ ක්‍රියාත්මක කරමින් පවිත්‍රව සාමකාමීව ජීවත්වීමට භාග්‍යය ලැබේ.


සිහියෙන් සෑම විටම කටයුතු කිරීමෙන් පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වැඩේ. ඒ යහපත් දෙයෙහි පමණක්‌ සිහිය පවත්නා බැවිනි. යහපත් සිහියෙන් යුක්‌ත වූ කල්හි තමා විසින් තමන් රැක ගනියි සේදක සූත්‍රයට අනුව ඉවසීම, මෛත්‍රී සිත, අවිහිංසාව, යහපත් වචනය ඇති කෙනා තමනුත් රැකගෙන අනුන් ද රකියි.


යහපත් සිහිය නැති කල්හි අයහපත් සිහිය වැඩේ. ඇතැම්හු අනන්‍යන්ට වඩා තමන් උසස්‌ යයි හුවා දක්‌වති. එවැන්නෝ තමන්ගේ බලවත් බව පෙන්නන්නේ සුවිසල් ගෙවල් වෙනත් ගෘහ උපකරණ ණය වී හෝ මිලදී ගැනීමෙන්ය. නැතිනම් තමන් බලවත් උදවිය හඳුනන බව කීමෙන්ය. එවැන්නෝ බොහෝ විට ගුණ ධර්ම අඩු නොදැහැමි පුද්ගලයන් වටිනා අය ලෙස සලකති. එසේත් නැතිනම් විවිධ සමිති සමාගම්වල නිලතල දැරීමෙන්ය. එවැනි දේ ලබාගැනීමට ඇතැම්හු පොරකති. මෙවැනි හිස්‌ මිනිසුන්ගෙන් යුක්‌ත සමාජයද හිස්‌ය.


අයහපත් සිහිය බලවත් අය දකින දකින දේවල් අත්පත් කරගැනීමට වෙහෙසෙති. වර්තමාන වෙළඳපොළ දෑස්‌ රවට්‌ටන තරම්ය. ස්‌වාභාවික සම්පත් සූරාගෙන මිනිස්‌ අවශ්‍යතාවයන්ට වඩා නිෂ්පාදනය කරති. මෙහිදී අවශ්‍ය දේවල් පමණක්‌ මිලදී ගැනීමට සිහිය ඇති කරගත යුතුය.

රාහුලෝවාද සූත්‍රය යහපත් සිහිය පුහුණු කරගැනීමට වටිනා ලෙස මගපෙන්වයි. කැඩපත හෙවත් කණ්‌නාඩිය ගමනක්‌ බිමනක්‌ යැමට පෙර විරූපී තැන් සුරූපී කරගැනීමට භාවිත කරමු. හිසේ සිට දෙපතුළ තෙක්‌ ඇඟ පසඟ කැඩපතෙන් පරීක්‌ෂා කරමු. එසේම තමන්ගේ හිතට එන සිතුවිලි ක්‍රියාත්මක කිරීêමට පෙර එම ක්‍රියාව තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරිsක්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කළහ.

 Image result for mirror


තමන්ගේ වචන පිට කිරීමට පෙර එම වචන තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි වචන කතා කිරීමට සුදුසු බව දේශනා කළහ.


තමන්ගේ ශරීරය භාවිතයෙන් ක්‍රියා කිරීමට පෙර එම ශාරීරික ක්‍රියා තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ශාරීරික ක්‍රියා කිරීමට සුදුසු බව දේශනා කළහ. මෙලෙස ඇතිකරගන්නා යහපත් සිහිය මහා හාස්‌කමක්‌ මෙන් තමන් විසින් තමන් ආරක්‌ෂා කරගන්නේය. තමන්ට නිතර සැපගෙන දෙන්නේය. 


No comments:

Post a Comment