Wednesday, May 25, 2016

ෙච්තනාවෙන් පිරිසිදු වෙමු

මෙය දිවයින පුවත් පතෙහි 2016.04.21 වෙසක් පෝ දින පළ කරණලද ලිපියකි.

පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි

අපි අප විසින්ම හදාගත් සිරගෙවල්වල ජීවත් වෙමු. මේ සිරගෙවල් හදන වඩුවාත් අපිමයි. ඒවා විනාශ කරන්න පුළුවන් වන්නෙත් අපිටමයි. මේ බව හෙළිකරන්න තමයි බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා අපිරිමිත උත්සාහයකින් සිරගෙවල් සිඳ අපටද එම මාර්ගය පෙන්වා දුන්හ.

ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු සිර ගෙවල් සිඳ සම්බෝධියට පැමිණ තම ජයග්‍රාහී උදම් වැකිය ප්‍රකාශයට පත් කළහ. සසර නමැති ගෙය හදන වඩුවා සොයමින් ඇවිද්දෙමි. සොයාගතිමි. ඔබට නැවතත් ගෙය සෑදීමට නොහැක. කැණිමඩල ගලවා සියලු පරාල සිඳලූවෙමි.

නොදැනීම නිසා, අවබෝධය අඩු නිසා විවිධ දේවල්, මතවාද, අදහස්‌ දැඩිව අනවබෝධයෙන් අල්ලා ගත්විට එයින්ම බොහෝ වේදනා විදමු. තමන්ගේ අදහසින් පිට වෙනත් කෙනෙකුගේ අදහසක්‌ හෝ කටයුත්තක්‌ නොපිළිගනියි. තමනුත් නොදැනුවත්වම අන්තවාදී වේ. තමන්ම තමන්ගේ සිරගෙය ගොඩනඟයි.

සියලු දෙයින් නිදහස්‌ වූ බුදුරජාණන් වහන්සේ වරෙක අගානා ධර්මයක්‌ දෙසූහ. එනම් ධර්මයවත් දැඩිව අල්ලා නොගන්නා ලෙසය. ධර්මය පහුරකට උපමා කළ උන්වහන්සේ, ගග තරණය කිරීමට පහුර උපකාර වුවද තරණය කිරීමෙන් පසුව පහුර කරමත ඔසවාගෙන නොයයි. එලෙසම ධර්මය දුක නැති කිරීම පිණිස භාවිත කළද එය අන්ධානුකරණයෙන් අල්ලාගත යුතු නැත.

අන්ධානුකරණයෙන් තොරව බුදු දහම පිළිපැදීමේදී වැදගත්ම පියවර තම ෙච්තනාව පිරිසිදු කරගැනීමය. zෙච්තනාහං භික්‌ඛ වේ කම්මං වදාමි' යනුවෙන් බුදුන් වහන්සේ කර්මය ෙච්තනාව ලෙස දෙසූහ. ෙච්තනාවෙන් පිරිසිදුවීම අධ්‍යාත්මික ජීවිතයේ පදනමයි.

සියලු අත්දැකීම් මනස පෙරටුකොට පවතී. සියලු සිතිවිලි මනසේ උපදී. යම්කිසි කෙනෙකු ප්‍රසන්න මනසක්‌ ඇති කරගනියිද, හෙතෙම කියන දේ, කරන දේ ප්‍රසන්නය. එබඳු සුන්දර තැනැත්තා සුවය, සැනසුම විඳියි. මෙයින් ගම්‍ය වන්නේ ෙච්තනාවෙන් පිරිසිදු වීම කායික මානසික සුවය පිණිස පවතින බව නොවේද?

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උතුම්බව, විශිෂ්ඨ බව, සුවිශේෂ බව පවතින්නේ ෙච්තනාව ප්‍රධානබව උගන්වන නිසාය. තරහව, පළිගැනීම් ෙච්තනා සහිතව තමන්ගේ ආගම ආරක්‌ෂා කිරීමට ගන්නා ක්‍රියා මාර්ග පවා බුදුදහමට පටහැනිය. අනුන්ට නපුර කොට, අධාර්මිකව තමන්ගේ අඹු දරුවන්වත් පෝෂණය නොකළ යුතු බව උන්වහන්සේ දෙසූහ.

සිතන සිතීම සමග, කරන ක්‍රියා සමඟ, පිටකරන වචන සමග තමන්ට මෙත්සිත්, පරිත්‍යාග සිත්, යහපත් දැකීම ඇතිවීම ෙච්තනාවෙන් පිරිසිදු වීමය. සියලු අන්ධකාරයෙන් මිදීමට නම්, නිතර මනසේ සතුට, උපේක්‌ෂාව ර¹ගැනීමට පිරිසිදු ෙච්තනාවෙන් ක්‍රියා කළ යුතුමය. අපිරිසිදු ෙච්තනාවෙන් යහපත් ස්‌වරූපයෙන් හැසිරුණද කිසියම් දවසක හෝ ඒවෙලෙහිම ලැඡ්ජාවට, දුකට පත්වේ.

මෙහිදී කරුණු දෙකක්‌ ගැන විශේෂ අවධානය යොමුකළ හැකිය. 1) යම් කෙනෙකු ෙච්තනාවෙන් අපිරිසිදුව, නමුත් පෙනුමෙන් යහපත් ක්‍රියාවක්‌ කරයි. නිදසුනක්‌ ලෙසá යමක්‌ අපේක්‌ෂාවෙන් කෙනෙක්‌ යමක්‌ තවත් කෙනෙකුට දෙයි. මෙය පෙනුමට යහපත්ය. නමුත් ෙච්තනාව එතරම් පිරිසිදු නැති බැවින් තමන්ට සුව ගෙන නොදේ.

2) පෙනුමෙන් ක්‍රියාව ප්‍රසන්න නොවේ. නමුත් ෙච්තනාව යහපත්ය. නිදසුනක්‌ ලෙස( කෙනෙකුගේ යහපත පිණිස තරමක්‌ තදින් දෙයක්‌ අවධාරණය කරයි. ඔහුගේ යහපත පිණිස එය හේතු වේ. ෙච්තනාව යහපත් බැවින් එබදු දෙයින්ද තමන්ට සුව සැලසේ.

මෙහිදී වැදගත් වන්නේ අවංකකමයි. ෙච්තනාවෙන් පිරිසිදු වීම තමන් තමන්ට අවංකවීමයි. මෙය හෘදසාක්‌ෂියයි. ඊට එකඟ නොවන ඕනෑම ක්‍රියාවකින් පසුතැවේ. ඇතැම්විට ලෞකික ලාභයක්‌ තිබිය හැකිය. එයින් ලබන තෘප්තිය තාවකාලිකය. දීර්ඝකාලීනව පසුතැවෙයි.

යහපත් සිහිය පවත්වාගත යුතු වන්නේ ෙච්තනාව පිරිසිදු කරගැනීමටය. ආයතනයක්‌ රකින මුරකරු ඇතුල්වන අය ගැන පරීක්‌ෂාවෙන් පසුවේ. ආයතනයට අදාළ කෙනෙක්‌ද, නැතිනම් අදාළ නැති කෙනෙක්‌ද, යනුවෙන් සැලකිලිමත් වේ. අදාළ නොවන කෙනෙක්‌ නම් විපරම් කොට ඇතුල්වීම වළක්‌වයි. එසේම සිහිය පවත්වන කෙනා තමන්ගේ ෙච්තනාව ගැන පරීක්‌ෂා කරයි. ෙච්තනාව අපිරිසිදු නම් එයින් වැළකීමට පියවර ගනියි. එයින් අහිතකර ප්‍රතිපල වළක්‌වයි.

මෙලෙස ෙච්තනාව පිරිසිදු කරගන්නා තරමට සියලු සිරගෙවල්වලින් මිදී, නිදහස විඳියි. ඔහු දැන්මම ප්‍රීතියට, සොම්නසට පත්වේ. වර්තමානයේ ප්‍රීතිමත් කෙනා අනාගතයේදීද, සදාකල්හිම ප්‍රීතිමත් වේ.