Sunday, November 26, 2023

බුදු දහම "ආනිසංස බුද්ධාගම" ලෙස රූපානුවර්තනයවීම

....මේ කරන ලද මහා පින්කමේ බලයෙන්....... ආදී ලෙස ගිහි බෞද්ධයනට පින් අනුමෝදන් කිරීම භික්ෂුවගේ පුරුද්දක් මෙන්ම යුතුකමකි. සෑම පින්කමකින්ම ලැබෙන ආනිසංස පිළිවෙලක් ඇත. කැඳ, පැන්, අටපිරිකර පූජාවේ සිට සියල්ල පින්/ කුසල් හෙවත් ආනිසංස මුල්කරගෙන ඇත. මගේ පර්යේෂණයේ අරමුණ නම් බුද්ධාගමේ මේ "රූපානුවර්තනය" සිදු වී ඇති අයුරු කඨිණ පින්කමේ ඉතිහාසය නිරීක්ෂණයෙන් සොයා බැලීමයි. මෙහිදී බුද්ධාගම ලෙස හඳුන්වනු ලබන්නේ ලංකාව, තායිලන්තය, බුරුමය වැනි සමාජයන්හි ජීවමාන "තේරවාදී සංස්කෘතික-බුද්ධාගමයි". අතීතයේදි ඇති වුණු විපරිවර්තනය කුමක් දැයි වර්තමානයෙන් තේරුන්ගත හැකිය. ඒ සඳහා ප්‍රබල ආනිසංසය පින්කම වස් පින්කම හෙවත් කඨිණයයි. කඨිණ චීවරයට ගැසූ ඉදිකටු වාර ගණනට ආනිසංස ලැබෙන බවට දේශනා කරන පාලි භාශා, බෞද්ධ දර්ශනය ගැන දැන උගත් මාහාචාර්ය, අග්ගමහා පණ්ඩිත, කතිකාචාර්ය භික්ෂූන් ද සිටිති. ඒ තරම්ම ආනිසංස බුද්ධාගම මා ංශගත වී ඇත. නාගිත චරිතා ප්‍රදානය නමින් ප්‍රබන්ද කථාන්දරයක් "පරණ බණ පොතක සඳහන් වෙනවා " යයි කියමින් කඨිණ බණ කියයි. එවැනි ප්‍රබන්ද කතාන්දර සුවිශාල ප්‍රමාණ්යක් බෞද්ධ සාහිත්‍යයට අයත්ය. කඨිණ පින්කම යනු ආරාමවලට සහ භික්ෂූන්ට ආදායම් ගෙනදෙන ප්‍රධාන මූලාශ්‍රයයි. එය නොයෙක් ආරාමවල ජනීජනයා විවිධාකාරයෙන් මැනවින් සංවිධානය කරන උත්සවශ්‍රීයෙන් සපිරි පින්කමකි. ගමේ හෝ පළාතේ දායක, දායක නොවන අයගෙන් මුදල් සම්මාදන් කරගනියි. ආරාමයේ අලුත්වැඩියාවලින් පමණක් නතර නොවී නව ඉදිකිරීම් කරයි. ආරාමවලට සහ ආරාමිකයන්ට සියල්සපිරි කාලයක් ලබාදෙන්නේ කඨිණ මහ පින්කමයි. ආගමක පවත්නා ලක්ෂණයක් නම් ආගමිකයන් අඛණ්ඩතාවක් පවත්වාගැනීමයි. වස්පින්කම් හෙවත් කඨිණය තේරවාදීන්ගේ අඛණ්ඩ චාරිත්‍රයකි. අද පවත්නා තේරවාදී බුද්ධාගමේ සැකසුම්/ හැඩගැසීම් කඨිණය සමග බද්ධ වී ඇත. කඨිණයෙන් සැකසී ඇති තේරවාදී බුද්ධාගම "ආනිසංස බුද්ධාගමයි". Meritorious-Buddhism කෘතියේදී ආනිසංස බුද්ධාගන්මේ වර්ධනය අදියර තුනකට ගොනු කර ඇත. 1) භික්ෂූ-සංඝය සංචාරක-තාපස ශ්‍රමණ ජීවන විලාසයේ සිට ආරාමිකයන් තෙක් සන්ක්‍රාන්තවීම පැරණි පාලි මූලාශ්‍රයන් වන මහාවග්ග පාලියේ සහ වෙනත් ත්‍රිපිටක මූලාශ්‍රයන්ට අනුව පෙනීයන්නේ විනය පැනවීම සහ එහිම කොටසක් වන වස්විසීම මගින් බුදුන් ජීවමාන කාලයේදීම සංස්ථාපිත, ධූරාවලීගත ආගමක් පැවැත්මට පැමිණි බවයි. එය පැවති ශ්‍රමණ සම්ප්‍රදායෙන් සම්පූර්ණයෙන් වෙන් වූ සම්ප්‍රධායක් නොවූවාක් මෙන්ම, පැරණි සම්ප්‍රධායද නොවීය. නමුත් ජේතවනය ඇතුළු නව සුවිසල් ආරාමවල වාසය කළ, වස්විසීම වැනි චාරිත්‍ර පුහුණු කළ පිරිසකි. සිවුරු, ආරාම පිළිගැනීමට අවසරය ලත් හෙයින් ඉක්මණින් දේපළ, වත්කම්වලට හිමිකම් කීමට ඉඩ සැකසුණි. ගිහි-පැවිදි අලුත් සම්බන්දයක් හඳුන්වා දුන් බව සිඟාලෝවාද සූත්‍රයෙන්ම පැහැදිලීය. ගිහියාට පැවරුණු කාර්යයන් සහ භික්ෂුවගේ කාර්යයන් වෙන්කර දී ඇත. සංචාරක-තාපස භික්ෂූන් ලෙස කොටසක් දිගටම පරණ විලාසය අනුගමනය කළ අතර තවපිරිසක් දේපළ වත්කම් සහිත ආරාම, අසපු හෝ විහාර පිළිගත් එනම් ආරාමික භික්ෂූන් ලෙසද භික්ෂු සංඝය සැදුම්ලත්තේය. 2) ක්‍රි.පූ. 3 දී රජ්‍ය අනුග්‍රහය ලත් ආගමක් ලෙස ලංකාවවට බුද්ධාගම පාලක ප්‍රබූන්ගේ මැදිහත්වීමෙන් හදුන්වා දෙන විට ගෞතම බුදුන් දවසට වඩා ඉතා සංකීර්ණ තත්වයකට පත්ව තිබී ඇත. වස්විසීම සහ කඨිණය ආරාමවලට වත්කම් ගෙන දෙන වාර්ෂික චාරිත්‍රයක් මෙන්ම පාලක ප්‍රභූන්ගේ මැදිහත්වීම මත සිදු කොට ඇත. දේශපාලනික බලය සහිත ආගමක් බවට පත්විය. බෝධිවන්දනාව, චෛත්‍ය වන්දනා සහිත නව බුද්ධාගමක් ලෙස රූපාණුවර්තනය වී තිබුණි. ලංකාගමනයෙන් 27 වැනි දින වස්විසීමට මිහින්තලේ ලෙන් පූජාවක් සිදු කළ බව මහාවංශය වාර්තා කරයි. මෙය ආරාම විකාශනයේ වැදගත් අවස්ථාවකි. රිටිගල ඇතුළු මධ්‍යම පළාතේ වටිනා වාසස්ථාන ලෙස ඒ වන විට තිබූ ලෙන් භික්ෂූන්ට අත්පත්කරගැනීමට හැකිවිය. වස්විසීම මුල්කරගෙන ක්‍රමයෙන් ආරාම සහ ආරාමික සංස්කෘතියක් ව්‍යාප්ත විය. මෙහිදී අවධාරණය කළයුතු කරුණක් නම් භික්ෂූන් ක්‍රි.පූ. 3 වන සියවස වන විට තවදුරටත් හුදු තාපස පිරිසක් නොවූ බවයි. ජීවන විලාසය තාපසයන් හෙවත් ශ්‍රමණයන් මෙන් සිඟාකෑම හෙවත් පිඬුසිඟීම වැනි දෙයින් යැපුණු සරල සමාගමයක් නොවුණි. පිණ්ඩපාතයේ ‍යෑම අදටත් බෞද්ධ සමාජවල දැකිය හැක. නමුත් එය චාරිත්‍රයකි. සිද්ධාර්ත තවුසා ආහාර සොයා නේරංජනාවට ගිය පිණ්ඩපාත ගමන චාරිත්‍රයකට වඩා ජීවත්වීම අරමුණු කරගත්තකි. අද දිනයේ හික්ශුවක් පිණ්ඩපාතයේ ‍යෑම චාරිත්‍රයක් වන අතර ඇතැම්විට ප්‍රදර්ශනයකි. ක්‍රි.පූ. 3 වන සියවස වන විට භික්ෂූන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් ගිහියන්ට අතිරික්ත නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් දරන්නට සිදු විය. වඩාත් සංවිධානාත්මක ආගමික කණ්ඩායමක් ලෙස දේශපාලන ද අනුග්‍රහය ලැබුණි. 3) ගිහියා උපාසක සිට දායකයා බවට පත්වීම සහ සිවුර සහ භික්ෂුව අරහත් සංකේතවීම "අරහත් ධජය" ලෙස සිවුර ැදුන්වනු ලැබේ. එය දරන්නා භික්ෂුවයි. සිවුරක් නැතිව භික්ෂුවක් පරිකල්පනය කිරීමට තේරවාදී-බෞද්ධයනට නොහැකි වන්නේ භික්ෂුව කඨිණය නම් චාරිත්‍රයෙන් ඉහළ ශුද්ධවන්තයෙක් ලෙස හදුවා දී ඇති හෙයිනි. එකවර මනුස්සයා යන හැඟීමක්, මනුස්සයා ඉක්මවා ගොස් වන්දනාමාන කළ යුක්තෙක් ලෙස යට සහ උඩ මනසේ ක්‍රියාත්මක වේ. චීවර පූජාව සහ භික්ෂූන්ට සත්කාර කිරීම ප්‍රබන්ධකරණය ( fictionalization) කොට ඇත. නාගිත වරිතාප්‍රදානය නිදසුනකි. එහි නාගිත එක බවයක ගිහි උපාසකයෙකි. එම උපාසක දායකයා බවට ද පත් කෙරේ. එනම් අරාමවලට, භ්ක්ෂූන්ට තම ධනයෙන් අනුග්‍රහය දෙන තැනැත්තාය. කඨිණ චීවරය පූජා කිරීමේ ආනිසංසයෙන් ඔහු මේ බවයේදී රහතෙකි එනම් භික්ෂුවකි. මෙම ප්‍රබන්ධකරණය මිනිස් මනස මැනවින් හසුරුවීමට සමත්ය. ප්‍රබන්ධයක අරමුණක් නම් යම් කිසි වශ්‍යතාවයක් සිදුකර වා ගැනීමයි. සිදුකරගැනීමට නියමිත අරමුණ යථාර්තයක් බවට පත් කරගැනීමයි. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය මත පදනම්ව ආරම්භ වන බුදු දහම, කල්යත්ම වෙනත් දිශානතියකට දෝලනය විය. එනම් දුක නම් නැතව ඉපදීමයි. නැවත ඉපදීමකදී වඩාත් යහපත් සැපසම්පත් අනූන තැනක් පාර්ථානා කිරීමට පොළඹවයි. පින්කම් යනු ඒ සඳහා වන මගයි. ම ේ වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෙල්ලිපි සාධක ලෙස යොදාගැනුණි. පාලි මූලාශ්‍ර ද විග්‍රහයන්වලදී භාවිත කළ අතර ජන වහර සහ නූතනයේ ආගමික වෙනස් කම් පිළිබඳව ද අවධානය යොමු කළෙමි. බටුවංගල සමිද්ධි

No comments:

Post a Comment