මුල් පිටුව



සදහම් මෙහෙවර



සියලු සත්වයන්ගේ හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කිරීම සාමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අරමුණයි. බෞද්ධ ඉගැන්වීම් අනුව අධ්‍යාත්මික දියුණුව සහ ලෞකික දියුණුව සමබරව වර්ධනය කිරීමේ මග , සැහල්ලු දිවිපැවැත්ම, නිවන් අවබෝධය සාක්ෂාත් කරවීමට උනන්දු කරවිම සමාධි බෞද්ධ භාවනා මධ්‍යාස්ථානය මගින් සිදු කරනු ලැබේ.




බෞද්ධ දර්ශනය ජීවන දර්ශනයක් ලෙස පුහුණු කිරීම

බුදු රජාණන් වහන්සේ 45 වසරක් ගම් දනව් වැඩමකරමින් සමාජයේ විවිධ තරාතිරම්හි විවිධ ජනයාට ඔවුන්ගේ දුක නැති කොට සතුට ඇතිකරගැනීමට විව්ධ දහම් දෙසූහ. තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමට පෙළඹවීම බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙහි විශේෂත්වයකි. . ක්‍රියාව සහ ප්‍රතිඵලය අතර පවතින අන්තර් සම්බන්ධය නිරීක්ෂණය කිරීම, ණුවනින් විමසීම ධර්මය අනුගමනය කිරීමේ මූලික ක්‍රමවේදයයි. දුක ඇතිකරවන ක්‍රියාවෙන් තොරවීමත්, තමන්ට සහ අනුන්ට යහපත් සතුට ගෙන දෙන ප්‍රතිඵල ඇති ක්‍රියාවන්හි නිරතවීමත් ධර්මය අනුගමනය කරන්නාගේ ක්‍රියා පිළිවෙතයි. ප්‍රතිඵල යහපත් කරවන ක්‍රියාවන් කිරීමට අවශ්‍ය සිහිය පොළඹවා ගතයුතුය. . මෙය සතිය පිහිටුවීම වශයෙන් හැදින් වේ. සතිය පිහිටුවා ගැනීමෙන් සමාධිය වැඩේ. සමාධියෙන් ප්‍රඥාව වැඩේ.

  • භාවනාවට උනන්දු කරවීම
  • බෞද්ධ පින්කම් සංවිධානය කිරීම
  • පාරිසරික සුරක්ෂිතතාවය සහ අධ්‍යාත්මික සුවය පෙන්වාදීම
  • පැරණි භාෂා සහ බෞද්ධ ඉතිහාසය අධ්‍යයනය කිරීම.
ආදී ආගමික සහ සාමාජීය මෙහෙවර වෙනුවෙන් ඔබට පුණ්න්‍යානුමොදනා පූර්වකව ආරාධනා කරමු.



No comments:

Post a Comment