වැඩ සටහන්




යහපත් සිතුවිලි පුබුදමු උතුම් වෙසක් පෝදා


 
වෙසක් පොහොය නිමිත්තෙන් සමාධි බෞද්ධ භාවනා 

මධ්‍යස්ථානයේ පැවැත්වෙන පිංකම් මලාව.

වෙසක් සමය මුල්කරගෙන පැවැත්වෙන වැඩසටහන් බොහෝ දෙනෙකුගේ යහපත සලසමින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ඔබට දැනුම් දෙන්නේ ඉතා සතුටිනි. 14,15 දිනයන්හි ජර්මන් භාෂාවෙන් පැවැති
 (2-Tage-Achtsamkeitsseminar „Die Kunst, innere Stärke zu entwickeln“: Einführung in die fünf Hindernisse und Meditationsarten)

භාවනාවෙන් පංචනීවරණ දුරුකිරීම පිළිබද පැවැති දෙදින වැඩ මුලුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවිය.
 


ඉදිරි වැඩසටහන්
   
  • 21 වන දින වෙසක් පිංකම
  •  
  • 29 වන ඉරුදින බොන් නගර සභාව එක්ව පවත්වන "ලෝක සාමයට මෙත්සිත් පතුරවමු"(Meditation für den Weltfrieden) භාවනා වැඩ සටහන.


කර්මය යනු චේතනාවයි.
 උතුම් චේතනා ඇති පිංවත් තැනැත්තා සුවය, සැනසුම විදියි. නූතයේ බුදුදහම නාමයෙන් බොහෝ දේ සිදු වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ දහම් මග පිළිබද ධර්මානුශාසනාව සමග, දාන,සීල, භාවනා ආදී ප්‍රතිපත්තියට මූලිකත්වය දෙමින්, ජර්මන්, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පැවැත්වෙන් උතුම් වෙසක් පිංකම 21වෙනි සෙනසුරාදා උදේ 9 සිට සවස 4 දක්වා සමාධි බෞද්ධ මධ්‍යස්ථානයෙදී පැවැත් වේ.
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු!




wir laden Euch herzlich ein an der
„Meditation für den Weltfrieden“
mit
Bhante B. Samiddhi vom Samadhi Meditationscenter
am
Sonntag den 29. Mai von 11:00 bis 11.15 Uhr
an der
Bühne vor dem Alten Rathaus, Marktplatz, Bonn-Innenstadt
teilzunehmen.
An diesem Tag möchten wir – im Rahmen des „Vielfalt! Bonner Kultur- und
Begegnungsfests“ – ein Zeichen setzen und für den Weltfrieden meditieren. Wir
wünschen und senden allen Menschen und Lebewesen in der Welt Liebe, Freude
und Mitgefühl.

අයහපත් පුරුදු නුවණින් දුරුලමු, යහපත් පුරුදු සිහියෙන්

 වඩමු.

 
අපගේ ජීවිතය මලක් මෙන් සුන්දරවන්නේ යහපත් පුරුදු ඇති

 තරමටය. කීර්තිය දසත පැතිරේ. සියල්ලෝ ප්‍රිය වෙති.

යහපත් පුරුදු ඇතිකරගන්නා ආකාරය ප්‍රායෝගිකව සාකච්ඡා කරන

 දහම් සභාව සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථාන්යේදී 

 සීල සමාදානය සමග පෙබ.21වන ඉරිදා දින පෙරවරු 10.00 සිට

 පැවැත්වේ.


ඔබසැමට මෙත් සිතින් ආරාධනා කරමු!

සහභාගීවන සියලුදෙනා දුරකථන හෝ විද්‍යුත් තෑපෑලෙන් දැනුම් දෙන මෙන් කාරුණිකව

 ඉල්ලාසිටිමු!





කඨිණ මහපිංකම - 2015




Significance of Kathina
භික්ෂූන් වහන්සේලා සහ ගිහි ජනතාව අතර අධ්‍යාත්මික සම්බන්ධතාවය තහවුරු කිරීම කඨිණ චීවර පූජාවේ හරයයි. සම්බන්ධතාවයක් ශක්තිමත් වන්නේ විශ්වාසය මතය. කරුණාව,දයාව සහ ගෞරවය සමග භික්ෂුව සහ ගිහි ජනතාව අතර අධ්‍යාත්මික සම්බන්ධතාවක් ගොඩ නැගෙන්නේ අන්නොන්‍ය අවබෝදය මතය. එවැනි සම්බන්ධතාවක් හෝ හැගීමක් ඇතිව කඨිණ චීවර පූජාවට දායකත්වය දරන්නේ නම් බෙහෙවින් ආනිසංසදායක වනු ඇත. 

අධ්‍යාත්මික සම්බන්ධතාවය ශක්තිමත් කරමින් මෙම වර්ෂයේද සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී මහත් ආනිසංසදායක කඨිණ මහ පිංකම නොවැම්බර් මස 08 වන දින උදේ 10.00 සිට දහවල් 2.30 තෙක් සම්භාවනීය අන්දමින් පැවැත් වේ.

මෙම උතුම් අවස්ථාවට දායකත්වය දරමින් සියලු යහපත සලසා ගන්නාක් ඔබට මෙත් සිතින් ආරාධනා කරමු!
 සමාධි බෞද්ධ මධ්‍යස්ථානය 

Samadhi Meditation Center


 සතියේ වැඩසටහන

බදාදා :    පස්වරු 7:00 ට ගිලන්පස පූජාව සහපිරිත් සජ්ඣායනය
                           7 :30 ට භාවනා
                            8:00 ධර්ම සාකච්ඡා

සිකුරාදා :  පස්වරු 7:00 ට ගිලන්පස පූජාව සහපිරිත් සජ්ඣායනය
                           7 :30 ට භාවනා
                            8:00 ධර්ම සාකච්ඡා

සෙනසුරදා උදයවරුව : පෙරවරු 10:00 -11:00 සතිය පුහුණුකරමු 

සෙනසුරාදා : පස්වරු 7:00 ට ගිලන්පස පූජාව සහපිරිත් සජ්ඣායනය
                           7 :30 ට භාවනා
                            8:00 ධර්ම සාකච්ඡා

No comments:

Post a Comment