Tuesday, December 17, 2013

වලාකුළු බඳු පුද්ගලයෝ

           
   කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ 
ලොව දුර්ලභය.  බුදු රජාණන් වහන්සේ දුර්ලභ ශ්‍රේෂ්ඨ
උතුමෙකු වන්නේ මෙ උත්තරීතර මනුස්ස ගුණය නිසාය.
එම උතුමි ගුණය පුහුණු කරගන්නැයි අනන්‍යන්ටද දේශනා කළහ. 
පඨම වලාහකසූත‍්‍රය එය සිහිකර වන්නකි.

            සැවැත්හිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්
 අමතා මෙසේ වදාළ සේක. මහණෙනි, වලාකුළු හතරකි. 
ගොරවයි නොවසී. නොගොරවයි වසියි. 
නොගොරවයි නොවසියි. ගොරවයි වසී. මේ වලාකුළු හතරයි.

            එමෙන්ම වලාකුළු බඳු පුද්ගලයෝ සතර 

දෙනෙක් ලොව වසති. ඹවුන් කවරහුද? 
පුද්ගලයා ගොරවන්නෙක් නොවසින්නෙක් වන්නේ කෙසේද?
 කිසිවෙක් කියයි. නොකරයි. මේ පුද්ගලයා ගොරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි.
 නොගරවන වසින පුද්ගලයා කෙබඳුද? 
කිසිවෙක් නොකියයි. කරයි. මොහු නොගොරවන
 වසින පුද්ගලයාය.

            නොගොරවන නොවසින පුද්ගලයා කෙබඳුද? 

කිසිවෙක් නොකියයි. නොකරයි. මොහු නොගරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි. ගොරවන වසින
 පුද්ගලයා කෙබඳුද? කියයි. කරයි. මොහු නොගරවන
 නොවසින වලාකුළ මෙනැයි කියමි. මෙි පුද්ගලයෝ 
 සතර දෙන ලොව වසති.

            පොදු මිනිස් දුර්වලතාවක් නම් කියන තරමට

 ක‍්‍රියා නොකිරීමයි. මෙම පොදු මිනිස් දුර්වලතාවය 
See full size image
ගිහි-පැවිදි හෝ වෙනත්  ඕනෑම සමාජයකට පොදුය. 
නමුත් නැණවත් මිනිසුන්ගේ ලක්ෂණය වන්නේ
මෙවැනි දුර්වලතා නුවණින් මෙනෙහි කොට බැහැර කිරීමයි.

            ඇතැම්විට වර්තමානයේදී යහපත් දේවල්

 නොකරන බව නොපෙන්වීමට වෙනත් අයගෙන්
 සැඟවීමට අතීතයේදී විවිධ දේවල් කළ බවට
 පුරාජේරු දොඩවයි. අතීතයේදී කියවන තරම් 
දේවල් කර නැත. එසේම වර්තමානයේදී විවිධ 
දේ කරන බවට දොඩවයි. නමුත් කියවන තරම් 
දෙයක් නොකරයි. නැතිනම් අනාගතයේදී 
කිරීමට නියමිත යයි බොහෝ දේ ගැන දොඩවයි. 
අතීතයේදීත් වර්තමානයේදීත් කියවන තරම් දේවල් 
නොකළ සහ නොකරන පුද්ගලයාගෙන් අනාගතයේදී 
දොඩවන තරම් කරාවියයි විශ්වාස කළ හැකිද?

             ක‍්‍රියාවට වඩා දෙඩවීම පිරිහීමට හේතුවකි. 

එබඳු කෙනෙකුගේ වචන ඔහු පිළිබදව දන්නා 
අය විශ්වාස නොකරති. ඇතැම් විටෙක ඉඳහිට
 ඇත්ත ප‍්‍රකාශ කළද එයද විශ්වාස නොකරති. 
මහා බොරුකාරයෙක් කට මැද දොඩවන්නෙක්
 වැනි ආකාරයට හඳුනාගෙන බැහැර කරති.

           ඇතැම්විට ක‍්‍රියා නොකොට දොඩවනවා පමණක් 

නොව අනුන් කළ නොකළ දේ ගැනද විෙවිචනය කරයි. 
සමාජ යහපත පිණිස හේතුවන විෙවිචනය අවශ්‍යය. 
නමුත් හුදු විෙවිචනය පමණක් ප‍්‍රයෝජනයක් නැත. 
බොහෝ අයගේ විෙවිචන පදනම් විරහිතය. තමන්ට 
හෝ අනුන්ට වන යහපතක් නැත. අනුන් කළ නොකළ 
දේ සෙවීමෙන් ගැටුම් නිර්මානය ෙවි. එහෙයින් අනුන්
කළ කී දෑ නොව තමන් කළ කී දෑ සෙවීම උතුම් බව බුදු
             රජාණන් වහන්සේ දේශනා දේශනා කළහ.
Image result for thunderstorm and rain 
   අපිද විටින් විට වැහි වළාකුළු බඳු වෙමු. ඇතැම්විට
 කියන දේ කරමු. තවත්වරක උස් හඬින් ගොරවා මදක් 
වසින්නාක් මෙන් ගොඩක් කියවා සුළු වශයෙන් කරමු. 
තවත් අවස්ථාවකදී මදක් ගොරවා මොරසූරන වැහි මෙන් 
මදක් කියමු. විශාල ලෙස ක‍්‍රියා කරමු. එවැන්නොත් 
ලොව දුර්ලභ වෙති.    

           නොගොරවයි නමුත් වසියි. එමෙන්ම නොකියයි
 නමුත් කරයි. එවැන්නෝ ද ලොව දුර්ලභ වෙති. නිහඩව
 තම යුතුකම් සහ වගකීම් මැනවින් ඉටුකරන ශ්‍රේෂ්ට මිනිස්සු සිටිති. 
ගොරවයි වසියි. එමෙන්ම කියයි කරයි. කියන ලෙසම ක‍්‍රියා 
කරන්නෝද දුර්ලභය. සහස්ස වග්ගයේදී බුදු රජාණන් 
වහන්සේ දේශනා කළේ ගථා දහසක් මතක තබාගැනීමට 
වඩා එක යහපත් පදයක අර්ථය පිළිපැදීම උතුම් බවය. 
නිෂ්ප‍්‍රයෝජන වචන දහසකට වඩා එක යහපත් දෙයක් කිරීම උතුම්ය.         

ජර්මනියේ සමාධි විහාරයේ
ශාස්ත‍්‍රපති, විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ

1 comment:

  1. සාදු සාදු සාදු !!! හිමියනි , දහම් අවවාදය නම් හරිම අෙගයි.මටත් ෙවලාවකට හිෙතනව ෙගාරව ෙගාරවා වහින්නැති වළාකළක් ද කියල.සමහර ෙවලාවට අපි යම් යම් ෙද් කරන්න කියා ඉල්ලු ෙවලාවට අපි ඒය කර දීමට ෙපාෙරාන්දු ෙවනව.නමුත් කරන්න බැරි ෙවන අවස්ථාත් තිෙයනවා.ඒ් ගැන හිෙතනෙකාට පුංචි දුකක=ත් අැතිෙවනවා.ඒ් නිසා මට හිෙතන්ෙන් කවුරුන් ෙහා් ඉල්ලීමක් කළ පමණින් අපි භාර ගන්න ඒක ෙහාද ෙදයක් නැහැ කියල.අහන ෙකනා සතුටු කරන්න අපි භාර ගන්න ෙහාද නැහැ.
    ඒ වෙග්ම මට හිෙතනවා ෙම් යථා වාදී තථා කාරී ගුණය බුදු පච්ෙච්ක බුද්ධ මහ රහත් හා ෙබාසත් ගුණයක් කියල.

    ReplyDelete