Tuesday, December 17, 2013

වලාකුළු බඳු පුද්ගලයෝ

           
   කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ 
ලොව දුර්ලභය.  බුදු රජාණන් වහන්සේ දුර්ලභ ශ්‍රේෂ්ඨ
උතුමෙකු වන්නේ මෙ උත්තරීතර මනුස්ස ගුණය නිසාය.
එම උතුමි ගුණය පුහුණු කරගන්නැයි අනන්‍යන්ටද දේශනා කළහ. 
පඨම වලාහකසූත‍්‍රය එය සිහිකර වන්නකි.

            සැවැත්හිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්
 අමතා මෙසේ වදාළ සේක. මහණෙනි, වලාකුළු හතරකි. 
ගොරවයි නොවසී. නොගොරවයි වසියි. 
නොගොරවයි නොවසියි. ගොරවයි වසී. මේ වලාකුළු හතරයි.

            එමෙන්ම වලාකුළු බඳු පුද්ගලයෝ සතර 

දෙනෙක් ලොව වසති. ඹවුන් කවරහුද? 
පුද්ගලයා ගොරවන්නෙක් නොවසින්නෙක් වන්නේ කෙසේද?
 කිසිවෙක් කියයි. නොකරයි. මේ පුද්ගලයා ගොරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි.
 නොගරවන වසින පුද්ගලයා කෙබඳුද? 
කිසිවෙක් නොකියයි. කරයි. මොහු නොගොරවන
 වසින පුද්ගලයාය.

            නොගොරවන නොවසින පුද්ගලයා කෙබඳුද? 

කිසිවෙක් නොකියයි. නොකරයි. මොහු නොගරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි. ගොරවන වසින
 පුද්ගලයා කෙබඳුද? කියයි. කරයි. මොහු නොගරවන
 නොවසින වලාකුළ මෙනැයි කියමි. මෙි පුද්ගලයෝ 
 සතර දෙන ලොව වසති.

            පොදු මිනිස් දුර්වලතාවක් නම් කියන තරමට

 ක‍්‍රියා නොකිරීමයි. මෙම පොදු මිනිස් දුර්වලතාවය 
See full size image
ගිහි-පැවිදි හෝ වෙනත්  ඕනෑම සමාජයකට පොදුය. 
නමුත් නැණවත් මිනිසුන්ගේ ලක්ෂණය වන්නේ
මෙවැනි දුර්වලතා නුවණින් මෙනෙහි කොට බැහැර කිරීමයි.

            ඇතැම්විට වර්තමානයේදී යහපත් දේවල්

 නොකරන බව නොපෙන්වීමට වෙනත් අයගෙන්
 සැඟවීමට අතීතයේදී විවිධ දේවල් කළ බවට
 පුරාජේරු දොඩවයි. අතීතයේදී කියවන තරම් 
දේවල් කර නැත. එසේම වර්තමානයේදී විවිධ 
දේ කරන බවට දොඩවයි. නමුත් කියවන තරම් 
දෙයක් නොකරයි. නැතිනම් අනාගතයේදී 
කිරීමට නියමිත යයි බොහෝ දේ ගැන දොඩවයි. 
අතීතයේදීත් වර්තමානයේදීත් කියවන තරම් දේවල් 
නොකළ සහ නොකරන පුද්ගලයාගෙන් අනාගතයේදී 
දොඩවන තරම් කරාවියයි විශ්වාස කළ හැකිද?

             ක‍්‍රියාවට වඩා දෙඩවීම පිරිහීමට හේතුවකි. 

එබඳු කෙනෙකුගේ වචන ඔහු පිළිබදව දන්නා 
අය විශ්වාස නොකරති. ඇතැම් විටෙක ඉඳහිට
 ඇත්ත ප‍්‍රකාශ කළද එයද විශ්වාස නොකරති. 
මහා බොරුකාරයෙක් කට මැද දොඩවන්නෙක්
 වැනි ආකාරයට හඳුනාගෙන බැහැර කරති.

           ඇතැම්විට ක‍්‍රියා නොකොට දොඩවනවා පමණක් 

නොව අනුන් කළ නොකළ දේ ගැනද විෙවිචනය කරයි. 
සමාජ යහපත පිණිස හේතුවන විෙවිචනය අවශ්‍යය. 
නමුත් හුදු විෙවිචනය පමණක් ප‍්‍රයෝජනයක් නැත. 
බොහෝ අයගේ විෙවිචන පදනම් විරහිතය. තමන්ට 
හෝ අනුන්ට වන යහපතක් නැත. අනුන් කළ නොකළ 
දේ සෙවීමෙන් ගැටුම් නිර්මානය ෙවි. එහෙයින් අනුන්
කළ කී දෑ නොව තමන් කළ කී දෑ සෙවීම උතුම් බව බුදු
             රජාණන් වහන්සේ දේශනා දේශනා කළහ.
Image result for thunderstorm and rain 
   අපිද විටින් විට වැහි වළාකුළු බඳු වෙමු. ඇතැම්විට
 කියන දේ කරමු. තවත්වරක උස් හඬින් ගොරවා මදක් 
වසින්නාක් මෙන් ගොඩක් කියවා සුළු වශයෙන් කරමු. 
තවත් අවස්ථාවකදී මදක් ගොරවා මොරසූරන වැහි මෙන් 
මදක් කියමු. විශාල ලෙස ක‍්‍රියා කරමු. එවැන්නොත් 
ලොව දුර්ලභ වෙති.    

           නොගොරවයි නමුත් වසියි. එමෙන්ම නොකියයි
 නමුත් කරයි. එවැන්නෝ ද ලොව දුර්ලභ වෙති. නිහඩව
 තම යුතුකම් සහ වගකීම් මැනවින් ඉටුකරන ශ්‍රේෂ්ට මිනිස්සු සිටිති. 
ගොරවයි වසියි. එමෙන්ම කියයි කරයි. කියන ලෙසම ක‍්‍රියා 
කරන්නෝද දුර්ලභය. සහස්ස වග්ගයේදී බුදු රජාණන් 
වහන්සේ දේශනා කළේ ගථා දහසක් මතක තබාගැනීමට 
වඩා එක යහපත් පදයක අර්ථය පිළිපැදීම උතුම් බවය. 
නිෂ්ප‍්‍රයෝජන වචන දහසකට වඩා එක යහපත් දෙයක් කිරීම උතුම්ය.         

ජර්මනියේ සමාධි විහාරයේ
ශාස්ත‍්‍රපති, විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ

ඉහළම හාස්‌කම යහපත් සිහියයි



Image result for right mindfulness


 ජර්මනියේ සමාධි විහාරයේ ශාස්‌ත්‍රපති, විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර උසස්‌ම සහ විචිත්‍ර දේශනයකි යහපත් සිහිය. එය ගැඹුරු එහෙත් සුන්දර, පුහුණු කරගැනීමට දුෂ්කර නමුත් ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි, මෙලොව දියුණුව සලසන්නකි. සියලු බලයන්ට වඩා එය බලවත්ය. නමුත් අද දවසේදී මෙම ඉගැන්වීම් යටපත් වී ඒ වෙනුවට අසිහියෙන් එකිනෙකා මුදල් පිණිස තරග කරති. ආගමික පරිසරයෙන්ද ප්‍රදර්ශනය වන්නේ එයමය. ඇතැම්හු බුදු වූ බව හෝ රහත් වූ බව ප්‍රචාරය කරන්නේ ලැඡ්ජාවෙන් තොරවය.


දිනක්‌ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමඟ දුර බැහැරක වැඩම කරන අවස්‌ථාවක ගංගාවකින් එතරවීමට සිදුවිය. තොටියා සහ ඔරුව එගොඩ ගොඩෙ බැවින් මද වේලාවක්‌ රැඳී සිටියහ. ඒ අතරතුර වෙනත් ඉගැන්වීමක්‌ අනුගමනය කරන සිත දියුණු කරගත් කෙනෙකු ද ගංගාවෙන් එතරවනු පිණිස පැමිණියේය. ඔහු බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස්‌ කරුණු විචාළේය. 'බුදුරජාණන් වහන්ස, මෙහි රැඳී සිටින්නේ මන්ද? තොටියා ඔරුව මෙගොඩට පදින තෙක්‌ රැඳී සිටිමු යි' බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. 'ඔබ වහන්සේටත් ශ්‍රාවක පිරිsසටත් විවිධ සෘද්ධි බල ඇතැයි අසා ඇත්තෙමි. එය මුසාවක්‌දැයි' අවඥා සහගතව ප්‍රශ්න කළේය.


ඔහු දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළේය. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස ඔරුවෙන් ගංගාව තරණය කළහ. ඊට පෙර තරණය කළ පුද්ගලයා ඔරුව නතර කළ ස්‌ථානයෙහිම වාඩි වී සිටියේය. ඞහු ඉදිරියෙහිම බුදුරජාණන් වහන්සේ තොටියාගෙන් ප්‍රවාහන ගාස්‌තුව කොතෙක්‌දැයි ප්‍රශ්න කළහ. එම මුදල ඉතා සුළුය. වර්තමාන මුදලින් රුපියල් දහයක්‌ තරම්ය. උන් වහන්සේ දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළ පුද්ගලයා දෙසට හැරී 'ඔබ අවුරුදු ගණනාවක්‌ මහන්සියෙන් ඇතිකරගත් බලයෙහි වටිනාකම රුපියල් දහයක්‌දැයි' විචාළහ. ඔහු ලැඡ්ජාවට පත්විය.
Image result for right mindfulness


'ඔබගේ ශ්‍රාවකයන් අනුගමනය කරන්නේ කුමන වත්පිළිවෙත් දැ' යි වෙනත් ආගමික නායකයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ය. මගේ ශ්‍රාවකයෝ ඇවිදින විට ඇවිදිති යි දනිති. සිටගෙන සිටින විට සිටගෙන සිටිතියි දනිති. හාන්සි වී සිටින විට හාන්සි වී සිටිතියි දනිති. ආදී වශයෙන් උන්වහන්සේ විස්‌තර කළහ. සිහියෙන් යුතුව හැම මොහොතකම කටයුතු කිරීම ආශ්චර්යකි. සිතට එන නරක පාපකාරී සිතිවිලි ක්‍රියාත්මක නොකොට යහපත් සිතිවිලි පමණක්‌ ක්‍රියාත්මක කරමින් පවිත්‍රව සාමකාමීව ජීවත්වීමට භාග්‍යය ලැබේ.


සිහියෙන් සෑම විටම කටයුතු කිරීමෙන් පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වැඩේ. ඒ යහපත් දෙයෙහි පමණක්‌ සිහිය පවත්නා බැවිනි. යහපත් සිහියෙන් යුක්‌ත වූ කල්හි තමා විසින් තමන් රැක ගනියි සේදක සූත්‍රයට අනුව ඉවසීම, මෛත්‍රී සිත, අවිහිංසාව, යහපත් වචනය ඇති කෙනා තමනුත් රැකගෙන අනුන් ද රකියි.


යහපත් සිහිය නැති කල්හි අයහපත් සිහිය වැඩේ. ඇතැම්හු අනන්‍යන්ට වඩා තමන් උසස්‌ යයි හුවා දක්‌වති. එවැන්නෝ තමන්ගේ බලවත් බව පෙන්නන්නේ සුවිසල් ගෙවල් වෙනත් ගෘහ උපකරණ ණය වී හෝ මිලදී ගැනීමෙන්ය. නැතිනම් තමන් බලවත් උදවිය හඳුනන බව කීමෙන්ය. එවැන්නෝ බොහෝ විට ගුණ ධර්ම අඩු නොදැහැමි පුද්ගලයන් වටිනා අය ලෙස සලකති. එසේත් නැතිනම් විවිධ සමිති සමාගම්වල නිලතල දැරීමෙන්ය. එවැනි දේ ලබාගැනීමට ඇතැම්හු පොරකති. මෙවැනි හිස්‌ මිනිසුන්ගෙන් යුක්‌ත සමාජයද හිස්‌ය.


අයහපත් සිහිය බලවත් අය දකින දකින දේවල් අත්පත් කරගැනීමට වෙහෙසෙති. වර්තමාන වෙළඳපොළ දෑස්‌ රවට්‌ටන තරම්ය. ස්‌වාභාවික සම්පත් සූරාගෙන මිනිස්‌ අවශ්‍යතාවයන්ට වඩා නිෂ්පාදනය කරති. මෙහිදී අවශ්‍ය දේවල් පමණක්‌ මිලදී ගැනීමට සිහිය ඇති කරගත යුතුය.

රාහුලෝවාද සූත්‍රය යහපත් සිහිය පුහුණු කරගැනීමට වටිනා ලෙස මගපෙන්වයි. කැඩපත හෙවත් කණ්‌නාඩිය ගමනක්‌ බිමනක්‌ යැමට පෙර විරූපී තැන් සුරූපී කරගැනීමට භාවිත කරමු. හිසේ සිට දෙපතුළ තෙක්‌ ඇඟ පසඟ කැඩපතෙන් පරීක්‌ෂා කරමු. එසේම තමන්ගේ හිතට එන සිතුවිලි ක්‍රියාත්මක කිරීêමට පෙර එම ක්‍රියාව තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරිsක්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කළහ.

 Image result for mirror


තමන්ගේ වචන පිට කිරීමට පෙර එම වචන තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි වචන කතා කිරීමට සුදුසු බව දේශනා කළහ.


තමන්ගේ ශරීරය භාවිතයෙන් ක්‍රියා කිරීමට පෙර එම ශාරීරික ක්‍රියා තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ශාරීරික ක්‍රියා කිරීමට සුදුසු බව දේශනා කළහ. මෙලෙස ඇතිකරගන්නා යහපත් සිහිය මහා හාස්‌කමක්‌ මෙන් තමන් විසින් තමන් ආරක්‌ෂා කරගන්නේය. තමන්ට නිතර සැපගෙන දෙන්නේය.