Monday, August 24, 2015

යහපත වැඩිකිරීම සුන්දරය, විසිතුරුය



ශ්‍රාස්‌ත්‍රපති බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය


හැමෝටම වැරදි තිබේ. වැරැදි නොකරන, අයහපත නොකරන අය දුෂ්කරය. ප්‍රඥාවන්තයින් සැමවිටම උත්සහ කරන්නේ අයහපත සිදුවන වාර ගණන අඩු කිරීමටය. ඒ සදහා කදිම අභ්‍යාසයකි අනුන් කළ නොකළ දේගැන හාර අවුස්‌සනවා වෙනුවට තමන් කළ නොකළ දේගැන අවධානය යොමු කිරීම.

අපි කැමතියි 'මම' කියන පුද්ගලයා අනෙක්‌ සියලුදෙනාට වඩා උසස්‌ යෑයි හුවාදක්‌වන්න. මගේ මොකුත්ම වැරදි නැහැ, අනෙක්‌ අය තමයි වැරදි කියලා ඇඟිල්ල දිගුවන්නේ ඒ නිසයි. අර කෙනා දුෂ්ටයි. අර කෙනා නපුරු යෑයි කියන්නේ නොදැනුවත්වම අප ළඟ එවැනි අයහපත් ගති තිබෙන නිසාය. මෙය කියවන ඔබ මේ ලියවිල්ල ගැනත්, මා ගැනැත් නපුරු සිතින් යමක්‌ ප්‍රකාශ කළොත් මම ඒ ගැන සානුකම්පිතයි. මන්දයත් මෝහයෙන් අපගේ මනස වෙලාගනිද්දී අප කරන කියන දේ ගැන අපගේ සිහිය නොපවතින්නේය.

මෝහයෙන් මුලාවී ද්වේශයෙන් වැඩියෙන්ම වැරදි දැක වෛරයෙන් චෝදනා කරන්නේ තමන් ගේම සහෝදර සහෝදරියන්ටය. නැතිනම් ඤාතීන්ට, මිතුරන්ට හෝ අසල්වැසියන්ටය. එයින් සිදුවන්නේ තම හාත්පස නැතිනම් තම අවට සතුරු වළල්ලක්‌ හදාගැනීමයි. ඒ පමණක්‌ නොව සතුරු වළල්ල තුළ මානසිකව වෛරය නමැති ගින්නෙන් නිතරම තමා විසින් තමාම පුළුස්‌සා ගනියි.

සැබවින්ම වෙනසකට පත්වීමට අවශ්‍ය නම් ක්‍රියාවලිය ආපසු හැරවිය යුතුය. අනුන්ගේ වැරදි නොසෙවිය යුතුයි. අනුන්ගේ වැරදි සැලකිල්ලට ගැනීම අපගේ කාර්යයක්‌ නොවේ. ඊට අයිතියක්‌ද අපට කිසිවෙක්‌ දී නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ ස්‌වාමියා තමන්ම බව. විමුක්‌තිය වෙනත් බලවේගයක්‌ හෝ අසම පුද්ගලයෙක්‌ අප වෙත ගෙනත් පූජාකිරීමක්‌ නොවේ. විමුක්‌තිය වෙත එවැනි බලවේගයක්‌ හෝ අසම පුද්ගලයෙක්‌ විසින් අප කැඳවා නොගෙනයයි. විමුක්‌තිය ඇති කරගැනීම තම ක්‍රියාවලිය තුළ පවතින්නකි. එහෙයින් තම ක්‍රියාවලිය වෙනසකට භාජනය කළ යුතුය.



අනුන් ගේ වැරදි අඩු පාඩු නොසොයා ඔබගේ වැරදි අඩුපාඩු සෙවීම නොකඩවාම කළ යුතුය. නමුත් එය කියන තරම් ලෙහෙසි නැත. අමාරුවෙන් හෝ පුරුදු කරගත්තොත් තමන්ට අසීමිත අදියාත්මික දියුණුවක්‌ ඇති කරගැනීමට හැකිය. සැහැල්ලු, ප්‍රීති සහිත මනසක්‌ ඇතිව ජීවත් විය හැකිය. සමාජයේ වැරැදි අඩුපාඩු දකිමින් සමාජයට වෛර කිරීම පසෙකලා තමන් කළ යුතු දේ ගැන සවිඥානික වන්නේ නම් සමාජයේ ගෞරවයට පාත්‍ර වන්නේය.

තමන්ගේ වැරදි දෙස සැලකිලිමත් විය යුත්තේ පසු තැවීමට නොවේ. නිවැරදි මාවතට ප්‍රවිශ්ටවීමටය. මනස යහපත, නිවැරදි දේ ගැන සැලකිලිමත් වන තරමට යහපත් සිහිය වැඩේ. යහපත් සිහිය ඇති ප්‍රඥාවන්තයා තම මනසෙහි ජනිත වන සිතුවිලිවල වහලෙක්‌ බවට පත්නොවේ. එසේත් නැතිනම් හිතන හිතන දේ කරන්නන්වාලේ කරන්නෙකු බවට පත්නොවේ. හිතට එන දේ අනුව කථා කරන්නෙකු බවට පත්නොවේ. එළඹගත් සිහියෙන් යුතුව, ක්‍රියා කිරීමට පෙර එම ක්‍රියාවෙන් ඇති විය හැකි ප්‍රතිඵල ගැන විමසයි. තමන්ට සහ අනුන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දේ නම් එවැනි ක්‍රියාවෙන් වැළකිය යුතුය. කථා කිරීමේදී වචන තමන්ට සහ වෙනත් අයට අහිතකර තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී පීඩන මානසිකත්වයන් ඇති කරයි නම්, එවැනි කථාවෙන් වැළකිය යුතුය.

වර්තමානය යහපත් කරගැනීමට අතීත වැරදි සිහිපත් කිරීම වඩාත් බුද්ධිගෝචරයයි අදහසක්‌ පවතී. නමුත් සෑමවීටම එසේ නොවේ. අතීතය සිහිකිරීමෙන් කනගාටුව, පසුතැවීම, ද්වේශ සහගත සිතිවිලි ඇති වේ නම් ඒ ගැන සිහිකිරීම, කථා කිරීම නොකළ යුත්තකි. අතීත අත්දැකීම් අපගේ විඤ්ඤාණයෙහි රැඳී පවත්නේය. එවැනි තවත් අවස්‌ථාවකට අප මුහුණ දෙන කල්හී විඤ්ඤාණගත අත්දැකීම් අපට ඒ බව වහා සිහිගන්වයි. මෙම තත්ත්වය බුද්ධිමත් බව ලෙස අපි හදුන්වමු. එය හැකියාවකි. හැකියාව තියුණු ලෙස භාවිතා කිරීම තුළ නැවත අතීත ආකාරයේ අභාHයන්වලට ගොදුරු නොවේ.

අතීත අද්දැකීම් සිහිපත් කරනවා නම් සිහිකළ යුත්තේ වර්තමානය යහපත් කරගැනීමට අදාළ අද්දැකීම් ය. එහිදී අතීත යහපත් දේ සිහිකිරීම වඩාත් ප්‍රයෝජනවත් ය. එය චිත්ත ප්‍රීතිය ඇතිකරයි. එම සිහිහැන්වීම වර්තමානයේදී යහපතෙහි නියෑලීමේ වාරගණන වැඩි කිරීමට අප පොළඹවයි. තමා විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ හදුනාගෙන කළ යුතු යහපත වැඩි කිරීමට, ප්‍රසාරණ කිරීමට සවිඤ්ඤාණක බව වැඩීම අතිශයින්ම විසිතුරුය. සුන්දරය.

Wednesday, July 30, 2014

අසත්පුරුෂයාගෙන් සත්පුරුෂයා වෙන්ව හදුනාගනිමු



අපි විවිධ මිනිසුන් ඇසුරු කරන්නෙමු. එයිනුත් ඇතැමහු නිසා විවිධ කරදරවලට ලක්වන්නෙමු. ආරමිභයේදී සත්පුරුෂයෙකැයි හදුනාගන්නා පුද්ගලයා කල්යත්ම හානිදායක වෙි. එමෙන්ම ආරමිභයේදී අසත්පුරුෂයෙකැයි හදුනාගන්නා තැනැත්තා කල්යත්ම සත්පුරුෂයෙකැයි හැගෙයි. මෙි නිසා අසත්පුරුෂයාගෙන් සත්පුරුෂයා වෙන්ව හදුනාගැනීම ප‍්‍රයෝජනවත්ය.

         මෙි සදහා විශිෂ්ට සූත‍්‍රයක් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී අසප්පුරිස වධුකා නමින් දේශනා කළහ. මෙම සූත‍්‍රය අසත්පුරුෂයන් සහ සත්පුරුෂයන් හදුනාගැනීමට පමණක් නොව තමන් තුළ සත්පුරුෂ ලක්ෂණ ඇතිකරගැනීමටද ඉතාම ප‍්‍රයෝජනවත්ය.

            කරුණු සතරකින් යුත් තැනැත්තා අසත්පුරුෂයකි. අසත්පුරුෂයා ඇසුවත් නොඇසුවත් අනුන්ගේ අගුණ කියාපායි. ඇසුවාම ප‍්‍රශ්න කළාම අඩුවක් නැතිව වැසීමක් නැතිව මුලුමනින්ම විස්තර කොට නුගුණ කියන්නෙක් වෙයි. මෙම කරුණින් යුක්ත තැනැත්තා අසත්පුරුෂයෙකැයි දත යුතුය.

           ප‍්‍රථමයෙන්ම ඉහත ලක්ෂණය මා තුළ ඇද්දැයි අප ණුවනින් විමසිය යුතුය.  ධර්මය ශ‍්‍රවණය කරන ඇතැමිහු එම දහමි නොපිළිපදිති. අනුන්ට නින්දාකිරිිමට භාවිතා කරති. දහම භාවිතා කළ යුත්තේ තමන් සුවපත් කරගැනීමටය. අප අනුන් කොතරමි නමි විවෙිචනය කරමිද? ඒ විවෙිචනය කරන සෑම අවස්ථාවකදීම ප‍්‍රථමයෙන්ම අපගේ සිත දුෂණය වන්නේය. අනුන් විවෙිචනය කරන විට වෛරය ද්වෙිෂය ක්‍රෝධය තම සිතෙහි ඇති වෙි. එබදු සිතක් ඇති කෙනෙක් නිතරම මානසිකව වෙිදනා විදියි.  මරණයට පත්වුවහොත් අපාගත වනුඇත . එහෙයින් ඉහත අසත්පුරුෂ ලක්ෂණයෙන් ඈත්වීමට අධිෂ්ඨාන කළ යුතුය.

           කිසියමි කෙනෙකුගේ ගුණයක් වර්ණනා කිරීමමත් තමන්ගේ ගුණයකි. කෙනෙකුගේ හොද ගතිගුණ ප‍්‍රකාශකරන්නා ප‍්‍රසන්න මනසක් ඇත්තෙකි. එය පටු වාසි සදහා නොවිය යුතුය. අවංකවම කරුණු දැන වර්ණනා කළ යුතුය. එවිට මෛත‍්‍රී සහගත කරුණා සහගත සිත පෝෂණය වන්නේය. බුද්ධානුස්සති භාවනා මගින් එම සිත පෝෂණය වන්නේ බුදු ගුණ වර්ණනා කිරීමෙනි. මෙලෙස මෙත් සිත වර්ධනය කිරීම සතර අපා බියෙන් වෙන්වීමට හේතු වෙි.

           අසත්පුරුෂයාගේ දෙවන ලක්ෂණය වන්නේ ඇසුවත් අනුන්ගේ ගුණ තිබුණත් අසත්පුරුෂයා නොකියයි. ඇසුවාම ප‍්‍රශ්න කළාම අඩුකොට වසංකොට කියයි. අසමිපූර්ණව කියයි. මෙය දෙවන අසත්පුරුෂ ලක්ෂණයයි.
           අසත්පුරුෂයා තමන්ගේ අගුණයක් ඇතත් නොකියයි.  වෙනත් කෙනෙකු ඇසුවත් නොකියයි. මිනිසුන් අතර තමන්ගේ වැරැුද්ද වැරැුද්ද ලෙස පිළිගන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් තමන්ගෙන් වැරදි වූ බව හෝ වැරදි වන බව නොපිළිගනිති. මෙසේ වන්නේ තමන් තුළ පවතින අසත්පුරුෂ ලක්ෂණය  නිසාය.

           බොහෝ  දෙනෙක් තමන් වර්ණනා කරනවට කැමතිය. එමෙන්ම තමන්ගේ  ගුණ කියයි. තමන් තුළ නැති ගුණ පවා කියාපායි. ඇසුවත් නොඇසුවත් කියයි. මෙයද අසත්පුරුෂ ලක්ෂණයකි. ඇතැමිහු මෙය බහුලව කරති. මෙමගින් තාම විසින් තමාම රවටා ගනියි. අනෙක් අතට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවමානයට උපහාසයට සිනහවට ලක්වෙි. 

            පසුව අසත්පුරුෂයාගෙන් වෙන්ව සත්පුරුෂයා හදුනාගැනීමට ප‍්‍රයෝජනවත් කරුණු සතරක් දේශනා කළහ. සත්පුරුෂයා අනුන්ගේ අගුණ ඇසුවත් එළිනොකරයි. ඇසුවත් ප‍්‍රශ්න කළත් අඩු කොට මග හැර අසමිපූර්ණව අගුණ කියයි. මෙම ලක්ෂණය ඇති අය දුර්ලභය. ඹවුන් සත්පුරුෂයෝය. 

             සත්පුරුෂයා අනුන්ගේ ගුණ නොඇසුවත් එළිකරයි.  මෙි මෙි පුද්ගලයා තුළ මෙි මෙි යහපත් ලක්ෂණ ඇතැයි කියයි. ඹහුගේ මනස ප‍්‍රසන්නය. පවිත‍්‍රය. පිරිසිදුය. මෙවැනි උතුමන් ලොව දුර්ලභය. සත්පුරුෂයා තමන්ගේ අගුණ නොඇසුවත් කියයි. තමන්ගේ වැරුද්ද මෙයයයි පිළිගනියි. කිසිවිටෙක නොසගවයි. ඇසුවෝත් ප‍්‍රශ්න කළොත් සියල්ල සවිස්තරව කියයි. වැරැුද්ද වැරැුද්ද ලෙස පිළිගන්නා වූ අය ලොව දුර්ලභය එය පිළිගන්නේ සත්පුරුෂයන්ය.

              සත්පුරුෂයා ඇසුවත් තමාගේ ගුණ නොකියයි. බොහෝ අය අනුන්ට වඩා තමන් උසස් බව හැගවීමට උත්සාහ කරති. එය පහත් අසත්පුරුෂ ලක්ෂණයකි. නමුත් සැබැ ගුණ යහපත් කෙනා පුරාජෙරු නොදොඩවයි. ”පිරුණු කලේ දිය නොසැලේ” යන කියමන මෙන් සැබෑ ගුණයන් ඇති කෙනා තමන් පිළිබදව තමාම වර්ණනා නොකරයි. 

              ඉහත කරුණු සතරකින් යුක්ත පුද්ගලයා සත්පුරුෂයෙකි. එම සත්පුරුෂ ධර්ම අපද පුරුදු කළ යුතුය. ඉහත සත්පුරුෂ ධර්ම පුරුදු කරන නුවණැති කෙනා පාර්ථනා නොකළත් කළත් සමාජ ගෞරවයට පාත‍්‍ර වෙි. ගෞරවනීය පුද්ගලයෙක් බවට පත්වෙි. සතුරන් අඩු වෙි. තමන්ගේ ආරක්ෂාව සැලසේ. ඹහු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නෙකි. අපා බිය පහකරයි. උතුමි නිවන සාක්ෂාත් කරගනියි.

         
  අසත්පුරුෂයන්ගෙන් වෙන්ව සත්පුරුෂයා හදුනාගෙන ඒ උතුමි සත්පුරුෂ ලක්ෂණ වහවහා පුරුදු කළ යුතුය. අලුත ගෙනා මනමාලිය නැන්දා කෙරෙහිත් මාමා කෙරෙහිත් ස්වාමියා කෙරෙහිත් අන්තිම වශයෙන් සේවක සේවිකාවන් කෙරෙහිත් ලොකු ලැජ්ජාවක් ඇයට ඇතිවෙි. එලෙසම අලුත ගෙනා මනමාලිය මෙන් සත්පුරුෂ ධර්ම ආරක්ෂා කළයුතු බව හික්මිය යුතු බව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. එය මෙලොව පරලොව දියුණුව සලසයි.

ශාස්ත‍්‍රපති බටුවංගල සමිද්ධි හිමිඅසත්පුරුෂයාගෙන්  සත්පුරුෂයා වෙන්ව හදුනාගනිමු මි
Samadhi Buddhistisches Meditationscenter
Gierolstr 7
53127 Bonn
0049/ 228/92679138            015212815210

Tuesday, December 17, 2013

වලාකුළු බඳු පුද්ගලයෝ

           
   කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ 
ලොව දුර්ලභය.  බුදු රජාණන් වහන්සේ දුර්ලභ ශ්‍රේෂ්ඨ
උතුමෙකු වන්නේ මෙ උත්තරීතර මනුස්ස ගුණය නිසාය.
එම උතුමි ගුණය පුහුණු කරගන්නැයි අනන්‍යන්ටද දේශනා කළහ. 
පඨම වලාහකසූත‍්‍රය එය සිහිකර වන්නකි.

            සැවැත්හිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්
 අමතා මෙසේ වදාළ සේක. මහණෙනි, වලාකුළු හතරකි. 
ගොරවයි නොවසී. නොගොරවයි වසියි. 
නොගොරවයි නොවසියි. ගොරවයි වසී. මේ වලාකුළු හතරයි.

            එමෙන්ම වලාකුළු බඳු පුද්ගලයෝ සතර 

දෙනෙක් ලොව වසති. ඹවුන් කවරහුද? 
පුද්ගලයා ගොරවන්නෙක් නොවසින්නෙක් වන්නේ කෙසේද?
 කිසිවෙක් කියයි. නොකරයි. මේ පුද්ගලයා ගොරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි.
 නොගරවන වසින පුද්ගලයා කෙබඳුද? 
කිසිවෙක් නොකියයි. කරයි. මොහු නොගොරවන
 වසින පුද්ගලයාය.

            නොගොරවන නොවසින පුද්ගලයා කෙබඳුද? 

කිසිවෙක් නොකියයි. නොකරයි. මොහු නොගරවන 
නොවසින වලාකුළ මෙනැයි කියමි. ගොරවන වසින
 පුද්ගලයා කෙබඳුද? කියයි. කරයි. මොහු නොගරවන
 නොවසින වලාකුළ මෙනැයි කියමි. මෙි පුද්ගලයෝ 
 සතර දෙන ලොව වසති.

            පොදු මිනිස් දුර්වලතාවක් නම් කියන තරමට

 ක‍්‍රියා නොකිරීමයි. මෙම පොදු මිනිස් දුර්වලතාවය 
See full size image
ගිහි-පැවිදි හෝ වෙනත්  ඕනෑම සමාජයකට පොදුය. 
නමුත් නැණවත් මිනිසුන්ගේ ලක්ෂණය වන්නේ
මෙවැනි දුර්වලතා නුවණින් මෙනෙහි කොට බැහැර කිරීමයි.

            ඇතැම්විට වර්තමානයේදී යහපත් දේවල්

 නොකරන බව නොපෙන්වීමට වෙනත් අයගෙන්
 සැඟවීමට අතීතයේදී විවිධ දේවල් කළ බවට
 පුරාජේරු දොඩවයි. අතීතයේදී කියවන තරම් 
දේවල් කර නැත. එසේම වර්තමානයේදී විවිධ 
දේ කරන බවට දොඩවයි. නමුත් කියවන තරම් 
දෙයක් නොකරයි. නැතිනම් අනාගතයේදී 
කිරීමට නියමිත යයි බොහෝ දේ ගැන දොඩවයි. 
අතීතයේදීත් වර්තමානයේදීත් කියවන තරම් දේවල් 
නොකළ සහ නොකරන පුද්ගලයාගෙන් අනාගතයේදී 
දොඩවන තරම් කරාවියයි විශ්වාස කළ හැකිද?

             ක‍්‍රියාවට වඩා දෙඩවීම පිරිහීමට හේතුවකි. 

එබඳු කෙනෙකුගේ වචන ඔහු පිළිබදව දන්නා 
අය විශ්වාස නොකරති. ඇතැම් විටෙක ඉඳහිට
 ඇත්ත ප‍්‍රකාශ කළද එයද විශ්වාස නොකරති. 
මහා බොරුකාරයෙක් කට මැද දොඩවන්නෙක්
 වැනි ආකාරයට හඳුනාගෙන බැහැර කරති.

           ඇතැම්විට ක‍්‍රියා නොකොට දොඩවනවා පමණක් 

නොව අනුන් කළ නොකළ දේ ගැනද විෙවිචනය කරයි. 
සමාජ යහපත පිණිස හේතුවන විෙවිචනය අවශ්‍යය. 
නමුත් හුදු විෙවිචනය පමණක් ප‍්‍රයෝජනයක් නැත. 
බොහෝ අයගේ විෙවිචන පදනම් විරහිතය. තමන්ට 
හෝ අනුන්ට වන යහපතක් නැත. අනුන් කළ නොකළ 
දේ සෙවීමෙන් ගැටුම් නිර්මානය ෙවි. එහෙයින් අනුන්
කළ කී දෑ නොව තමන් කළ කී දෑ සෙවීම උතුම් බව බුදු
             රජාණන් වහන්සේ දේශනා දේශනා කළහ.
Image result for thunderstorm and rain 
   අපිද විටින් විට වැහි වළාකුළු බඳු වෙමු. ඇතැම්විට
 කියන දේ කරමු. තවත්වරක උස් හඬින් ගොරවා මදක් 
වසින්නාක් මෙන් ගොඩක් කියවා සුළු වශයෙන් කරමු. 
තවත් අවස්ථාවකදී මදක් ගොරවා මොරසූරන වැහි මෙන් 
මදක් කියමු. විශාල ලෙස ක‍්‍රියා කරමු. එවැන්නොත් 
ලොව දුර්ලභ වෙති.    

           නොගොරවයි නමුත් වසියි. එමෙන්ම නොකියයි
 නමුත් කරයි. එවැන්නෝ ද ලොව දුර්ලභ වෙති. නිහඩව
 තම යුතුකම් සහ වගකීම් මැනවින් ඉටුකරන ශ්‍රේෂ්ට මිනිස්සු සිටිති. 
ගොරවයි වසියි. එමෙන්ම කියයි කරයි. කියන ලෙසම ක‍්‍රියා 
කරන්නෝද දුර්ලභය. සහස්ස වග්ගයේදී බුදු රජාණන් 
වහන්සේ දේශනා කළේ ගථා දහසක් මතක තබාගැනීමට 
වඩා එක යහපත් පදයක අර්ථය පිළිපැදීම උතුම් බවය. 
නිෂ්ප‍්‍රයෝජන වචන දහසකට වඩා එක යහපත් දෙයක් කිරීම උතුම්ය.         

ජර්මනියේ සමාධි විහාරයේ
ශාස්ත‍්‍රපති, විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ

ඉහළම හාස්‌කම යහපත් සිහියයි



Image result for right mindfulness


 ජර්මනියේ සමාධි විහාරයේ ශාස්‌ත්‍රපති, විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර උසස්‌ම සහ විචිත්‍ර දේශනයකි යහපත් සිහිය. එය ගැඹුරු එහෙත් සුන්දර, පුහුණු කරගැනීමට දුෂ්කර නමුත් ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි, මෙලොව දියුණුව සලසන්නකි. සියලු බලයන්ට වඩා එය බලවත්ය. නමුත් අද දවසේදී මෙම ඉගැන්වීම් යටපත් වී ඒ වෙනුවට අසිහියෙන් එකිනෙකා මුදල් පිණිස තරග කරති. ආගමික පරිසරයෙන්ද ප්‍රදර්ශනය වන්නේ එයමය. ඇතැම්හු බුදු වූ බව හෝ රහත් වූ බව ප්‍රචාරය කරන්නේ ලැඡ්ජාවෙන් තොරවය.


දිනක්‌ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමඟ දුර බැහැරක වැඩම කරන අවස්‌ථාවක ගංගාවකින් එතරවීමට සිදුවිය. තොටියා සහ ඔරුව එගොඩ ගොඩෙ බැවින් මද වේලාවක්‌ රැඳී සිටියහ. ඒ අතරතුර වෙනත් ඉගැන්වීමක්‌ අනුගමනය කරන සිත දියුණු කරගත් කෙනෙකු ද ගංගාවෙන් එතරවනු පිණිස පැමිණියේය. ඔහු බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස්‌ කරුණු විචාළේය. 'බුදුරජාණන් වහන්ස, මෙහි රැඳී සිටින්නේ මන්ද? තොටියා ඔරුව මෙගොඩට පදින තෙක්‌ රැඳී සිටිමු යි' බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. 'ඔබ වහන්සේටත් ශ්‍රාවක පිරිsසටත් විවිධ සෘද්ධි බල ඇතැයි අසා ඇත්තෙමි. එය මුසාවක්‌දැයි' අවඥා සහගතව ප්‍රශ්න කළේය.


ඔහු දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළේය. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස ඔරුවෙන් ගංගාව තරණය කළහ. ඊට පෙර තරණය කළ පුද්ගලයා ඔරුව නතර කළ ස්‌ථානයෙහිම වාඩි වී සිටියේය. ඞහු ඉදිරියෙහිම බුදුරජාණන් වහන්සේ තොටියාගෙන් ප්‍රවාහන ගාස්‌තුව කොතෙක්‌දැයි ප්‍රශ්න කළහ. එම මුදල ඉතා සුළුය. වර්තමාන මුදලින් රුපියල් දහයක්‌ තරම්ය. උන් වහන්සේ දියමත ඇවිදමින් ආඩම්බර ලීලාවෙන් ගංගාව තරණය කළ පුද්ගලයා දෙසට හැරී 'ඔබ අවුරුදු ගණනාවක්‌ මහන්සියෙන් ඇතිකරගත් බලයෙහි වටිනාකම රුපියල් දහයක්‌දැයි' විචාළහ. ඔහු ලැඡ්ජාවට පත්විය.
Image result for right mindfulness


'ඔබගේ ශ්‍රාවකයන් අනුගමනය කරන්නේ කුමන වත්පිළිවෙත් දැ' යි වෙනත් ආගමික නායකයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ය. මගේ ශ්‍රාවකයෝ ඇවිදින විට ඇවිදිති යි දනිති. සිටගෙන සිටින විට සිටගෙන සිටිතියි දනිති. හාන්සි වී සිටින විට හාන්සි වී සිටිතියි දනිති. ආදී වශයෙන් උන්වහන්සේ විස්‌තර කළහ. සිහියෙන් යුතුව හැම මොහොතකම කටයුතු කිරීම ආශ්චර්යකි. සිතට එන නරක පාපකාරී සිතිවිලි ක්‍රියාත්මක නොකොට යහපත් සිතිවිලි පමණක්‌ ක්‍රියාත්මක කරමින් පවිත්‍රව සාමකාමීව ජීවත්වීමට භාග්‍යය ලැබේ.


සිහියෙන් සෑම විටම කටයුතු කිරීමෙන් පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වැඩේ. ඒ යහපත් දෙයෙහි පමණක්‌ සිහිය පවත්නා බැවිනි. යහපත් සිහියෙන් යුක්‌ත වූ කල්හි තමා විසින් තමන් රැක ගනියි සේදක සූත්‍රයට අනුව ඉවසීම, මෛත්‍රී සිත, අවිහිංසාව, යහපත් වචනය ඇති කෙනා තමනුත් රැකගෙන අනුන් ද රකියි.


යහපත් සිහිය නැති කල්හි අයහපත් සිහිය වැඩේ. ඇතැම්හු අනන්‍යන්ට වඩා තමන් උසස්‌ යයි හුවා දක්‌වති. එවැන්නෝ තමන්ගේ බලවත් බව පෙන්නන්නේ සුවිසල් ගෙවල් වෙනත් ගෘහ උපකරණ ණය වී හෝ මිලදී ගැනීමෙන්ය. නැතිනම් තමන් බලවත් උදවිය හඳුනන බව කීමෙන්ය. එවැන්නෝ බොහෝ විට ගුණ ධර්ම අඩු නොදැහැමි පුද්ගලයන් වටිනා අය ලෙස සලකති. එසේත් නැතිනම් විවිධ සමිති සමාගම්වල නිලතල දැරීමෙන්ය. එවැනි දේ ලබාගැනීමට ඇතැම්හු පොරකති. මෙවැනි හිස්‌ මිනිසුන්ගෙන් යුක්‌ත සමාජයද හිස්‌ය.


අයහපත් සිහිය බලවත් අය දකින දකින දේවල් අත්පත් කරගැනීමට වෙහෙසෙති. වර්තමාන වෙළඳපොළ දෑස්‌ රවට්‌ටන තරම්ය. ස්‌වාභාවික සම්පත් සූරාගෙන මිනිස්‌ අවශ්‍යතාවයන්ට වඩා නිෂ්පාදනය කරති. මෙහිදී අවශ්‍ය දේවල් පමණක්‌ මිලදී ගැනීමට සිහිය ඇති කරගත යුතුය.

රාහුලෝවාද සූත්‍රය යහපත් සිහිය පුහුණු කරගැනීමට වටිනා ලෙස මගපෙන්වයි. කැඩපත හෙවත් කණ්‌නාඩිය ගමනක්‌ බිමනක්‌ යැමට පෙර විරූපී තැන් සුරූපී කරගැනීමට භාවිත කරමු. හිසේ සිට දෙපතුළ තෙක්‌ ඇඟ පසඟ කැඩපතෙන් පරීක්‌ෂා කරමු. එසේම තමන්ගේ හිතට එන සිතුවිලි ක්‍රියාත්මක කිරීêමට පෙර එම ක්‍රියාව තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරිsක්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කළහ.

 Image result for mirror


තමන්ගේ වචන පිට කිරීමට පෙර එම වචන තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙනදෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි වචන කතා කිරීමට සුදුසු බව දේශනා කළහ.


තමන්ගේ ශරීරය භාවිතයෙන් ක්‍රියා කිරීමට පෙර එම ශාරීරික ක්‍රියා තමන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේද, අනුන්ට යහපත ගෙන දෙන්නේද අයහපත ගෙන දෙන්නේදැ යි පරික්‌ෂා කර බැලිය යුතුය. තමන්ට සහ අනුන්ට යහපත ගෙනදෙන්නේ නම් එවැනි ශාරීරික ක්‍රියා කිරීමට සුදුසු බව දේශනා කළහ. මෙලෙස ඇතිකරගන්නා යහපත් සිහිය මහා හාස්‌කමක්‌ මෙන් තමන් විසින් තමන් ආරක්‌ෂා කරගන්නේය. තමන්ට නිතර සැපගෙන දෙන්නේය. 


Monday, September 3, 2012

සියලු පව්වලින් වැළකී කුසල් වැඩීමේ මග

සියලු පව්වලින් වැළකී කුසල් වැඩීමේ මග බටුවංගල සමිද්ධි හිමි සියලු පව්වලින් වැළකී කුසල් වඩා තම සිත දමනය කරගැනීම සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේය.මෙම ධර්මය සොයා යන සැදැහැවතුන්ට උපකාර පිණිස ඉහත අනුශාසනාව පැහැදිලි කිරීමට උත්සාහ කරමි. සියලු පව්වලින් වැළකීම යනු සියලු දුශ්චරිතවලින් තොරවීමය. එනම් කාය දුශ්චරිත, වචී දුශ්චරිත සහ මනෝ දුශ්චරිතවලින් වැළකීමය.එයට පාණාතිපාතා, අදින්‌නාදාන, කාමෙසුමිච්‌ඡාචාර, මුසාවාද, පිසුණා වාචා, ඵරුසා වාචා,සම්‌ඵප්‌පලාප, අභිජ්‌ඣා,ව්‍යාපාද සහ මිච්‌ඡාදිට්‌ඨි යන දස කර්මපථයෝද අයත්ය. මෙවා නැවතත් චෙතනා කර්ම සහ චෙතසික කර්ම වශයෙන් කර්මයෝ දෙදෙනෙක් වෙති.පාණාතිපාත, පිසුණා වාච, ඵරුසා වාච දොසසමුට්‌ඨාන ය. අදින්‌නාදාන, කාමෙසුමිච්‌ඡාචාර, මුසාවාදය ලොභසමුට්‌ඨාන ය. යම් සම්‌ඵප්‌පලාපයක් වේද එය මොහසමුට්‌ඨානයි. මේ සත් කරුණු චෙතනාකම්‌ම ය. යම් අභිජ්‌ඣාවක් ඇත්ද මේ ලොභ අකුසලමූල ය. යම් ව්‍යාපාදයක් ඇත්ද මේ දොස අකුසලමූල ය. යම් මිත්‍යා දිට්‌ඨියක් ඇත්ද මේ මිත්‍යා මාර්ගයයි. මේ තුන් කරුණ චෙතසික කර්මයි. සියලු පාපයන්ගෙන් වෙන්වීම තවත් පැහැදිලි කරන්නේ නම් මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසංකල්ප, මිථ්‍යාවචනය, මිථ්‍යාකර්මාන්ත, මිථ්‍යාආජීවය, මිථ්‍යාව්‍යායාමය, මිථ්‍යාසතිය, මිථ්‍යාසමාධිය යන අටවැදෑරුම් මිථ්‍යාවන්ගෙන් වෙන්වීම සියලු පාපයන්ගෙන් වෙන්වීමයි. මේ අටවැදෑරුම් මිථ්‍යාවන් නොඉපිදවීමක් ඇත්ද මේ "සබ්බපාපස්ස අකරණං" යයි කියනු ලැබේ. අට වැදැරුම් මිත්‍යාතත්වයන් ප්‍රහීන කල්හි අට වැදැරුම් සම්යක්තත්වයෝ සම්පාදනය වෙති. එනම් සම්මාදෘෂ්ටිය, සම්මාසංකල්ප, සම්මාවචනය, සම්මාකර්මාන්ත, සම්මාආජීවය, සම්මාව්‍යායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යන අට වැදෑරුම් සම්යක්තත්වයන්ගේ යම් ක්‍රියාවක් ඉපිදවිමක් ඇත්ද මේ "කුසලස්ස උපසම්පදා" යයි කියනු ලැබේ. බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කල්හී ආනන්ද හාමුදුරුවෝ එක් දිනක පෙර බුදුවරුන් දෙසූ දහම් කවරේදැයි ඇසූ පැනයට පිළිතුරු ලෙස ඉහත දේශනය කළහ. සියලු බුදුවරුන් උනන්දු කර ඇත්තේ පව්වලින් වැළකී කුශලයෙහි හැසිරීමටය. කුශල් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පළමුවැන්න සම්මා දිට්ඨියයි.සම්මා දිට්ඨිය ඇති කල්හී ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැසිරෙයි. සම්මා දිට්ඨියෙන් තොරව ආර්ය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැසිරීමට නොහැක. එමනිසා සම්මාදිට්ඨි පිළිබද අවබෝදයක් ඇතිකරගැනීම උතුම්ය. මඣිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය ආර්ය අෂ්ඨාංගික මාර්ගය කුමක්දැයි පහදා දී ඇත. ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සේ විසින් වදාළ පරිදි යම් කලෙක පටන් අර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසලයත් දනී ද අකුසලමූලයත් දනී ද කුසලයත් දනී ද, කුසලමූලයත් දනී ද, එපමණකින්ම හෙතෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ධර්ම මාර්ගයට පැමිණියේ වේ. ප්‍රාණඝාතය අකුශලයකි. අදත්තාදානය අකුශලයකි. කාමමිතථ්‍යාචාරය අකුශලයකි. මුසාවාදය අකුශලයකි. පිසුණාවාචය අකුශලයකි. ඵරුසවචනය අකුශලයකි. සමඵපපලාපය අකුශලයකි. අභිධ්‍යාව අකුශලයකි. ව්‍යාපාදය අකුශලයකි. මිථ්‍යාදෘෂ්ටිය අකුශලයකි.සම්මා දිට්ඨිය ඇති කල්හී අකුශලය මෙලෙස හදුනාගනියි. සම්මා දිට්ඨිය ඇති කල්හී ප්‍රාණඝාතයෙන් වෙන් වීම කුශල‍යෙකි. අදත්තාදානයෙන් වෙන් වීම කුශල‍යෙකි. කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම කුශල‍යෙකි. මුසාවාදයෙන් වෙන් වීම කුශල‍යෙකි. පිසුණවචනයෙන් වෙන් වීම කුශල‍යෙකි. ඵරුස වචනයෙන් වෙන්වීම කුශල‍යෙකි. සම්ඵපපලාපයෙන් වෙන් වීම කුශල‍යෙකි. අනභිධ්‍යාව කුශල‍යෙකි. අව්‍යාපාදය කුශල‍යෙකි. සම්‍යග්දෘෂ්ටිය කුශල‍යකැයි හදුනා ගනියි. සම්මා දිට්ඨිය ඇති කල්හී අලෝභය කුශල මුලයෙකි. අද්වෙෂය කුශල මුලයෙකි. අමෝහය කුශල මුලයෙකි යනුවෙන් හදුනාගනියි. මෙම සම්මා දිට්ඨිය ඇති කරගැනීමෙන් අනෙකුත් ආර්ය අෂ්ඨාංගික ධර්මයන් වැඩේ. මෙය සියලු පව්වලින් වැළකී කුසල් වඩා සිත් පිරිසිදු කරගැනීමයි. එය සියලු බුදු රජාණන් වහන්සේලා දේශනා කරන උතුම් නිර්වාණ මාර්ගයයි. එහෙයින් සැමවිටම යහපතෙහි හැසිරීම උතුම්ය.

Monday, June 25, 2012

දඹදිව වන්දනාව අසිරිමත් වන්නට..

දඹදිව වන්දනාව අසිරිමත් වන්නට.. ශ්‍රී ලාංකීය බෞද්ධයෝ ඉමහත් ශ්‍රද්ධාවෙන් දඹදිව වන්දනා කරති. අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ දුක්‌ මහන්සියෙන් හම්බ කරගත් ඉතිරි කරගත් මුදලින් දඹදිව වන්දනා කිරීම භාග්‍යයකි. ලෝක සිතියමේ දඹදිව නමින් රටක්‌ නැත. ඉන්දියාව නමින් රටක්‌ ඇත. පාලි සාහිත්‍යයට අනුව ජම්බුදීප යනුවෙන් අතීත ඉන්දියාව හඳුන්වා ඇත. සිංහලෙන් දඹදිව ලෙස ව්‍යවහාර කෙරේ. දඹදිව යන වචනයෙන් වර්තමාන ඉන්දියාව හඳුන්වන බව බොහෝ ශ්‍රද්ධාවන්තයෝ නොසිතති. දඹදිව යන වචනයෙන් සංකේතවත් කරගන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ උතුරු ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්‌තෲන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ ඉපදුණු, සම්මා සම්බුද්ධත්වයට පත් වූ සහ පිරිනිවන් පෑ ස්‌ථාන සහ උන්වහන්සේ ජීවත්වූ භූගෝලීය අවකාශයයි. දඹදිව වන්දනාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව පහන් සංවේගය උපදවයි. ශ්‍රද්ධාව වර්ධනය කරවයි. ලුම්බිණිය උන්වහන්සේගේ ජන්ම භූමියයි. මගධ රාජ්‍යයේ කොටසක්‌ව පැවැති මෙම ප්‍රදේශය අද නේපාලයේ කොටසකි. කිs්‍ර.පූ. 6 වැනි සියවසේදී ක්‌ෂත්‍රීය පවුලක සුද්ධෝදන සහ මහාමායා දෙමාපියන්ට පාලක ප්‍රභූ පවුලක උපන් පුත් කුමරා සිද්ධාර්ථ නම් විය. දරුවකු ඉපදීමට දස මසක්‌ සම්පූර්ණවෙමින් සිටියදී මහාමාය දේවියට චාරිත්‍රානුකූලව සිය දෙමාපියන් බැහැදැකීමට සිත්වූවාය. සපිරිවර සහිතව යන ගමනේදී ප්‍රසුත වේදනාව උග්‍රවිය. සේවක, සේවිකාවෝ සියලු කටයුතු කළහ. සුපින්වත් සිද්ධාර්ථයාණෝ ලොව උපන්හ. මහාමායා දේවිය, සුද්ධෝදන සහ සියල්ලෝ සතුටු වූහ. පියකුගේ පැතුම සිය පුතු ඉහළින්ම ඔසවා තැබීමය. සුද්ධෝදනට අවශ්‍ය වූයේ සිය පුතු තම රාජ්‍යයේ අනාගත රජු ලෙස දැකීමටය. පාලකයකුට අවශ්‍ය ශිල්ප කුසලතාවය, නිසි වයසේ ආවාහ-විවාහ ආදිය සපුරාදීමට යුහුසුලු විය. සිද්ධාර්ථ උඩුගම් බලා යන තරුණයෙකි. සෑම දෙයෙහිම විචක්‍ෂණශීලීය. යථාර්ථය සොයයි.අත්දැකීමෙන් ජීවිතාවබෝධය ලබයි. මිනිසුන්ගේ අනේකදුක්‌ඛයන් ගැන සැලකිලිමත්ය. රාජ තේජසින් ඉපිලී නොයයි. රෝගීවීම, මහලුවීම, මරණයට පත්වීම අත්දැකීමෙන් අවබෝධ විය. තරුණ සිද්ධාර්ථට ඇත්තේ එතෙක්‌ නොවිසඳුණු ගැටලුවකි. එනම් දුක ඇතිවන්නේ ඇයි? යන්නයි. ඉන් මිදීමට මග කුමක්‌ද? යන්නයි. නමුත් සුද්ධෝදන පියා සිය පුතුගේ හැසිරීම ගැන නොසතුටු විය. ගිහිගෙයින් නික්‌මුණොත් අනාගත පාලකයා ලෙස ඔටුනු පැළඳවීමේ සිහිනය බොඳවන්නේය. සිය පුතු ගිහි ගෙයෙහි රඳවා ගැනීමට උපක්‍රම යෙදවීය. සැපයිය හැකි සියලු ලෞකික සම්පත් සැපයීය. සිද්ධාර්ථ සමය දඹදිව ඥාන ප්‍රබෝධ සමයකි. ගිහිගෙය අත්හැර තවුස්‌ ප්‍රතිපදාවන් අනුගමනය කළ පිරිස්‌ බහුල විය. සත්‍ය කුමක්‌දැයි සෙවීමට යුහුසුලු වන සමාජයකි. සත්‍ය සෙවීමට ගිහිගෙය අත්හැරීම බොහෝ බන්ධනයන්ගෙන් නිදහස්‌ වීමකි. ඔවුන්ට ඇත්තේ සත්‍ය සෙවීමේ අරමුණ පමණකි. සිද්ධාර්ථ වඩාත් කැමැති වූයේ ඔවුන්ටය. බොහෝ දෙනෙක්‌ සැපතක්‌ ලෙස සිතන පතන රජකම අත්හැර තවුසන් බවට පත්වූහ. ගිහිගෙය අත්හළ සිදුහත් පැමිණියේ නේරංජනාවටය. එදා නේරංජනා ප්‍රදේශය සුන්දරය. සශ්‍රීකය. විවිධ ප්‍රතිපදාවන් අනුගමනය කරන්නෝ බහුලය. රාජ භෝජන වැළ» සිදුහත්ට යකඩ පාත්‍රයක්‌ අතින් ගෙන ගෙයින් ගෙට හිඟමනේ ගොස්‌ එකට මිශ්‍ර වූ ආහාර අනුභව කිරීම පිළිකුල් විය. නමුත් විමුක්‌තිය අධිෂ්ඨාන කරගත්තේය. විමුක්‌තිය අවබෝධය පිණිස ක්‍රියාකරන සිදුහත් ආලාරකාලාම, උද්ධකරාමපුත්ත ආදීන් අවබෝධ කරගත් විමුක්‌ති මාර්ග මැනවින් ඉගෙන ගත්තේය. බොහෝ ඥනයන් වර්ධනය විය. නමුත් විමුක්‌තිය සම්පූර්ණ නොවීය. සය වසක්‌ ශරීරයට දැඩි දුක්‌ දෙමින් (අත්ථකිලමතානුයෝගය) පවත්තඵල භෝගී නම් තවුස්‌ ප්‍රතිපදාව අනුගමනය කළේය. වර්තමානයේදී එම ස්‌ථානය ලෙස විශ්වාස කරන්නේ බුද්ධගයාවට කි.මී. 8 ක්‌ පමණ දුරින් පිහිටි නේරංජනා ගඟෙන් එතෙර දුර්ගේශ්වරී කඳු වැටියෙහිය. නමුත් පුරාවිද්‍යාත්මක සාධක නැත. ටිබෙට්‌ ලාමාවරුන් එම ස්‌ථානය පාලනය කරනු ලැබේ. හින්දු පිරිසක්‌ද එම ස්‌ථානයෙහි රැඳී සිටිමින් හින්දු වතාවත් සිදුකරන බව පෙන්වයි. ලාභය පිණිස ආගමික ස්‌ථාන අත්පත් කර ගැනීමේ තරගයක්‌ නිර්මාණය වී ඇත. සය වසකට පසුව අත්ථකිලමතානුයෝගය නිෂ්ප්‍රයෝජන බව තේරුම්ගත් සිදුහත් තවුසාණෝ එය අත්හළහ. කුඩා අවධියේදී ආනාපානසති භාවනාව කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. විමුක්‌තිය පිණිස තෝරාගත්තේ ආනාපානසති භාවනාවයි. සත්‍යාවබෝධයෙන් තොරව නොනැගිටිමියි යන අධිෂ්ඨානයෙන් ඇසතු වෘක්‌ෂ පාද මූලයෙහි සමවත් සුවයට පිළිපන්හ. වෙසක්‌ පොහෝ දිනක සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. සියලු දේ අවබෝධ කළහ. සම්මා සම්බුද්ධත්වයට පත්වූ උතුම් ස්‌ථානය බුද්ධගයාවයි. බුද්ධගයාව බෞද්ධයන්ගේ ගෞරවයට, පූජනීයත්වයට පාත්‍රවන උතුම්ම ස්‌ථානයයි. වර්තමාන බුද්ධගයාව හින්දුන්ගෙන් බේරාගැනීමේ ක්‍රියාවලියේ පුරෝගාමියා අනගාරික ධර්මපාලතුමාය. එතුමන්ගේ උපක්‍රමශීලී සහ එඩිතරභාවය නිසා බෞද්ධයන්ට එම ස්‌ථානය උරුම විය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට සුදුසු කාලය, ධර්මය අවබෝධ කිරීමට සුදුසු පුද්ගලයන් සොයා බැලූහ. විමුක්‌ති මාර්ගයේ මුල් ගුරුවරුන් ජීවතුන් අතර නැත. තමන් සමග විමුක්‌තිය පිණිස කටයුතු කළ පස්‌වග මහණෝ ජීවත්ව සිටිති. ඔවුන්ට ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූහ. zමහණෙනි, පැවිද්දන් විසින් සේවය නොකළ යුතු අන්ත දෙකක්‌ ඇත. ඒ කවර අන්ත දෙකක්‌ද? හීන වූ, ග්‍රාම්‍ය වූ, සාමාන්‍ය පොදු ජනයාට අයත් වූ, අනාර්ය වූ, අනර්ථය ගෙන දෙන්නා වූ කම්සුවයෙහි ඇලී ගැලී විසීම (කාමසුඛල්ලිකානුයෝගය) හා දුක්‌බර වූ, අනාර්ය වූ, අනර්ථය ගෙන දෙන්නා වූ තමාටම වධ දීමයි. (අත්තතකිලමථානුයෝගය) මෙම අන්ත දෙකට නොවැටී තථාගතයන් විසින් දැක්‌ම ගෙන දෙන, ඥානය ගෙන දෙන මනා අවබෝධය හෙවත් සම්බෝධියද නිර්වාණයද සඳහා පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගන්නා ලදී. මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් මනා දැක්‌ම, මනා කල්පනාව, මනා වචනය, මනා කර්මාන්තය මනා ජීවන වෘත්තිය, මනා ප්‍රයත්නය, මනා එළැඹ සිටි සිහිය හා මනා සිත් එකඟතාවයි. මේ උතුම් ධර්මය දේශනා කළ ස්‌ථානය බරණැස ඉසිපතන මිගදායයි. වර්තමානයේදී මූලගන්ධකුටි විහාරය සැදැහැවතුන්ගේ ඉමහත් පූජනීයත්වයට පාත්‍රවී ඇත. අනගාරික ධර්මපාලතුමන්ගේ අනගි මෙහෙවර සිහිකැන්දන ස්‌ථානයකි. විහාරය වන්දනා කරන බොහෝ පින්වත්හු එතුමාට පිං අනුමෝදන් කිරීමට අමතක නොකරති. බුදුරජාණන් වහන්සේ අන්තවාදී නොවූ ශාස්‌තෲන් වහන්සේය. කිසිම දෙයක්‌ අන්ධානුකරණයෙන් ග්‍රහණය නොකරන්නැයි දෙසූහ. වක්‌කලී හිමියන්ට දේශනා කළ පරිදි තම ශරීරය දැකීමට නොව ධර්මය දැකීමට උත්සාහ කරන්නැයි දෙසූ ශාස්‌තෲන් වහන්සේය. අලගද්දූපම සූත්‍රයේදී ධර්මය පහුරක්‌ කරගන්නැයි බුදුහු දෙසූහ. පහුර භාවිතකොට ගඟ තරණය කරමු. ගඟ තරණයට භාවිත කළ පමණින් පහුර ඔසවාගෙන නොයයි. ධර්මයද එසේමය. සසරින් එතෙරවීමට, දුක නැති කිරීමට ධර්මයෙහි හැසිරිය යුතුය. නමුත් කර මතට ඔසවා නොගත යුතුය. බොහෝ අඳ බාල මිනිසුන් ධර්මයෙහි හැසිරෙනවාට වඩා ධර්මය කර ගහ ගැනීම සුලබය. එයින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට දුෂ්කරය. සිතීමේ හා තීරණය කිරීමේ නිදහස අගේ කළහ. කාලාම සූත්‍රය ඒ බව තහවුරු කරන ප්‍රකාශයකි. බොහෝ ආගමික නායකයෝ තමන්ගේ ඉගැන්වීම් තොරව සත්‍යයක්‌ නැතැයිද එයම පිළිගත යුතු බව දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ තම නුවණින් සිතමින්, විමසමින් යමක්‌ පිළිබඳව තීරණය කිරීම බුද්ධිමතුන්ගේ ලක්‌ෂණයක්‌ ලෙස අගේ කළහ. ආරංචි විශ්වාස කිරීම, මෙසේ වන්නට ඇතැයි යන අනුමානය විශ්වාස කිරීම, පොත පතෙහි සඳහන්වූ පමණින් විශ්වාස කිරීම, තර්කයට ගැළපුණු පමණින් පිළිගැනීම, න්‍යායට ගැළපුණු පමණින් පිළිගැනීම, කරුණු හොඳය කියන පිළිවෙළ හොඳය සිතා යමක්‌ පිළිගැනීම, තමන්ගේ රුචිකත්වයට අනුවම පිළිගැනීම, විවිධ පුද්ගලයන්ට ඇති ගෞරවය නිසාම පිළිගැනීම, ගුරු ගෞරවය නිසාම පිළිගැනීම ආදී ලෙස විමසීමකින් තොරව යමක්‌ පිළිගැනීම අනුවණ තැනැත්තන්ගේ ලක්‌ෂණයකි. තමන්ගේ තීරණ ක්‍රියා තම යහපත පිණිස, අනුන්ගේ යහපත පිණිස පවතී නම් එවැනි දේ පිළිගත යුතු බව දෙසූහ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සමාජ සහ මානසික සමානාත්මතාව තහවුරු කිරීමට උපකාරී වේ. බ්‍රාහ්මණ ඉගැන්වීම් මත තහවුරු වී තිබුණු කුල ක්‍රමය තර්කානුකූලව ප්‍රතික්‌ෂේප කළහ. සිව් කුලයෙන් පැවිදිවූවන් එකම සංඝ සමාජයක්‌ ලෙස තහවුරු කළහ. කුල ක්‍රමය නොසලකාහැරිය නිසාම බ්‍රාහ්මණ කුලයෙන් විවිධ බලපෑම් එල්ල විය. බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වූවන්ගේ ඇතැම් ක්‍රියාවන්ගෙන්ද එය පැහැදිලිය. කාන්තාව පිළිබඳ සාම්ප්‍රදායික මතවාද සමාජ විරෝධය නොනැගෙන ලෙස ප්‍රතික්‌ෂේප කළහ. කුලය මත හෝ ලිංගික පදනම මත හෝ පුද්ගලයකුගේ උසස්‌, පහත් බව, සුද්ධ විසුද්ධි බව හෝ තීරණය නොවන බවත් ක්‍රියාව උසස්‌ හෝ පහත් බව තීරණය වන බවත් දෙසූහ. මානසික සමානාත්මතාවය ඒකාග්‍රතාවයෙන් ඇති වේ. මානසික ඒකාග්‍රතාවය අකුසල් ප්‍රහීනවීමෙන් වර්ධන වේ. මනස සෙලවීමෙන් මානසික ඒකාග්‍රතාව පහව යයි. එනම් අකුසල් මානසිකත්වයෙන් සැලෙයි. අටලෝ දහමින් කම්පාවට පත්වේ. මානසික සමානාත්මතාවය ඇතිවන්නේ එමගින්ය. බුදුරජාණන් වහන්සේ දැහැමි දේශපාලන, ආර්ථික ක්‍රියාවලියක්‌ අනුමත කළ සේක. අත්තනෝමතික, ඒකාධිපති ජනතාව සූරාකන පාලකයෝ ප්‍රතික්‌ෂේප කළහ. පාලකයන්ගේ දැහැමි බව සඳහා දස රාජ ධර්ම, දස සක්‌විතිවත් ආදී ධර්මයන් දෙසූහ. එකිනෙකා සූරාකෑමට ලක්‌වන, තවත් කෙනකුට අයහපත ගෙනදෙන ජීවනෝපායන් ප්‍රතික්‌ෂේප කළහ. දැහැමි වෘත්තීන්, ව්‍යාපාර, රැකී රක්‌ෂා අනුමත කළහ. සමාජ ඒකාග්‍රතාවය, ප්‍රගතිය සඳහා යහපත් පවුල් පරිසරයක්‌ අවශ්‍ය බව උන්වහන්සේ අවබෝධ කළහ. සිඟාලෝවාද සූත්‍රයේදී ස්‌වාමි-භාර්යා, දෙමාපිය, දූ-දරු, සම්බන්ධතා එකිනෙකා යුතුකම් හා වගකීම් ඉටුකරමින් ජීවත්වීම අනුමත කළේ ඒ සඳහාය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර පන්සාලිස්‌ වසරක්‌ ගම්-නියම් ගම් සැරිසරමින් රජ මැදුරේ සිට පැල්පත තෙක්‌ සියලු ජනී ජනයා වෙනුවෙන් දහම් දේශනා කළේ සමස්‌ත සත්ව සංහතියේ හිතසුව පිණිසය. එබඳු ශේ්‍රෂ්ඨ උත්තම බුදුරජාණන් වහන්සේ අසූවැනි වියේදී සියලු සංස්‌කාරයන්ගේ සැබෑ ස්‌වභාවය, අනිත්‍යතාව පෙන්වමින් පිරිනිවන් පෑහ. ඒ කුසිනාරාවේදීය. එම ස්‌ථානයේ ගුප්ත සමයට අයත් පිරිනිවන් පෑ පිළිමයකි. සංවේගය උපදවයි. බුදුරජාණන් වහන්සේ අසමසම මිනිසෙකි. ෙද්‍රdaණ බමුණාට තමන් පිළිබඳව ප්‍රකාශ කළේ තමන් දෙවියෙක්‌, බමුණෙක්‌, ගාන්ධර්වයෙක්‌, මිනිසෙක්‌ නොවන බවයි. අසමසම මිනිසෙක්‌ බවයි. උන්වහන්සේ නෙලුම් මලක්‌ වැනිය. ජන සමාජයේ ජීවත් වූහ. නමුත් ජනයාගේ අකුසලයන් සමග සම්බන්ධ නොවූහ. උන්වහන්සේ පිරිනිවන් පෑමෙන් සියවස්‌ ගණනාවකට පසුව සාහිත්‍යයෙන් නිරූපිත බුදුන් වහන්සේ මිනිසකු නොව, ඇදහිය නොහැකි අසාමාන්‍ය කෙනෙකි. නමුත් සැබෑ බුදුරජාණන් වහන්සේ යනු මනුෂ්‍යයෙකි. නමුත් අසමසමය. සුත්ත නිපාතයට අනුව බුදුරජාණන් වහන්සේ ( උසය, හීන්දෑරිය, නොසැලෙන සේක, අල්ප වූ ආහාර ඇති සේක, කිසි දෙයක නොඇලෙති, වන වැද බවුන් වඩති á ලොබලිය ලියලවන වස්‌තුන්හි අපේක්‌ෂාව හැරපියා සිංහයකු මෙන් හුදෙකලාව හැසිරෙති. දඹදිව වන්දනාවෙන් ඓතිහාසික බුදුරජාණන් වහන්සේ යළි මතක්‌ වේ. බොහෝ ශාස්‌තෲවරුන්ට වඩා බුදුරජාණන් වහන්සේ ඓතිහාසිකය. පුරා විද්‍යාත්මක සාක්‌ෂි බොහොමයක්‌ ඉතිරිවී තිබීම ඊට හේතුවයි. එම ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ විශේෂ ස්‌ථාන වැඳ පුදා ගැනීමට යන සැදැහැවතුන් බොහෝ දෙනා හට ඉහත දේශනාවන් කළ ඓතිහාසික බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය නැති තරම්ය. ඓතිහාසික බුදුරජාණන් වහන්සේ ලෝකයට දැක ගැනීමට අවස්‌ථාවක්‌ ලැබී ඇත්තේ ඇලෙක්‌සැන්ඩර් කනින් හැම් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් නිසාය. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුය. ඔවුන් මතු කළ ඓතිහාසික ස්‌මාරක ඇතැම් අනුවණ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්‌ෂේප කළ අන්ධ භක්‌ති නිසා විනාශයට පත් කරති. ගිහි බෞද්ධයන් මෙන්ම ඇතැම් අඳබාල භික්‌ෂුන් වහන්සේලාද ගිහි පින්වතුන්ගේ ප්‍රසාදය දිනා ගැනීම පිණිස විවිධ පූජාවන් ස්‌මාරකවල පවත්වති. මෙම අන්ධ බාල ක්‍රියාව තවත් අය පටන්ගෙන ඇත.  දඹදිව වන්දනා කරන සැදැහැවතුන් එවැනි හිස්‌ ක්‍රියාවන්හි නොඇලිය යුතුය. එම ස්‌ථාන ආරක්‌ෂා කළ යුතුය. ඉහත විස්‌තර කළ ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි හැසිරීමට අධිෂ්ඨාන කළ යුතුය. එවිට දඹදිව වන්දනාව අසිරිමත් වේ.
Ven. Samiddhi

Wednesday, April 11, 2012

Mettā(Cultivation of Mettā)


Mettā is a Pali word which is equivalent to loving kindness and is derived from the word Mitta meaning friendliness. It is one of the ten pāramitās of the Theravāda school of Buddhism.
The Buddha preached that Mettā should be cultivated as a meditation and it is called mettā bhāvanā. The object of mettā bhāvanā is loving kindness. The mettā should be expressed to all sentient beings such as the seen and the unseen, those dwelling near or far. Futher Buddha says that as a mother would protect her only child even at the risk of her own life, to develop a love like this to all beings.( Karaniya Metta Sutta


There are five stages of mettā bhāvanā.
1 Yourself
2 A good friend
3 A 'neutral' person
4 A difficult person
5 All beings the entire Universe
According to Buddhism mettā bhāvanā is an antidote to insomnia and nightmares. The mettā-full person will feel more comfortible and happy too. The mettā thought to contribute to aworld of love, peace and happiness. It is an antidote to anger and considered a good way to calm down a distraught mind. Someone who has cultivated mettā will not be easily angered, non-violance as well as a strong wish for the happiness of others and showing qualities such as patience, receptivity and appreciation. mettā-full person is living with plesant mind.

Dear friend, you also can improve Metta mind where ever you are living. Before going to bed as well as early in the morning, sit down sophisticated place, close the eye and wish with pleasant mind; may all living beings who are the seen and the unseen, those dwelling near or far be health, happy and well! When you practise such way, hatred mind, jealous mind ceases by love or Metta.

 May you be health and happy
With Metta
 Bhante B. Samiddhi