Tuesday, December 3, 2019

Fridays for Future යනු කුමක්ද?




Bildergebnis für fridays for future" 

Fridays for Future
යනු ලොවපුරා රටවල් 120 මිලියන 1.5 අධික ජනතාව සෑම සිකුරාදා දවස්වල පරිසර සුරක්ෂිතතාවය වෙනුවෙන් වීදි, නගරවල සාමකාමී පෙළපාලි පැවැත්වීමකි. ළමුන්, තරුණයින්, වැඩිහිටියන්, උගතුන්, බුද්ධිමතුන් මේ සඳහා උනන්දුවෙන් සභාගීවෙති. අරමුණ වන්නේ මුහුණපාමින් සිටින කාලගුණික විපර්යාසයන් පිළිබඳව සිහිපත්කිරීමයි. සියලු ජනතාවගේ අවධානය යොමුකරගැනීමයි

 දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති පරිසරහිතකාමී ලෙස සකස්කරවීමට උනන්දු කරවයි. එපමණක් නොව පුරවැසියන් ලෙස දෛනික ජීවිතයේ පුරුදු පරිසරහිතකාමී ලෙස හැසිරවීමට උනන්දුකරවයි. පරිසරහිතකාමීත්වය වෙනුවෙන් මට කළහැකි දෙය කුමක්ද? යන ප්‍රශ්නය තමන්ගෙන්ම ඇසීමට සිහිකැඳවයි.

සැම රටකම වර්ධනය වන දුප්පත්කම, අඩු සනීපාරක්ෂාව, මානසික ආතතිය වැනි තත්වයන් කෙරෙහිද අවධානය යොමුකිරීමේ වැදගත්කම අනාගතය සඳහා සිකුරාදා ව්‍යාපාරය සිහිපත් කරවයි. න්‍යෂ්ටික අවිභාවිතය, අවි ආයුධ වෙළඳාම පරිසර සහ සමාජ ප්‍රශ්න නිර්මානය කොට ඇත. ජාතිකවාදය, සහ ආගම්වාදය මගින් ජනතාව පීඩනයට පත්වෙමින් පවතී. මෙම තත්වයන් ගැන දැනුවත්වීම ආත්ම ආරක්ෂාවට සහ අන්න්‍යන්ගේ අරක්ෂාවට අස්වැසිල්ලකි.

සිහිපත් කිරීමෙන්,දැනුවත් කිරීමෙන් ප්‍රමාණවත් නොවේ. ක්‍රියාත්මක කළයුතුය. තමන්ගේ ක්‍රියාව වෙනස් කළයුතුව ඇත. තමන්ගේ දැක්ම නිවැරදි දැක්මක් විය යුතුය. දේශපාලන අදහස, තීරණ යහපත් පරිසරහිතකාමී විය යුතුය

බටුවංගල සමිද්ධි හිමි
සමාධි පරිසර සහ සමාජ සංවිධානය

No comments:

Post a Comment