Saturday, March 11, 2017

මනා සිහියෙන් අන්තවාදය දුරුකරමු




  
බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය

අන්තවාදයමූල ධර්මවාදය යනු දශක දෙකක පමණ කාලයක සිට ආගමික පරිසරයෙන් බහුලව ඇසෙන සහ කතාකරන මාතෘකාවන්යබෞද්ධ සමාජය බෞද්ධ නොවන ඇතැම් ආගමික කණ්ඩායම් අන්තවාදී සහ මූල ධර්මවාදීන් ලෙස නම් කරද්දී අලුත්ම තත්වය නම් බෞද්ධ අන්තවාදය සහ මූල ධර්මවාදය ගැනද කතා බහට ලක්වෙමින් පවතීමෙහි අදහස නම් ආගම් භේදයෙන් හෝ ජාති භේදයෙන් තොරව අන්තවාදී අදහස් දරන්නෝ සිටිතිසියලු අන්තවාදයන් දුරු කොට මනස විවෘත කිරීමට අනුබල දෙන බෞද්ධ ඉගැන්වීම් මගින් අන්තවාදී තත්වයන් දුරු කිරීමට ලැබෙන මග පෙන්වීම මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ..

යම්කිසි අදහසකින්මතවාදයකින් හෝ ආකල්පය හෝ දැක්ම නිසා මනසේ දේවේෂ සහගත බවඑම මතවාදයන් දැඩිව අල්ලාගැනීමෙන් ඇතිවෙන ලෝභය සහ මුලාවට පත්වන්නේ නම්එපමණින්ම එය අන්තගාමී වේතමා කැමැති මතවාදයෙන් හෙවත් ඡන්දයෙන් අගතගාමීවීම දේවේෂයභයමෝහය ඇති කරවන බව මූලික බෞද්ධ ඉගැන්වීමයිමෙම ධර්මය සතර අගතිය ලෙස නම් කෙරේඅවපක්ෂයට යන සද මෙන් පුද්ගලයාගේ යහපත් හැගීම් සහ ගුණාංග සතර අගතියෙන් පිරිහෙන බව බුදුහු උපමාවකින් වදාළහ.

බුදු රජාණන් වහන්සේගේ ඉහත දහම අපි උදාහරණයකින් අවබෝදකිරීමට උත්සහ කරමුකිසියම ආගමිකයෙකු තමන්ගේ ආගම තමයි උතුම්ම සහ සත්‍යයයි සිතාගෙන අනෙක් සියලු ආගම් විනාශ කළයුතුයයි සිතනකෙනෙක් ඡ්න්දයෙන් හෙවත් තමන්ගේ අදහසින් අගතිගාමී වේඔහු අගතිගාමී නිසා ඔහුගේ යහපත් ගුණ දිනෙන් දින පිරිහේයිතමන්ගෙ අදහස දැඩිව අල්ලාගෙන සිටින බැවින් මුලාව හෙවත් නිතරම මෝඩකම මතුකෙරේඔහු දුරදිග නොබලන මෝඩයෙකු නිසා වෙනත් ආගමිකයෙකු දකින විට තරහවෙන්ද්වේශයෙන් ඉපිලෙයිවෙනත් ආගමික ස්ථානයක දියුණුව දකින විටතමන්ගේ ආගම විනාශ වනවාය යන බියෙන් සලිත වේමේ ආකාරයට මෝහයද්වේශයබිය නිතරම මනසේ ඇතිවන බැවින් යහපත් ගුණයන් පිරිහේ.
මෙම අන්තගාමී අදහස් දැරීම ආගමික වශයෙන් පමණක් නොවඕනැම දෙයක් කෙරෙහිවිෂයක් කෙරෙහිපුද්ගලයන් කෙරෙහි ඇතිවිය හැකියඇතැම්හු දේශපාලන අදහස්මත ඉතා තදින් විශ්වාස කරතිඔවුන් පසුව අනුන් සමග තරහව,ද්වේශ සහ බිය නිසා විශාල ගැටුම් ඇතිකර ගනිතිමානව ඉතිහාසයේදී මිලියන ගණනක් ජීවිත ඝාතනය වී ඇත්තේ එහි ප්‍රතිපලයක් ලෙසය.

අන්තගාමීවීම ඉතා සරල දේ කෙරෙහිද ඇතිවිය හැකියමම හදුනන හිමිනමක් ඇල්වතුර පානය කිරීම අගුණයයි දැඩිව විශ්වාස කළේයදිනකට වතුර ලීටර් 5-6ක් පානය කළයුතු බව පැවසූ අවස්ථාවක ඔහු මගෙන් විකාරදැයි ඇසීය.වතුරපානය සෙම ආදී රෝග ඇතිකරන බවට ඒ හිමියන් තදින් විශ්වාස කළෝයදැනට ඒ හිමියෝ පිළිකා සහ තවත් රෝග රැසකින් දුක් විදිතිවතුර අඩුවෙන් පානය කිරීම මූලික හේතුවක් ලෙස වෛද්‍යවරුන් හදුනාගෙන ඇතතමන් දරණ මතයෙන් අන්තගාමී නිසා මනසේ ඇතිකරවන සැකයබිය අයහපත් ප්‍රතිපල ඇතිකරවයි.
ගැහැණු චපලයයි විශ්වාස කරන පිරිමි එම මතය කිසිසේත්ම වෙනස් කර නොගනිතිසැම ගැහැණියක්ම චපලයයි ඔවුන් සිතතිගැහැණියක් වටා ගෙතුණු හෝ සිදු වූ සිද්ධි ඇසුණු විට තමන්ගේ මතය නිවැරැදියයි ඔවුන් තවත් තම මතය තහවුරු කරගනිතිතම බිරිද දෙසයෙහෙලියන්අසල්වැසියන් දෙස තම දරාගත් කණ්නාඩියෙන් බලයිඑයින් තමන්ගේ ආදරණීය සබදතා බිද ගනිතිඡ්න්දය නිසා සැකයභීතියමුලාවට පත්වීම මානසික රෝගී තත්වයකි.

පුද්ගලයෙකු අගතිගාමී අදහස් ඇතිකරගැනීම සහ එය මානසික රෝගීතත්වයක් තෙක් වැඩෙන ආකාරය මුල් බෞද්ධ ඉගැන්වීම්වල විග්‍රහ කෙරේ "සංකප්ප රාගසහ "දිට්ඨි පරාමාසයන අවස්ථා දෙක මගිනිසංකප්ප රාග අවස්ථාව යනු අප කිසියම් අදහසක්මතයක් ඇසීමෙන් එම අදහසටමතයට දක්වන කැමැත්තයිඅසන දේ ගැන විභාගකිරීමක්,නිවැරදිදැයි විමසීමක් නොකරයිඑවැනි අදහසක් තමන්දැරීමෙන් තමන්ට සහ අනුන්ට ඇතිවන ප්‍රයෝජනය ගැන නොසිතයිසිතේ ඇති රාගිකබව හෙවත් ඇලීමේ ගතිය නිසා ඇතැම් සංකල්ප කෙරෙහි සිත නැඹුරු වෙයි. .



ඊලග අවස්ථාවේදී වගවිභාගයකින් තොරව අල්ලාගත්මතය මනස තුළ වැඩෙයිඑම මතය වඩාත් නිවැරදියයි තමන්ම විවිධ තර්ක විතර්ක මගින් තහවුරු කරගනියිඑනම් දිට්ඨි පරාමාස කරගැනීමයිතම දෘෂ්ටිය පරම සත්‍ය ලෙස විශ්වාස කරති.මෙම රෝගී තත්වය කෙතරම් උග්‍ර වනවාදයත් "ඉදමෙව සච්චංඅඤ්ඤං මෝඝංතමන් දරන මතය පමණක් නිවැරදියි අනෙක් සියල්ල මිත්‍යාවන් ලෙස සලකන නොමිනිස් තත්වයට පත්වේ.

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයිබුදුන් උපන්නේ ලංකාවේයයි තහවුරු කිරීමට තරගකරන අයත්දේවයන් වහන්සේගේ රාජ්‍යය පිළිබද සිහින දකින අයත්තම අදහස වෙනුවෙන් ගෙදර අයත් සමග රංඩු කරන අයත්වැඩ කරන ස්ථානයේදී භේදබින්න කරගැනීමටත්දේශපාලන නායකයන් අත්ථනෝමතික වීම දක්වාත් මෙම මානසික රෝගී තත්වය මිනිස් මනස තුළ මුල්බැහැගෙන ඇත

මනා සිහියෙන් අන්තවාදය මනසින් බැහැර කිරීමට නම් සැම අරමුණක්අදහසක් කෙරෙහි සිහිය පිහිටුවාගත යුතුය.රාහුලෝවාද සූත්‍රයෙන්කාලාම සූත්‍රයෙන් ඉගැන්වෙන පරිදි තමා දරණ මතය අනුන්ට සහ තමන්ට යහපත ගෙනදෙන්නේදතම මනසේ ලෝභයද්වේෂතරහවතරගය ආදී මනසික තත්වයන් දුරුවන්නේදැයි විමසිය යුතුය.

No comments:

Post a Comment