Thursday, December 8, 2016

වැරදි දෘෂ්ටිය අප අන්ධ කරවයි

Image result for lauf junge lauf


වැරදි දෘෂ්ටිය අප අන්ධ කරවයි. වෛරය, තරහව, කෝපය, පළිගැනීම ආදී අමානුෂීය දුර්ගුණයන් ඇති කරවයි. ආගම, ජාතිය, රට, ප්‍රදේශය, පවුල ආදී දෙයින් අන්ධවූවන් සියලු තැන්හි සිටිති. ඔවුන් වැරදි දෘෂ්ටි අල්ලාගෙන එයින් දුක් විදිති. ජාති, ආගම්වාදයෙන් අන්ධවූවන් ඔවුන් අන්තවාදීන් බව නොදනිති. ඔවුන් සිතන්නේ ඔවුන් සැබැ දේශප්‍රේමීන්, භක්තිමතුන් බවය. නොදැනුවත්වම තම රට, ජාතියේ, ආගමේ ගෞරවය කෙළෙසා දමන්නේ ඔවුන්මය. පුද්ගලයෙකුගේ හෝ රටක, ආගමක ගෞරවය රැකෙන්නේ එවා නියෝජනය කරන පිරිස දරණ දෘෂ්ටිවාදය සහ හැසිරීම කොතරම් සදාචාරාත්මකද? යන්න මතය.

මෙය ලිවීමට අදහස් කළේ මේ දිනවල ප්‍රචාරය වන සම්මාන රැසක් ලබාගත් සිනමා නිර්මානයක් වන "Lauf Junge lauf"වෙනුවෙනි. මෙහි සිංහල අර්ථය "දුවන්න කොල්ලා දුවන්න" යනුවෙන් පරිවර්තනය කළ හැකිය.

සෘලික් යනු සිව්පස් වයසැති (9) ජර්මනියේ උපන් යුදෙව් ළමයෙකි.ඔහුට සිය පවුලෙන් වෙන්වීමට සිදුවන්නේ නාසි දෘෂ්ටිවාදයෙන් අන්ධවූවන්ගෙන් ජීවිතය බෙරාගැනීමටය. පියා ඔහුට තරයේ කියා සිටින්නේ ඔහු යුදෙව්වෙකු බව අමතක කරන ලෙසය. මෙම කුඩා ළමයා ඉදිරියේදීම හමුදාව විසින් පියා වෙඩිතබා ඝාතනය කරන ලදි. නාසි අවදියේදී ජර්මානු හමුදාවෙන් පලායැමට දරණ දරුවෙකුගේ අරගලය සිනමා නිර්මානයෙන් දිගහැරේ. ළමයෙකු ලෙස ලබන කූර, කටුක අත්දැකීම් හැගීම් බරය. එය මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සානුකම්පිතවීමට උත්තේජනය කරවයි.

අන්තවාදී ජාති සහ ජාතිකවාදී අදහස් දරන්නෝ ළමයාට බත් පිඩක්, වතුර පොදක්දීමට මැළිවෙති. ප්‍රතික්ෂේප කරති. යහපත් දෘෂ්ටියෙන් හෙබි මිනිසුන් සානුකම්පිතව ඔහුට රැකවරණය ලබාදෙති. එක ජර්මානු කාන්තාවක මේ දරුවා කෙරෙහි දාරක ප්‍රේමයෙන් සත්කාර කරන්නීය. මානව සබදතා සී සී කඩ බිදුනු සමාජයක, යුදවාදී, වර්ගවාදී චින්තනයෙන් උම්මත්තක වූ සමාජයක ඇතැම් යහපත් මිනිසුන් ඊට එරෙහිව යෙදෙන්නේ නිහඩ විප්ලවයකය. නමුත් ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ ඉව තියුණුය. එවැනි මිනිසුන් කෙරෙහි මුදාහරින කූරත්වය අතිශයින්ම ප්‍රචණ්ඩය.නාසි හමුදාව ඇයගේ සියලු දේපළ කොල්ල කති. ගිනිබත් කරති. නමුත් ඇයගේ නිහඩ, මානුෂවාදී විප්ලවය ඉන් නතර ´නොකරන්නීය.

කුඩා සෘලික් තමන්ගේ අන්න්‍යතාවය සැගවීමට දරණ උත්සාහයද අතිශයින්ම සංවේගජනකය. යුදෙව් ළමයෙක් ලෙස හදුනාගතහොත් ඔහුට අත්පත්වන්නේ මරණයයි.  යුරෙක් ලෙස නම වෙනස් කරගන්නා ලෙස පියා කියාදුන් නමුදු එය ළමයෙකුට පහසු නැත. අනෙක් අතට ආගමික අන්න්‍යතාද පෙන්විය යුතුය. බැතිමත් කතෝලිකයෙකු බව හැගවීමට ඔහු කාන්තාවගෙන් ඉගෙනගනියි.  නමුත් එය පහසු නැත. යුදෙව්වකු ලෙස සුන්නත් කර ඇති ඔහුගේ ලිංගෙන්ද්‍රය සැගවීමට, ඒ ගැන බොරුවක් කියයි. අවසානයෙදී අතක් පවා අහිමිවන දරුවාගේ අරගලය නිමාවන්නේ නාසි පාලනය නිමාවීමෙන්ය.

 ඔහු නැවත උපන් ගමට පැමිණෙන්නේ කාත් කවුරුවත් නැති, බිහිසුණු මතකයන් සිහිපත් කරවන ගරාවැටුණු උපන් ගෙදර සහ වටපිටාවකටය. පියාගේ මරණය, අත අහිමිවීම සහ තවත් බිහිසුණු අත්දැකීම් පුංචි දරුවාගේ ළමාවිය අහිමි කර ඇත.

ඔනෑම අන්තවාදයක් අන්තවාදීවන්නේ ද්වෙෂය, තරහව, මුලාව ඇතිකරවන නිසා බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමය. අන්ත්වාදීන්ගේ දෘෂ්ටිය සියලු දෙනාට කූරත්වය, වෛරය ඇතිකරවයි. එයින් මිනිස් සමාජයේ යහපත් සබදතා සුනුවිසුණු කරවයි. මිනිස් සමාජය කෙරෙහි සුළු හෝ අනුකම්පාවක් ඇති, මිනිසුන්ගේ පරම යුතුකම වියයුත්තේ අන්ත්වාදයන් හදුනාගෙන ඉවත්වීමත්, මානව සමාජය කෙරෙහි සානුකම්පිතවීමත්ය.

Saturday, August 20, 2016

ඒ විමුක්‌ති මග මා සතුය

 ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති 
විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි

 
බුදු රජාණන් වහන්සේගේ ධර්මය සෑම දෙසින්ම ඇසේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උන්වහන්සේ පිදුමට ජනයා සුදානම් වෙති.. මෙහිදී වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ විමුක්‌තිය ලැබූ ආකාරයත්, එම විමුක්‌ති රසය වෙනත් අයට අත්දැකීමට සැලසූ ආකාරයත්ය. බුදු දහම සියලු දුක්‌ නෑසීම පිණිස පවතින්නේය. සියලු දුක්‌ නැසීමට ජනයා උනන්දු කරවයි. ඒ සඳහා අවශ්‍ය මාර්ගය මැනවින් දේශිතය.

බුදුරජාණන් වහන්සේ විමුක්‌තිය කුමක්‌දැයි සොයන සමයේ විමුක්‌තිය ලැබීමට විවිධ ක්‍රම අනුගමනය කළහ. ඒ බොහෝ ක්‍රම ආත්මය දැවීමට ඉලක්‌කගත විය. තමාගේ ශරීරයෙන් වෙන්ව පවතින ආත්මය පිරිසිදු කිරීමට ශරීරයට දුක්‌දීම ප්‍රසිද්ධ ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ එම ක්‍රම අනුගමනය කළහ. උන්වහන්සේ එම ක්‍රමවල ස්‌වභාවය අනුව සාරාංශ කළහ.

01 අත්තන්තප : තමා වෙත දුක්‌ පීඩා පමුණුවා ගැනීම. එනම් අඩුවෙන් ආහාර ගැනීම, ගස්‌ පොතු, කොළ, ගෙඩි, අසූචි වැනි කටුක දේ ආහාරයට ගැනීම. ශාරීකව පිරිසිදු නොවීම, ගින්දරවලින් ශරීරය තැවීම, හිස කෙස්‌, නිය ආදිය නොකැපීම ආදී තවත් දුක්‌දීම් විමුක්‌තිය පිණිස භාවිත කළෝය.

02 පරන්තප : අනුන් වෙත දුක්‌ පීඩා පැමිණවීම

03 අත්තන්ත සහ පරන්තප : තමා වෙත සහ අනුන් වෙත දුක්‌ පීඩා ගෙනදීම

තමන්ගේ විමුක්‌තිය පිණිස තාමට හෝ අනුන්ට දුක්‌ පීඩා පැමිණවීම විමුක්‌තිය පිණිස හේතු නොවන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. තමා විසින් තමන්ට දුක්‌දීම හෝ අනුන්ට දුක්‌දීමෙන් සිතෙහි එකඟ බව පවත්වා ගැනීමට දුෂ්කරය. යහපත් සිහිය පිරිහේ.

දීඝනිකායේ උදුම්බරික සීහනාද සූත්‍රයේදී විමුක්‌තිය වෙනුවෙන් තමන්ට දුක්‌ දීමෙන් ඇතිවන මානසික වියවුල් පෙන්වා දුන්හ. තමන් මෙවැනි දුෂ්කර ප්‍රතිපදාවක්‌ කරන්නේ යෑයි තමා උත්කර්ෂයට නන්වාගනියි. අනෙක්‌ අය ඉදිරියේ තමන් උසස්‌ කෙනෙක්‌ බව පෙන්වයි. ඒ සමගම අනෙක්‌ අය හෙළා දැකීමටද නැඹුරු විය හැකිය. ජනාදරය දිනාගැනීමට එවැනි දෑ භවිතා කළ හැකිය. විශේෂයෙන්ම ධනවතුන්ගේ අවධානය දිනාගැනීමට තැත් කරයි. විශේෂයෙන්ම තමන්ට විශේෂ වික්‍රම පෑමේ හැකියාව ඇති බව හඟවමින් ජනයාගේ විශේෂ අනුග්‍රහය ලබාගැනීමට තැත් කරයි.

අද පමණක්‌ නොව බුදුන් දවස ද ආගමික පරිසරයෙන් දිස්‌වන්නේ අවංක නොවන ශ්‍රමණයන් මෙන්ම ආගමික වෘතයන් රඟදක්‌වන ලද කොටස්‌ සිටි බවයි. මෙවැනි කොටස්‌ ධර්මයෙහි ඇති හරවත් දෑ විනාශ කරති. යහපතෙහි හැසිරීම අමතක කරවති. ධර්මයෙහි ඇති සරල සුමග සහජීවනය සිඳලති. ඒ වෙනුවට ධර්මයෙන් තොර මායාකාරී දෑ, විසිතුරු දෑ මහ ජනයාට පෙන්වති.

බුදුරජාණන් වහන්සේ විමුක්‌තිය ලැබීමේ මග ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙළි කළහ. සියලු කායික, මානසික සංසාරික දුක්‌ නැතිකිරීමේ මග එයයි. එය සදාචාරවත් මගයි. සියලු සදාචාර ධර්මයන් අඩංගු වන පරිපූර්ණ මාර්ගයයි. කවරෙකු හෝ තමන්ගේ දුක්‌ සිඳලන්නේ නම් ඒ මේ මග අනුගමනය කිරීමෙනි. සෑම අගයකටම මුලින් 'සම්මා' යන විශේෂණ පදයෙන් 'යහපත' යන්න මැනවින් අවධාරණ කර ඇත.

තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය නිරීක්‌ෂණය කිරීමට පෙළඹවීම බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙහි විශේෂත්වයකි. ක්‍රියාව සහ ප්‍රතිඵලය අතර පවතින අන්තර් සම්බන්ධය නිරීක්‌ෂණය කිරීම, නුවණින් විමසීම ධර්මය අනුගමනය කිරීමේ මූලික ක්‍රමවේදයයි. දුක ඇතිකරවන ක්‍රියාවෙන් තොරවීමත්, තමන්ට සහ අනුන්ට යහපත් සතුට ගෙන දෙන ප්‍රතිsඵල ඇති ක්‍රියාවන්හි නිරතවීමත් ධර්මය අනුගමනය කරන්නාගේ ක්‍රියා පිළිවෙතයි. ප්‍රතිඵල යහපත් කරවන ක්‍රියාවන් කිරීමට අවශ්‍යම සිහිය පොළඹවා ගතයුතුය. මෙය සතිය පිහිටුවීම වශයෙන් හැඳින් වේ.

එහෙයින් බුදු දහමෙන් ඉගැන්වෙන විමුක්‌ති මග නම් තමාගේ වැරදි සිතීමෙහි, හැසිරීමෙහි සහ කතාවේ හානිකර ප්‍රතිඵල ගැන සිහිය ඇතිකර ගනිමින් තමා විසින් තමන්ම පිරිසිදු කරගැනීමයි.

Thursday, July 21, 2016

අධ්‍යාත්මික හරයෙන් අඩු ආගමික වටපිටාව

Image result for spirituellement විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය


කට්‌ටඩිකම්, කොඩිවින, ආත්මය ගලවාගන්නා දෙවිවරු, සියලු දේ ලබාදෙන අස්‌වාභාවික බලවේග, හාස්‌කම් පෙන්වන පුද්ගලයන් සහ තවත් ගරහිත විද්‍යාවන්ගෙන් පිරුණු වටපිටාවක සිත මුළාකිරීම නිෂ්ප්‍රයෝජන බවත්, යහපත් සිහිය පුරුදු කිරීම සියලු දුක්‌ නැතිකිරීමේ ක්‍රමවේදය ලෙසත් බුදුරජාණන් වහන්සේ හෙළි කළහ. මෙම හෙළිදරව්ව අන්ධ විශ්වාසයන්ගෙන් වැසුණු ආගමික වටපිටාව නව මගකට හැරුව්වේය. විශ්වාසයන්ගෙන් අන්ධවනවා වෙනුවට සිහිය පුහුණු කිරීමෙන් ප්‍රඥා ඇස උපදවාගැනීම උතුම්යෑයි පෙන්නූහ. බුදු දහමේ විශිෂ්ටත්වයද එයයි.
ආගම සම්බන්ධ කරුණු දෙකක්‌ නිතරම ලෝකයා අන්ධ කරයි. තවත් විටෙක ඇස උපදවයි. යහපතට කැඳවයි. මෙම කරුණු දෙක නම්:
1) තමන්ගෙන් තොර ව බාහිර බලවේග පිළිබඳ විශ්වාසය.
2) යළි ඉපදී සැප විඳීම පිළිබද විශ්වාසය .
ඇතැම් බෞද්ධ උපාසකයන්ද මෙම කරුණු දෙකින් අන්ධය. ඇතැම්හු සිතන්නේ භික්‌ෂුන්ට යම් යම් දේ පූජාකළ විට සියල්ල සම්පූර්ණ බවයි. ඔවුන් අපේක්‌ෂා කරන්නේ තමන්ට වැඩිවැඩියෙන් ලබාදෙන බලවේගයක්‌ ඇති බවයි. නැතිනම් මරණින් මතු දිව්‍ය ලෝකවල ඉපදීමේ තණ්‌හාවයි. දැනට පවතින ඇතැම් නාලිකාවල පවා වාසිය පතා හණමිටි අදහස්‌වලින් උපාසකයන් අන්ධ කොට ලාබ ලබයි. එහි අනිසි ප්‍රතිපලය නම් කිසිම ප්‍රයෝජනයක්‌ නැති දෙවල් කිරීමයි. ඒවායෙහි නිෂ්ප්‍රයෝජනය පෙන්වා දුන්නොත් අපටද ඔවුන් දොස්‌නගති. මෙසේ අන්ධ අදහස්‌වලින් අන්ධ වන්නේ ඉහත ආගමික කරුණු දෙක නිසාය.
භික්‌ෂුන්ට ඇතැම් දේ පූජා කළ යුතුවන්නේ ඉහත ආකාරයේ විශ්වාස මත පිහිටා නොව සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇති පරිදි අවබෝධයෙන්ය. අර්ථයෙන් ධර්මයෙන් කරුණාවෙන් දහම් දේශනා කරන භික්‌ෂුන්ගේ සිව්පසය, අවශ්‍යතා සැපයීම යුතුකමකි. එය කළ යුතුවන්නේ තමන්ට අවශ්‍ය දේ පූජාකොට දිව්‍ය ලෝකයට කෙටි මගක්‌ වෙනුවෙන් නොව භික්‌ෂුන්ගේ අවශ්‍යතා සැපයීමටය. එමගින් තමන්ගෙ යහපත් ගුණ වැඩේ. කරුණාවෙන් කෙළෙහිගුණ දැක්‌වීමට ෙච්තනාව ඇති බැවින් එම ගුණ ජීවිතයට පුහුණු වේ. එයින් දුක තුරන් කළ හැකිය.
ඉහත නිදසුන එකක්‌ පමණි. අද බෞද්ධ සංස්‌කෘතිය ඉහත ආගමික කරුණු දෙකින් පිරී ඇත. ඒවා ඉවත් කොට බුදුදහමේ හරය, බුද්ධිමත් භාවිතාවන් මතුකර නොගතහොත් මෝඩ උපාසකයන්ගේ මළවිකාර මැද බුදු දහම, ලාංකේය බෞද්ධ සංස්‌කෘතිය විහිළුවක්‌, විකාරයක්‌ වනු ඇත. තරුණ පරපුර එයට හිනාවෙනු ඇත. ඔවුන් පන්සලෙන් ඈත්වෙනු ඇත.
තමන්ගෙන් තොර ව බාහිර බලවේග පිළබඳ විශ්වාස, යළි ඉපදී සැප විඳීම යන කරුණු දෙක අයත් වන්නේ විඤ්ඤාණවාදයටයි. බුදුරජාණන් වහන්සේ තමන් විඤ්ඤාණවාදියෙක්‌ නොවන බව දෙසූහ. මන්ද එයින් කෙනෙක්‌ අන්තගාමී වන්නේය. යහපත කිරීමට සිහිය ඇති කරගන්නවා වෙනුවට අසිහියෙන් විශ්වාසයක්‌ මත පිහිටයි.
ඉහත කරුණු දෙක හුදු විඤ්ඤාණවාදයකට පමණක්‌ සීමා නොකොට, ජීවිතයේදී අත්විදිය හැකි, වර්තමානයේදීම ප්‍රතිඵල ලැබිය හැකි ධර්මයක්‌ ලෙසද භාවිත කළ හැකිය. බුදු රජාණන් වහන්සේ කර්මානුරූපීව ආනිසංස හෝ විපාක ලැබීම දේශනා කළේ එම මානයෙන්ය. පළමු කරුණ වන තමන්ගෙන් තොරව බාහිර බලවේග පිළිබඳ විශ්වාසය සලකා බලමු. කෙනෙකු වර්තමානයේදී එනම් දැන් යහපත් සිහියෙන්, යහපත් හැඟීමෙන්, යහපත් ෙච්තනාවෙන්, යහපත් දැක්‌මෙන් යුතුවන්නේ නම්, බොහෝ අයගේ පැසසුමට ඔහු පත්වන්නේය. ඔහුගේ ප්‍රසන්න මනස නිතර ඔහුට සතුට ඇති කරවයි. එය බාහිර නොපෙනෙන බලවේගයක්‌ නිසා නොව තමන්ගේ සිත යහපත් බැවින් බාහිර බලවේග තමන්ට ආකර්ෂණය වේ.
මෙය පරමාණු විද්‍යාවේ ඉගැන්වෙන න්‍යායට සමානය. එනම් එකම බලයන් එකට එකතුවීමයි. බුදු රජාණන් වහන්සේ වරක්‌ දේශනා කළේ යහපත් මිනිසුන්ට දෙවිවරු පවා ගරුකරන බවයි. ස්‌වභාදහමේ නොපෙනෙන බලවේග පවා යහපත් සිහිය පුරුදු කරන්නාට ආකර්ෂණය වේ. තවත් විටෙක ප්‍රතිපත්තිගරුක, යහපතෙහි නිරත වන පුද්ගලයන්ට ග්‍රහ, තරුවලට කළ හැකි නරක බලපෑමක්‌ නැති බව දෙසූහ. යහපත් සිහිය පුරුදු කරන්නාට සියලු යහපත සැලසේ.
අපි යහපත කළ යුතුවන්නේ මරණින් පසු සැප විඳීමේ බලාපොරොත්තුවෙන් නොව, ප්‍රසන්න මනසක්‌ ඇතිකරගැනීමෙන් ගුණයන් පුරුදු කොට දුක නිවීමටය. දෙවන කරුණ වන යළි ඉපදී සැප විඳීම පිළිබද විශ්වාසය මෙයට අදාළය. මෙම මිථ්‍යා විශ්වාසය මිනිසාට පොවා ඇත්තේ මහණකමින් ජීවිකාව රැකගන්නා අය වයසක මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජනය බලාපොරොත්තුවෙන්ය.
වර්තමානයේදී ප්‍රසන්න මනසක්‌ කෙනෙකුට පිංකම් කිරීමෙන් ඇති කරගැනීමට නොහැකිනම් ඉන් ලැබෙන ආනිසංසය අල්පය. තරගෙට නාලිකාවල ධර්ම දේශනා කරවන අය, නිතර මල් අතේ තියාගෙන මෙන්න බුදුන් මල් කියා ගත්ත අය මට නිතර හමුවේ. ඔවුන් සිතන්නේ හොදින් බුදු දහම අදහන බවයි. නමුත් ඔවුන්ගේ මානසිකත්වය ප්‍රසන්න නැත. නිතර නොසංසුන්ය. ළාමක සිතුවිලිවලින් පිරී ඇත.
අධ්‍යාත්මික හරයෙන් යුතු ආගමික භාවිතාවක ලක්‌ෂණය, ගුණය වන්නේ ප්‍රසන්න මනසක්‌ ඇති කරගැනීමයි. ප්‍රසන්න මනස ඇති වන්නේ යහපත් ක්‍රියාවෙනි. එය යහපත් සිහියයි. මෙම යහපත් සිහිය දුක නැති කරවයි. සියලු බලවේග ඊට නතුවේ. වර්තමානයේ ප්‍රසන්න මනසක්‌ ඇති කෙනා මරණින් පසු ජීවිතය ගැන බිය වන්නේ නැත.


2016 ඇසළ පොහෝ දින දිවයින පුවත් පතේ පළ වූවකි.


Thursday, July 7, 2016

අපෙක්ෂාවෙන් නොව අවශ්‍යතාවයෙන් ජීවත්වෙමු


Image result for money and madness at lehman brothers


විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය

2016/06/21 වන දින දිවයින පුවත් පතෙහි පලකරන ලද ලිපියකි.

යථාලාභ සංතෘෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම ප්‍රයෝජනවත්, සැහැල්ලු දිවිපැවැත්මට අනුබල දෙන බෞද්ධ ඉගැන්වීමකි. ඉවසීම, අයථාක්‍රමවලින් ධනය ඉපැයීමෙන් වැළැකීම, තිබෙන දෙය මැනවින් කලමණාකරණය කිරීම ආදී ගුණාංග ආරක්ෂාකරවයි. අනෙක් අතට ඉහත ගුණාංග තවදුරටත් වර්ධනය කරයි. එමෙන්ම මෙම දහම ගැන වැරදි අදහස්ද ඇත. එනම් පොහොසත්වීමට දිරිනොගන්වන ඉගැන්වීමක් ලෙසය. මෙම ලිපියෙන් අපි නිවැරදිව ලද දෙයින් සතුටුවීම ගැන අවබෝද කරමු.

"සංතුට්ඨී පරමං ධනං" සතුට පරම ධනයයි. නමුත් ඇතැම් පුහු මිනිසුන් සිතන්නේ ධනය පරම සතුට බවයි. ධනය පරම සතුට නොවුනත් එයද ජීවිතයට සතුට, පහසුවෙන් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකසයි. එහෙයින් ධනය අවශ්‍යය. නමුත් අපි ධනය වෙනුවෙන් ජීවත්නොවෙමු. මුදල්, ගෙවල්,වාහන අපට අවශ්‍ය වන්නේ ජීවිතය පහසු කරගැනීමටය.

ධනය වෙනුවෙන් මුලු ජීවිතයම වන්දිගෙවන මිනිසුන් ඇත. ඔවුන් තමන්ගේ අවශ්‍යතා හදුනානොගනිති. ඒ වෙනුවට අපේක්ෂා රෑසක් හිසමත දරාගනිති. ජීවිතයට බර, කරදර රෑසක් නිර්මානය කරගනිති. තමන් මනසින් සැහැල්ලුවට පත් නොවේ.

අවශ්‍යතාවයන් වෙනුවට අපේක්ෂාවන් ඉහවහ යන්නේ තමන් අනුන් සමග සංසන්දනය කිරීම නිසාය. තමන්ගේ සහොදර, සහෝදරියන්, ඤාතීන් හෝ ගමේ අය, අසල්වැසියන් අදීන් සමග තමන්ට ඇති දේ සහ නැතිදේ සංසන්දනය කරයි. තමන්ට නැති දේ කෙසේ හෝ ලබගැනීමේ තරගකාරී මානසිකත්වය ඇති වේ. තමන්ට අවශ්‍ය නොවුනත්, ලොකුගෙයක් හැදීම, ප්‍රමාණවත් මුදල් නොවුනත් මිළ අධික වාහන සහ තව නොයකුත් දේ අපේක්ෂා කරයි.

ප්‍රයෝජනයක් නැති තරගකාරී මානසිකත්වය නිසා සිදුවන්නේ තමන්ගේ යහපත් ගුණයන් පිරිහීමයි. අනෙකාට ඊර්ෂියා කරයි. තියෙන කෙනාට වෛර කරයි. ණය කරුවෙක් බවට පත්වේ. ලීසිං කොම්පැනිවලට කොයිවේලාවේ හෝ දේපළ අයිති වේයයි බියෙන් යුත්ත වේ. තමන් තමන්ට ආදරය නොකරයි. වේලාවට අනුභව කිරීම, පහසුවෙන් නින්දනොයැම ආදී පීඩනයන් රැසක් තමන්ට තමන් විසින්ම ඇතිකර ගනියි. මිහිපිටම අපායක් නිර්මාණය කරගනියි.

ඇත්තටම බොහෝ මිනිසුන් කටයුතු කරන්නේ අවශ්‍යතාවයට නොව, අනුන්ට තමන්ගේ පුරාජේරුව පෙන්වීමටය. මෙය පහත් මානසික මට්ටමකි. අවිද්‍යාවෙන් අන්ද වූ අය එය නොදනියි. නිවස ඉදිරිපිට කර් එකක් ප්‍රදර්ශනය කිරීම වර්තමානයේ රැල්ලක් බවට පත්ව ඇත. කාර් එකක් බොහෝ අයට අවශ්‍ය නොවුනත් තිබෙන බව පෙන්වන්නේ සාමාජයෙන් නම්බුවක් බලාපොරොත්තුවෙනි. නමුත් සමාජයෙන් ලැබෙන විශේෂ නම්බුවක් නැත. අවසානයේ තිබෙන මුදල්වලින් නිකරුනේ ලීසිං ගෙවයි. අඩුමතරමෙන් ප්‍රමාණවත් පරිදි ආහාර හෝ වෙනත් අවශ්‍යතා නැතිව රෝගීන් බවට පත්වේ.

අපෙක්ෂා රැසක් ඇති පුද්ගලයා අයථාක්‍රම මගින්, අවිනීතියෙන් මුදල් ඉපැයීමට පෙළඹේ. සූදුව, සොරසල්ලි මුද්‍රණය, මංකොල්ලකැම් ආදී අපචාර ක්‍රියාවන්ගෙන් ජීවිතය විනාශ කර ගනියි. තමන්ගේ සුදුසුකම්, හැකියාවන් මගින් ධනය ඉපැයීම අමතක වේ. හැකියාවන් අවභාවිතා කරයි.තමන්ට ඇති සම්පත් නිවැරදිව භාවිතා කිරීම නොසලකා හරියි. ගෙදරදොර අනෙකුත් දේවල්වල පිළිවෙළක් නැත. නිවැරදි කළමනාකරණයක් නැත.

ලද දෙයින් සතුටුවීම යනු තමන්ට ඇති දේ මැනවින් හදුනාගෙන එයින් නිසියාකාරයෙන් ප්‍රයෝජන ගැනීමයි.හොදින් කළමණාකරණය කිරීමයි. ඉන්පසුව ඉදිරි පියවරගැන සැලසුම් කළහැකිය.එනම් ක්‍රමක්ක්‍රමයෙන් ඉදිරියටයැමයි. මෙහිදී ඉවසීම, උපක්‍රමශීලීබව අවශ්‍යය.

තම සන්තක දේ හොදින් භාවිතා කිරීමෙදී ඒ මත පදනම් වන නව අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළහැකිය. එය කිසියම් අවස්ථාවක බිදවැටෙන සුළුප්‍රමාණය අවමය. යම් පසුබමක් ඇති වුණත් මැනවින් මුල්බැසගත් පදනමක් ඇති බැවින් විනාශයට පත් නොවේ.
තමන් විසින් උපයාගත් දේයක් ඇතැයි යන සතුට "අත්ථි සුඛ" ඇති වේ. ණය නොවන බැවින් අණන සුඛය හෙවත් ණය නොවීමෙන් ලැබෙන ජිවිත සැනසුම ඇතිවේ. මේ සහනය ජීවිතයට ලබෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය පුහුණු කිරීමෙනි.

Wednesday, May 25, 2016

ෙච්තනාවෙන් පිරිසිදු වෙමු

මෙය දිවයින පුවත් පතෙහි 2016.04.21 වෙසක් පෝ දින පළ කරණලද ලිපියකි.

පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි

අපි අප විසින්ම හදාගත් සිරගෙවල්වල ජීවත් වෙමු. මේ සිරගෙවල් හදන වඩුවාත් අපිමයි. ඒවා විනාශ කරන්න පුළුවන් වන්නෙත් අපිටමයි. මේ බව හෙළිකරන්න තමයි බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා අපිරිමිත උත්සාහයකින් සිරගෙවල් සිඳ අපටද එම මාර්ගය පෙන්වා දුන්හ.

ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු සිර ගෙවල් සිඳ සම්බෝධියට පැමිණ තම ජයග්‍රාහී උදම් වැකිය ප්‍රකාශයට පත් කළහ. සසර නමැති ගෙය හදන වඩුවා සොයමින් ඇවිද්දෙමි. සොයාගතිමි. ඔබට නැවතත් ගෙය සෑදීමට නොහැක. කැණිමඩල ගලවා සියලු පරාල සිඳලූවෙමි.

නොදැනීම නිසා, අවබෝධය අඩු නිසා විවිධ දේවල්, මතවාද, අදහස්‌ දැඩිව අනවබෝධයෙන් අල්ලා ගත්විට එයින්ම බොහෝ වේදනා විදමු. තමන්ගේ අදහසින් පිට වෙනත් කෙනෙකුගේ අදහසක්‌ හෝ කටයුත්තක්‌ නොපිළිගනියි. තමනුත් නොදැනුවත්වම අන්තවාදී වේ. තමන්ම තමන්ගේ සිරගෙය ගොඩනඟයි.

සියලු දෙයින් නිදහස්‌ වූ බුදුරජාණන් වහන්සේ වරෙක අගානා ධර්මයක්‌ දෙසූහ. එනම් ධර්මයවත් දැඩිව අල්ලා නොගන්නා ලෙසය. ධර්මය පහුරකට උපමා කළ උන්වහන්සේ, ගග තරණය කිරීමට පහුර උපකාර වුවද තරණය කිරීමෙන් පසුව පහුර කරමත ඔසවාගෙන නොයයි. එලෙසම ධර්මය දුක නැති කිරීම පිණිස භාවිත කළද එය අන්ධානුකරණයෙන් අල්ලාගත යුතු නැත.

අන්ධානුකරණයෙන් තොරව බුදු දහම පිළිපැදීමේදී වැදගත්ම පියවර තම ෙච්තනාව පිරිසිදු කරගැනීමය. zෙච්තනාහං භික්‌ඛ වේ කම්මං වදාමි' යනුවෙන් බුදුන් වහන්සේ කර්මය ෙච්තනාව ලෙස දෙසූහ. ෙච්තනාවෙන් පිරිසිදුවීම අධ්‍යාත්මික ජීවිතයේ පදනමයි.

සියලු අත්දැකීම් මනස පෙරටුකොට පවතී. සියලු සිතිවිලි මනසේ උපදී. යම්කිසි කෙනෙකු ප්‍රසන්න මනසක්‌ ඇති කරගනියිද, හෙතෙම කියන දේ, කරන දේ ප්‍රසන්නය. එබඳු සුන්දර තැනැත්තා සුවය, සැනසුම විඳියි. මෙයින් ගම්‍ය වන්නේ ෙච්තනාවෙන් පිරිසිදු වීම කායික මානසික සුවය පිණිස පවතින බව නොවේද?

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උතුම්බව, විශිෂ්ඨ බව, සුවිශේෂ බව පවතින්නේ ෙච්තනාව ප්‍රධානබව උගන්වන නිසාය. තරහව, පළිගැනීම් ෙච්තනා සහිතව තමන්ගේ ආගම ආරක්‌ෂා කිරීමට ගන්නා ක්‍රියා මාර්ග පවා බුදුදහමට පටහැනිය. අනුන්ට නපුර කොට, අධාර්මිකව තමන්ගේ අඹු දරුවන්වත් පෝෂණය නොකළ යුතු බව උන්වහන්සේ දෙසූහ.

සිතන සිතීම සමග, කරන ක්‍රියා සමඟ, පිටකරන වචන සමග තමන්ට මෙත්සිත්, පරිත්‍යාග සිත්, යහපත් දැකීම ඇතිවීම ෙච්තනාවෙන් පිරිසිදු වීමය. සියලු අන්ධකාරයෙන් මිදීමට නම්, නිතර මනසේ සතුට, උපේක්‌ෂාව ර¹ගැනීමට පිරිසිදු ෙච්තනාවෙන් ක්‍රියා කළ යුතුමය. අපිරිසිදු ෙච්තනාවෙන් යහපත් ස්‌වරූපයෙන් හැසිරුණද කිසියම් දවසක හෝ ඒවෙලෙහිම ලැඡ්ජාවට, දුකට පත්වේ.

මෙහිදී කරුණු දෙකක්‌ ගැන විශේෂ අවධානය යොමුකළ හැකිය. 1) යම් කෙනෙකු ෙච්තනාවෙන් අපිරිසිදුව, නමුත් පෙනුමෙන් යහපත් ක්‍රියාවක්‌ කරයි. නිදසුනක්‌ ලෙසá යමක්‌ අපේක්‌ෂාවෙන් කෙනෙක්‌ යමක්‌ තවත් කෙනෙකුට දෙයි. මෙය පෙනුමට යහපත්ය. නමුත් ෙච්තනාව එතරම් පිරිසිදු නැති බැවින් තමන්ට සුව ගෙන නොදේ.

2) පෙනුමෙන් ක්‍රියාව ප්‍රසන්න නොවේ. නමුත් ෙච්තනාව යහපත්ය. නිදසුනක්‌ ලෙස( කෙනෙකුගේ යහපත පිණිස තරමක්‌ තදින් දෙයක්‌ අවධාරණය කරයි. ඔහුගේ යහපත පිණිස එය හේතු වේ. ෙච්තනාව යහපත් බැවින් එබදු දෙයින්ද තමන්ට සුව සැලසේ.

මෙහිදී වැදගත් වන්නේ අවංකකමයි. ෙච්තනාවෙන් පිරිසිදු වීම තමන් තමන්ට අවංකවීමයි. මෙය හෘදසාක්‌ෂියයි. ඊට එකඟ නොවන ඕනෑම ක්‍රියාවකින් පසුතැවේ. ඇතැම්විට ලෞකික ලාභයක්‌ තිබිය හැකිය. එයින් ලබන තෘප්තිය තාවකාලිකය. දීර්ඝකාලීනව පසුතැවෙයි.

යහපත් සිහිය පවත්වාගත යුතු වන්නේ ෙච්තනාව පිරිසිදු කරගැනීමටය. ආයතනයක්‌ රකින මුරකරු ඇතුල්වන අය ගැන පරීක්‌ෂාවෙන් පසුවේ. ආයතනයට අදාළ කෙනෙක්‌ද, නැතිනම් අදාළ නැති කෙනෙක්‌ද, යනුවෙන් සැලකිලිමත් වේ. අදාළ නොවන කෙනෙක්‌ නම් විපරම් කොට ඇතුල්වීම වළක්‌වයි. එසේම සිහිය පවත්වන කෙනා තමන්ගේ ෙච්තනාව ගැන පරීක්‌ෂා කරයි. ෙච්තනාව අපිරිසිදු නම් එයින් වැළකීමට පියවර ගනියි. එයින් අහිතකර ප්‍රතිපල වළක්‌වයි.

මෙලෙස ෙච්තනාව පිරිසිදු කරගන්නා තරමට සියලු සිරගෙවල්වලින් මිදී, නිදහස විඳියි. ඔහු දැන්මම ප්‍රීතියට, සොම්නසට පත්වේ. වර්තමානයේ ප්‍රීතිමත් කෙනා අනාගතයේදීද, සදාකල්හිම ප්‍රීතිමත් වේ.

Friday, April 15, 2016

යහපතින් ජීවිතය නැවුම් කරගනිමු



 
විද්‍යාපති
බටුවංගල සමිද්ධි හිමිපාණන් වහන්සේ


 
Image result for kirsche Blumen
ජීවිත්වීමේදී නැවුම්වීම අලුත් ලෙස කටයුතු කිරීමට ප්‍රයෝජනවත්‍ ය​. මිනිසාගේ සුවිශේෂ මානසික තත්වයක් වන නැවුම් බව මිනිසා ඉහළ තත්වයකට පත්වීමට අනුබල දෙයි. නැවුම් ලෙස යමක් ආරම්භ කරමු. එහි නිතර ක්‍රියාත්මක වෙමු. එසේ නිතර යෙදීමෙන් ඒවා අපේ පුරුදු බවට පත්වේ..

පුරුදු මනස පෙරටු කොට පවතී. ඈස, කණ, නාසය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රයන්ගෙන් අපි අත්දෑකීම් ලබමු. එම අත්දෑකිම් අපගේ මනසේ මතකයෙහි රෑදේ. එම මතකය අපට නිරන්තරයෙන් සිතිවිලි අවදි කරවයි. එම සිතුවිලි පෙරටු කරගෙන අපිකතා කරමු. ක්‍රියා කරමු. එය නෑවත නෑවත කිරීමෙන් පුරුදු බවට පත් වේ. මා හට මුණගෑසුණු තරුණයෙකු ඔහු දුම් පානයට ඈබ්බෑහි වූ අයුරු පෑවසුවේය. පාසලේ දී සමවයසේ යහලුවන් සමග දිනක් දුම්පානය කළේය. ඔහුට එය එතරම් වින්දනීය අත්දෑකීමක් නොවීය. නමුත් යහලුවන් මෙය දිනපතා කරන විට ඔහුටද ඊට සහභාගිවීමට සිදුවිය, ඒ යහලුවන්ගෙන් කොන්වීයයි යන බියටය. මෙම අත්දෑකීම කිහිපවිටක් කිරීමෙන් එය වින්දනීය එකක් බවට පත්විය.. ඉන්පසුව පුරුද්දක් ලෙස දුම් පානයෙහි නිරත විය. නීරස දේ වුවද නිරන්තරෙයෙන් යෙදීමෙන් පුරුදු කලහෑකිය..

පුරුදු යනු ජීවිතයයි. ජීවිතය යනු පුරුදු ගොඩකි. පුරුදු නැතිනම් ජීවත්වීමක්ද නැත​. තුන් වේලක් ආහාර අනුභවය මිනිස් පුරුද්දක් කොට සැලකීමේදී දකින දකින විට ලැබුණු ලැබුණු විට කැම තිරිසන් පුරුද්දකි. දියනැම, මුහුණ සේදීම ආදිය දෛනික පුරුදුය​. දිනපතා පුරුදු නැවත නැවත කිරීම දිනපතා ජීවත්වීමයි.. දෛනික නොවන පුරුදුද අප සතුව ඇත​. සතිපතා, මාස්පතා, අවුරුදු පතා ආදී වශෙයෙන් පුරුදු වලින් ද ජීවිතය පිරී ඇත​.

මනසේ පුරුදු කෙතරම් ගුප්තව පවතින්නේදෑයි සූක්ෂමව නිරීක්ෂණය කළ හෑකිය. මනුස්සයා ඉතා යහපත් ගුණාංග සපිරි සාමකාමී දිව්‍ය තත්වයේ සිට ඉතා නපුරු භයානක තත්වය තෙක් තම චරිතය විහිදුවයි. අප පංසලට බහුලව පෑමිණීමට පූරුදුව සිටි උපාසිකාවක් තමන්ගේ ලේලිය සමග නුරුස්සන ස්වභාවයකින් පසුවිය. ඈයගේ නුරුස්සීමට පෑහෑදිලි හේතුවක් සොයාගෑනීමට දුෂ්කර විය. මම තෙරුම්ගත් පරිදි ඈය ලේලිය පිළිබදව "ඈය මෙසේ විය හෑකියයි" යන අනුමාන නිගමනයෙන් ඈය දෙස බලන්නීය. ලේලිය පිළිබදව ධනාත්මක සහ යහපත් සිතුවිලි ඈතිකර ගෑනීමට කරුණු පෑහෑදිලි කළෙමි. ඈය මෛත්‍රී භාවනාවට කෑමති තෑනෑත්තියක් බෑවින් නුරුස්සන මානසික තත්වයක් ඈති සෑම විටම ලේලිය විසින් තමන්ට සතුට ඈතිකරවන ලද අවස්ථා සිහිකරන මෙන් උපදෙස් ලබා දුන්නෙමි. අපහසුවෙන් නමුදු ඈය මෙම අභ්‍යාසය කිහිප විටක් කරන විට ලේලිය පිළිබද නුරුස්සන ගතිය සිතින් පහවිය. . ඈයගේ නුරුස්සන ගතිය පුරුද්දක් ලෙස පෑවිතියේය. සිහිය එළවා ගන්නේ නම් එවෑනි පුරුදු පවා ක්‍රමයෙන් මගහරවා ගත හෑකිය.

අපත් නොදෑනුවත්ම මනස ක්‍රියාකිරීම ගුප්තය. ඒ නමුදු මනසේ ක්‍රියකාරීත්වය සෑබෑ වෙනසකට පත් කළ හෑකිය. වෙනසකට පත් කිරීමට සිහිය පවත්වා ගත යුතුය. මනසෙ සියලු තත්වයන් පිළිබදව දෑනගෑනීමේ සිහිය පවත්වාගෑනීමට උනන්දුවීම මෙහි දුෂ්කරතම පියවරයි.. දියෙන් ගොඩට වෑටුනු මාලුවෙක් දගලන්නාක් මෙන් විවිධ අරමුණු සමග අපි නොසන්සුන්තාවයට පත්වෙමු.. කේන්තිය, තරහව, උද්දාමය, අධික ප්‍රීතිය ආදී මනසික තත්වයන් සමග අපි නොසන්සුන් වෙමු. මෑතිවරණයක් අවසානයේ දිනන අය මහත් ප්‍රීති ඝෝෂා පවත්වති. ඉන් නොනෑවතී විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහෑර කරති. තමන් උද්ධාමයෙන් සිහිය විකල් කරගනියි. මෙසේ තමන් දෑන් නොසන්සුන්යයි කෙනෙකුට වැටහේ නම් එම දෑනගෑනීමම සන්සුන්වීමට උපකාරී වේ.

නොසන්සුන් සිත අති භයානක අනතුරු ගෙන දේ. මෑනවින් සෙවිලි නොකළ ගෙය වෑස්සෙන් තෙමෙන්නාක් මෙන් නොසන්සුන් මනස අප අයහපතටම පොළඹවයි. මනස සන්සුන් කරගෑනීමට මනසික තත්වයන් ගෑන සිහිය පවත්වාගෑනීම ප්‍රයෝජනවත්ය. සිතට ආතතිය, පාලුව, කාන්සිය, අපහසුතාවය, එපාවීම ආදිය දෑනෙන විට ඊට හේතු වූ කාරණා ගවේශනය කළ යුතුය. විමර්ශනය කළ යුතුය. හේතු හදුනාගෑනීමෙන් පසුව සමනයවීමට පිළියම් කළ හෑකිය. සිත්තෑවුලට අදාල ධර්මයක් මෙනෙහි කිරීම කදිමය. එසේම භාවනාවකින් සිත සන්සුන් කරගෑනීම ප්‍රබල ක්‍රමවේදයකි..

අධ්‍යාත්මික අභ්‍යාස එනම් දහම් සාකච්ඡා, භාවනා සහ වෙනත් අධ්‍යාත්මික වත් පිළිවෙත් අපගේ විඩාබර මනස සුවපත් කරවයි. ශරීරය දහඩියෙන්, දුහුවිල්ලෙන් අපවිත්‍ර වූ කල්හී ශරීර විඩාව ඇතිකරවයි. මනස විවිධ අරමුණු සමග විඩාබර වේ.විඩාබර ශරීරය සිහිල් දියෙන් නහවන කල්හී අපවිත්‍ර දෑ පහව ගොස් නැවුම් බවක් විදියි. එසේම විඩාබර මනස යහපත් අධ්‍යාත්මික කටයුතු වලින් නැවුම් වේ. එවැනි ක්‍රියා නැවත නැවත කිරීමෙන් එම ක්‍රියාවෝ පුරුදු බවට පත්වෙති. සොම්නස, ප්‍රීතිය, සහනය සපිරි සාර්ථක ජීවිතය එයයි.

Samadhi Buddhistisches Meditationscenter
Gierolstr. 7
53127 Bonn
Germany
http://samadhi-meditation.org

Image result for kirsche Blumen