Tuesday, October 6, 2015

පංසලේ වෙනස - පළමු උල්ලාසය


http://cdn.ndtv.com/tech/images/gadgets/temple-run.jpg


"ආගමික සිද්ධස්ථාන වෙනස් වන සමාජයට ප්‍රයෝජනවත් වන ආයතන ලෙස පවත්වාගැනීම අභියෝගයකි. බොහෝ සාම්ප්‍රධායික ආගමික ආයතන පාළුවට ගොස් ඇත. මෙම තත්වය බෞද්ධ පංසලටද පොදුය. මාගේ නිරීක්ෂණයන් අනුව ඒ සදහා විවිධ හේතූන් හදුනාගත්තෙමි. "

ශාස්ත‍්‍රපති බටුවංගල සමිද්ධි හිමි

පන්සලේ කාර්යක් විය යුත්තේ සමාජය තේරුම් ගනිමින්, සියුම්ව ජනතාව යහපත් ලෙස වෙනස් කිරීමට දායකවීමයි. 
 මෙය අසීරු කාර්යයකි.එමෙන්ම සිදු නොවන තරම්ය. විශේෂයෙන් හාමුදුරුවරු වෙනස්වන සමාජය තෙරුම්ගැනීමට සමත් විය යුතුය. මගේ අත්දැකීම් අනුව නම් එවැනි පූජකවරු හිගය. බොහෝ අය යල්පැන ගිය හණමිටි කාරයෝය. බලන්න අද දවසේ භාවනාව ගැන විද්‍යාත්මක පරීක්ෂණ විශ්ව විද්‍යාල මට්ටමින් කොතරම් නම් සිදුවනවාද? නමුත් එවැනි යහපත් දෙයක් ජනතාවට අවබෝද කරවන පූජකවරු, හාමුදුරුවරු කීයෙන් කීදෙනෙක් සිටිත්ද? තවමත් බොහෝ අය තමන්ගෙ නැති සීලය හෝ විජ්ජා පෙන්වා ගිහි මිනිස්සු මුලා කරති. නැතිනම් කිසිම කෙනෙකුට වැඩැක් නැති පැරණි දේශනාවන් පවත්වති.

ගිහි ජනයාද පංසලට පැමිණිය යුත්තේ යහපතක් තමන්ට සලසාගැනීමේ අවංකභාවයෙන්ය. අධ්‍යාත්මික සුවය, සැනසුම සදහාය. එම අරමුණ සහිතව ඔබ පංසලට පැමිණෙන්නේ නම් හාමුදුරුවරුද වෙනස් වනු ඇත. කේන්දර කරුවන්, කට්ටඩියන්, බොරු සිල් පෙන්නන්නන්, ආගම්වාදය, ජාතිවාදය වපුරන්නම් නොව ඔබගේ ප්‍රශ්න හදුනන, ඔබට අවංකව අනුශාසනා කරන ආශිර්වාද කරන ගුණවත් හිමිවරුන් වනු ඇත.

2 comments:

  1. "ගිහි ජනයාද පංසලට පැමිණිය යුත්තේ යහපතක් තමන්ට සලසාගැනීමේ අවංකභාවයෙන්ය. අධ්‍යාත්මික සුවය, සැනසුම සදහාය. එම අරමුණ සහිතව ඔබ පංසලට පැමිණෙන්නේ නම් හාමුදුරුවරුද වෙනස් වනු ඇත. කේන්දර කරුවන්, කට්ටඩියන්, බොරු සිල් පෙන්නන්නන්, ආගම්වාදය, ජාතිවාදය වපුරන්නම් නොව ඔබගේ ප්‍රශ්න හදුනන, ඔබට අවංකව අනුශාසනා කරන ආශිර්වාද කරන ගුණවත් හිමිවරුන් වනු ඇත"
    සියයට දෙසීයක් එකඟයි.. ගිහිජනයාගේ බලපෑමෙන් හමුදුරුවරුන් වෙනස් වෙනවා.. දෙගොල්ලොම යහපත් චේතනාවෙන් ඉන්න විට හොඳක් තමයි සිද්ධ වෙන්නේ..

    ReplyDelete
  2. "ගිහි ජනයාද පංසලට පැමිණිය යුත්තේ යහපතක් තමන්ට සලසාගැනීමේ අවංකභාවයෙන්ය. අධ්‍යාත්මික සුවය, සැනසුම සදහාය. එම අරමුණ සහිතව ඔබ පංසලට පැමිණෙන්නේ නම් හාමුදුරුවරුද වෙනස් වනු ඇත. කේන්දර කරුවන්, කට්ටඩියන්, බොරු සිල් පෙන්නන්නන්, ආගම්වාදය, ජාතිවාදය වපුරන්නම් නොව ඔබගේ ප්‍රශ්න හදුනන, ඔබට අවංකව අනුශාසනා කරන ආශිර්වාද කරන ගුණවත් හිමිවරුන් වනු ඇත"
    සියයට දෙසීයක් එකඟයි.. ගිහිජනයාගේ බලපෑමෙන් හමුදුරුවරුන් වෙනස් වෙනවා.. දෙගොල්ලොම යහපත් චේතනාවෙන් ඉන්න විට හොඳක් තමයි සිද්ධ වෙන්නේ..

    ReplyDelete