මිනිසාගේ පුරුද්දක් වන්නේ තමන්ගේ අදහසට, මතවාදයට ගැලපෙන දෙවල් බාහිර ලෝකයෙන් සොයාගැනීමයි. නැතිනම් ඊට ගැලපෙන ලෙස බාහිර ලෝකය වෙනස් කිරීමට උත්සහ කරයි. හොද සහ නරක, කලු සහ සුදු ලෙස අපි පුද්ගලයන්, සිදුවීම් සහ වෙනත් දේවල් නම්කරන්නේ මේ නිසාය. අපේ ආගමට, ජාතියට, කුලයට, දේශපාලන පක්ෂයට අයිති අය හරිහොදයි ලෙස නම් කරයි. මෙම කැමැත්ත අකැමැත්ත මත අපි සියල්ල තීරණය කරමු. හොද කෑම, අපේ කෑම, සදාචාරසම්පන්න ඇදුම ආදී සෑම දේම අපි හොද, නරක ලෙස වරග කොට ඇත්තේ අපේ ලෝකයේ කැමැත්ත මතය.
අපේ ලෝකය පමණක් නිතරම හොදයි උතුම් කියල හිතන මිනිසුන් අවිඤ්ඤාණවකම හෙවත සිහියෙන් තොරව පුලුල්ව සිතීමේ මනස වසා දමයි. බාහිර ලෝකයේ විවිධ දේවල්වලට වෛරකරමින් අගතිගාමී පුද්ගලයෙක් බවට පත් වේ. අපේ අපෙක්ෂාව අනුව පමණක් ලෝකයාදෙස බැලීම යනු දුක්ඛ දෝමනස්සයන් ඇතිකරවීමකි. මෙය උදාහරණයකින් පැහැදිලි කරමි: භාවනා කිරීමට උත්සහකරන කෙනෙකු භාවනාවේදී ලැබෙන ප්‍රතිඵල මෙවායයි තදින් අපෙක්ෂා පටන්ගන්නේ නම් ඔහුට එම ප්‍රතිඵල නොලැබෙන විට දොම්නසට පත් වේ.
වැඩි අපෙක්ෂා නැතිව භාවනා කිරීම පටන්ගත් කල්හී මනස, සිතුවිලි, ශරීරය සහ හැගීම් ගැන නිරීක්ෂණය කරයි. එම අභ්‍යාසය මගින් ඔහු අවබෝදයට පත් වේ. වෙනත් දෑ නිරීක්ෂණයකොට ඒවායේ සුවශේෂතාවයන් දැක තෙරුම්ගැනීම උසස් පෞරුෂයක ලක්ෂණයකි.