ලෝකයේ
විශාලතම ජනගහනයක් අදහන සතර
වන ආගම බුද්ධාගමයි.
එය
ආගමක් පමණක් නොව ජීවන දර්ශනයක්,
අධ්‍යාත්මික
භාවිතාවක් ලෙස ලෝක ප්‍රජාවගේ
ගෞරවයට පත්ව ඇත.
මෙහිදී
ප්‍රධාන වශයෙන් අංශ තුනක්
හදුනාගනිමි.
1) ආගම
2) ජීවන
දර්ශනය
3)
අධ්‍යාත්මික
භාවිතාව
බුදු
දහමේ පැතිරීමට ඉහත අංශ ප්‍රධාන
වශයෙන් හේතු වී ඇත.
තව
හේතුද තිබිය හැකිය.
බුදු
රජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම
නම් දුක නැති කොට,
සුවපත්වීමයි.
ඒ
සදහා මනුස්සයාට ස්වශක්තිය
තිබෙන බව බෞද්ධ ඉගැන්වීමයි.
සුවපත්වීමෙ
අභ්‍යාස ක්‍රමයක් ඇත.
එම
අභ්‍යාස පැරැණි ආගමික
සම්ප්‍රදායන්ගෙන් ලබාගත්
දේවල්ය.
නමුත්
එවාට නව අර්ථකතන ලබාදුන්හ.
නිදසුනක්
ලෙස භාවනාව ගනිමු.
භාවනාව
යනු ප්‍රධාන බෞද්ධ අභ්‍යාසයකි.
එය
පැරැණි ආගමික භාවිතාවකි.
බෞද්ධ
භාවනාව වර්ධනය වන්නේ එම පැරැණි
ආගමික භාවිතාවෙනි.
බුදු
දහමේ විශේෂත්වය නම් ආගමික
භාවිතාවන් මගින් අධ්‍යාත්මික
සුව අත්පත් කරගැනීමයි.
ආගමික
ස්වරූපී භාවිතාවන් මගින්
අභ්‍යන්තරික දර්ශනය හෙවත්
ධර්මය සොයාගැනීම අරමුණ කොට
පවතී.
පැරැණි
ආගමික භාවිතාවන් භාවිතා
කළමුත්,
එය
හුදු සම්ප්‍රදායික ආගමක්
නොවේ.
නමුත්
අද දවස වනවිට එය ආගමක් ලෙස
වඩාත් ප්‍රචලිතය.
බොහෝ
සාම්ප්‍රදායික බෞද්ධයන්ට
බුදු රජාණන් වහන්සේ දෙවි
කෙනෙකු බදුය.
නමුත්
උන්වහන්සේම දේවත්වයන්,
අධිමානුෂිකබලයන්
තමන් නියෝජනය නොකරන බව දෙසූහ.
බෞද්ධයන්ට
බුදුන් වහන්සේ උත්තරීතරය.
මෙම
අගමික ස්වරූපය සම්ප්‍රදායන්
තුනක් මත ප්‍රධාන වශයෙන්
ගොඩනැගී ඇත.
1) ථේරවාද
සම්ප්‍රදාය:
ලංකාව,තායිලන්තය,
බුරුමය
ආදී රටවල පවතින පැරණි සම්ප්‍රදාය
2) මහායාන
සම්ප්‍රදාය:
තායිවානය,
චීනය,
ජපානය
ආදී රටවල පවතින සම්ප්‍රදාය.
3) වජ්‍රයාන
සම්ප්‍රදාය:
ටිබෙටය,
බූතානය
ආදී රටවල බහුලව පවතී.
දලයිලාමා
එහි අධ්‍යාත්මික නායකයාය.
බෞද්ධාගමේ
ලෝක පැතිරීම මෙම සම්ප්‍රදායන්
තුන මත පදනම් වේ.
බෞද්ධාගම
රටෙන් රටට වෙනස්ය.
කිතුනු
හෝ මුස්ලිම් ආගම ලොකයේ මොනරටක
පැවිතියත් සමාන සංස්කෘතියක්
ඇත.
නමුත්
බෞද්ධ සංස්කෘතිය ඉතාම විවිධත්වයක්
ගනියි.
නිදසුනක්
ලෙස තායිලන්තය සහ ලංකාව ථේරවාදී
සම්ප්‍රදායට හිමිකම්කීවද
දෙරටේ සංස්කෘතිය වෙනස්ය.
ලංකාවේ
ථේරවාදී සම්ප්‍රදාය පැවතියත්
ආරණ්‍ය සහ පන්සල ආදී වෙනස්
සංස්කෘතික කුලයන් පවතී.
පන්සල්ද
පන්සලෙන් පන්සලට වෙනස් ක්‍රමයන්
අනුගමනය කරයි.
බෞද්ධාගම
රටක හෝ සමාජයක පවතින සංස්කෘතිය
සමග අනන්‍යවීම හෙවත් මුහුවීම
(hybrid)දක්නට
ලැබෙන විශේෂ ගුණයකි.
මේ
නිසාම යුධ ගැටුම්වලින් තොරව
බෞද්ධාගම පැතිරී ඇත.
සෑම
සම්ප්‍රදායකම බුදු දහම සමානය.
මෛත්‍රිය,කරුණාව
සහ ප්‍රඥාව යන මූලයන් මත
රදාපවතින තරමට බුදු දහම ආරක්ෂා
කෙරේ.
සෑම
සම්ප්‍රදායකම අධ්‍යාත්මික
භාවිතාවන්ද පවතී.
එමෙන්ම
ඒ ඒ රටවලට ආවේනික ආගමික ස්වරූපයක්ද
ඇත.
ඇතැම්විට
අධ්‍යාත්මික හරය නැතිව හුදු
ආගමික විශ්වාස මත පමණක් පදනම්
වන යාතුකර්ම පවතී.
නමුත්
බෞද්ධයන්ගේ පරම යුතුකම නම්
අධ්‍යාත්මික සුවය ඇතිකරගැනීමට
බුදු දහම භාවිතා කිරීමය.
ප්‍රයෝගික
බෞද්ධ ක්‍රමවේදය වන්නේ හේතු
සහ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමය.
මනසේ
නැගෙන සිතුවිලි ,
අදහස්,
අභිලාෂයන්
නිරීක්ෂණය කොට යහපත් ප්‍රතිඵල
ගෙනදෙන සිතුවිලි,
අදහස්
ක්‍රියාත්මක කිරීම සදාචාරාත්මක
පෙළඹවීමයි.
තමන්ට
පීඩනය,
දොම්නස
ගෙනදෙන කතාවලින් සහ මතකයන්ගෙන්
නිදහස්වීම,
සෑම
දෙයෙහිම පවතින වෙනස්වීම අවබෝද
කරගැනීම සන්තානගත දුක නැති
කිරීමය.
මේ
සදහා යහපත් සිහිය සෑම මොහොතකම,
අවස්ථාවකම
පුහුණු කළ යුතුය.
ඒ
සදහා භාවනාව සහ වෙනත් බොහෝ
අභ්‍යාස ඇත.
ඇමෙරිකාව,
යුරෝපය
සහ වෙනත් බෞද්ධ සංස්කෘතීන්
නොමැති කළාපවල බුදු දහම ගැන
සැකකිලිවන්නේ ඉහත සදහන් නිදහස්
දර්ශනය සහ අධ්‍යාත්මික භාවිතාවන්
නිසාය.
බුදු
දහම ගැන විශාල ග්‍රන්ථ ප්‍රමාණයක්
ඉහත කළාපවල පසුගිය දසක තුනක
කාලය තුළ ලියවී ඇත.
ඒවා
ඉහළ පර්යේෂණ මට්ටමක පවතී.
ඒ
ඒ රටවල බෞද්ධ කණ්ඩායම් ගොඩනැගී
ඇත.
ඔවුන්
බොහෝ දුරට මුල් බුදු දහම සහ
භාවිතාවන් ගැන සැලකිලිමත්
වේ.
මෙහිදී
සාම්ප්‍රදායික බෞද්ධයන් වන
අප සැලකිලිමත් වියයුතු කරුණ
නම් අධ්‍යාත්මික අභ්‍යාසයන්වල
නිරතවෙමින් අපගේ දුක නැති
කරගැනීමත්,
අපට
ලැබුණු දායාදයක් ලෙස සලකා
හරයට මූලිකත්වයදීමය.
නැතිනම්
අපද හුදු ආගමික කොටසක් බවට
පත්වෙනු ඇත.
වෙනත්
ආගම්,
වර්ග,
ජාතීන්
ගැන වෛරයෙන් තොරව,
නිතරම
තමන්ගේ සුවපත්වීම ගැන සැලකිල්ලෙන්
බෞද්ධ භාවනාව වැනි තවත්
අභ්‍යාසවල නිරතවීමය.
බෞද්ධාගමේ
පිබිදීම,
බැබලීම,
පැතිරීම
තීරණය කරණුයේ එහි ඇති අධ්‍යාත්මික
දර්ශනය සහ භාවිතාවේ තරමටය.
බුදු
දහම විද්‍යාවෙන්,
තාක්ෂණයෙන්
සහ ආකල්පවලින් දියුණු සමාජවල
භාවිතා වන්නේ හුදු ආගමික යාතු
කර්ම ලෙස නොවේ.
බුදු
රජාණන් වහන්සේ දේශනා කළ මුල්
ඉගැන්වීම් සහ අධ්‍යාත්මික
භාවිතාවන් පුහුණු කිරීමෙනි.
බටුවංගල
සමිද්ධි හිමිපාණන් වහන්සේ
ජර්මනියේ
සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය