පැවිදි
වී අදට අවුරුදු 28
ක්
වේ.
ජීවිතය
පුරාවටම මහණ වී ලොකු මහත් වූ
බැවින් රසවත්,
දුක්බර
සහ වටිනා මතකයන් එමටය.
අද
මට මතක් වුණේ පහත සිද්ධියයි.
උසස්
අධ්‍යාපනය සඳහා කොළඹ පදිංචියට
ආව අලුත බණකට යන්නට සිදුවිය.
එතකොට
මගේ වයස අවුරුදු 16
ක්
විතරය.
වයසක
ගැහැණු කෙනෙකු මරණයට පත් වී
සත් දවසේ ධර්ම දේශනාවකි.
ඉතා
කුඩා නිවසක පස් හය දෙනෙකු පමණ
ධර්ම දේශනාවට සහභාගී විය.
මැදිවිය
ඉක්ම වූ ගැහැණියක් ඇයගේ මව
වයසට පත්වීමෙන් මරණය සිදු වූ
බව කීවාය.
ධර්ම
දේශනය තිබුනේ මැද සාලයේය.
කුස්සියත්,
මැදසාලයත්
අතර බිත්තියේ ඔරලෝසුවක්
තිබුණි.
දොර
රෙද්ද ඈත් මෑත්වන විට මට වරින්
වර වේලාව බලාගැනීමට හැකි විය.
ධර්ම
දේශනාව අවසන්වීමට ලංවෙද්දී
ඔර්ලෝසුව නොපෙනෙනි.
මමද
ඒ ගැන අවදානය යොමු නොකොට ධර්ම
දේශනාව අවසන් කොට සියලුදෙනා
සමග සුහඳ කථා බහක නිරතවෙමින්
තේකක් බිව්වෙමි.
එක
ගැහැණියක "හාමුදුරුවෝ
පොඩි වුණාට ශෝක් බණ ටිකක් (
=හොඳ
දහමක්)
කීවා"යයි
කීවාය.
තවත්
කෙනෙකු හැට්ටය අස්සෙන් මුදල්
පසුම්ඹිය ගෙන මට රු.50
ක්
පූජා කළාය.
තවත්
කෙනෙකු "මගේ
පුතාගේ පළාලේ (=
වයසේ
)
දරුවෙක්"
යයි
කීවාය.
ගෙදර
පදිංචිකාරිය බත් පාර්සලයක්
අතට දී පංසලට ගිහින් කන්නයයි
රහසින් කීවාය.
පිරිකරට
තවත් පාර්සලයක් පූජා කළේය.
සියල්ල
රැගෙන පංසලට පැමිණියෙමි.
පිරිකරට
ලැබුණු පාර්සලය දිගහැර බැලුවෙමි.
එහි
තිබුනේ ඔර්ලෝසුවකි.
ඒ
බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුවයි.
මගේ
පපුව හො..ස්ගා
ගියේය.
ඔවුන්ට
තිබූ වටිනාම දේ මට පූජා කොට
ඇත.
මගේ
දෙනෙතට කඳුළක් ආවේය.
මට
කළ හැකිව තිබුනේ දෙනෙත් පියාගෙන
ඔවුන් සුවපත් වෙත්වායි පැතීම
පමණි.
මෙම
සිද්ධිය අද සිහිපත් කරවන්නේ
ආදරයට සීමාමායිම් නැති බවයි.
ආදරය
මිනිස් හදවතේ ගැඹුරු තැනකින්
ඇතිවන මිනිස් හැඟීමකි.
අනෙකා
තේරුම්ගන්නා පමණට ආදරයෙන්
අප ද සුවපත් වේ.
ජීවිතයක
වටිනාකම පවතින්නේ ආදරයෙන්
තමන් සුවපත්වෙමින් අනෙකා ද
සුවපත් කරන තරමටය.
No comments:
Post a Comment