Klick here..
බෞද්ධ
ආරාමවල අනුග්‍රහ කිරීම දිව්‍ය
ලෝකවල ඉපදීමටත්,
එසේ
නොකිරීම සහ වෙනත් දුරාචාරවල
නිරතවීම අපායේ ඉපදීමටත් හේතුවන
බව ආගමික පරිසරයෙන් ඇසෙයි.
නූතනයේදී
බහුතර මිනිසුන් මෙවැනි සංකල්ප
පිළිගැනීමට මැලිවෙද්දී තවත්
අය ඒවා පිළිගෙන බියට පත්වෙති.
විශේෂයෙන්
අපාය ගැන බෞද්ධ යතිවර තිෂ්
නතාන් හිමිගේ විග්‍රහය ඉතා
පැහැදිලිය.
ප්‍රායෝගිකයි.
උන්වහන්සේට
අනුව සමජයේ කොටස් දෙකක් සිටිති:
1)
යමක්
ඉක්මණින් තේරුන්ගැනීමට හැකියාව
ඇති පිරිස
2)
ඉක්මණින්
යමක් තේරුම්ගැනීමට නොහැකි,
අඩු
අධ්‍යාපනයක් සහිත පිරිස.
දෙවන
පිරිස වඩාත් යහපත් හැසිරීම්වලට
යොමුකිරීම පිණිස අපාය,
කළ
ක්‍රියාවට අනුව ප්‍රතිපල
ලැබීම වැනි දේ උගන්වති.
මරණින්
පසු ඉපදීම,
වෙනත්
ශරීරයකට විඤ්ඤාණය,
මනස
ඇතුලුවීම වැනි අදහස්ද බෞද්ධ
සමාජවල පවතින්නේ එමනිසාය.
බුදුන්
වහන්සේට පෙරත් මෙවැනි සංකල්ප
පැවතිනි.
තේරුම්ගැනීමේ
ශක්තිය අඩු අයට එම සංකල්ප
සදාචාරාත්මක හැසිරීම්
ඇතිකරගැනීමට උදව්විය හැකිය.
බුදු
දහම යනු ධර්ම දොරටු 84000
ක්(
අසූහාර
දහසක් ධර්මස්කන්ධ )
සහිත
දහමකි.
එහි
ඇතැම් දොරටු පළමු පිරිස පිණිසය.
එනම්
දාර්ශනික විග්‍රහකිරීම්ය.
ඉතා
සරල ඉගැන්වීම දෙවන පිරිස
සඳහාය.
බුදු
දහම පිළිපැදීමේදී වැදගත්
නැහැ එවැනි ආගමික සංකල්ප.
වැදගත්
වන්නේ යහපත් දෘෂ්ටියක්,
සංකල්ප,
අදහස්
ඇති කරගැනීමයි.
යහපත්
දෘෂ්ටි,
අදහස්
ඇති අයගේ කතාබහ,
ක්‍රියාව
ප්‍රියජනකයි.
මේ
නිසාම තමයි බෞද්ධ සම්ප්‍රධායන්
විශාල ප්‍රමාණයක් තුබුණත්
ඒවා අතර යම් සහනසීලී බවක්
පවතින්නේ.
ශුද්ධ
යුද්ධ කිරීම්වලින් වැළකී
තිබෙනවා.
අනෙක්
අයට වෛර කිරීම යහපත් දෘෂ්ටිය
නොවේ.
අතීතය,
වර්තමානය
සහ අනාගතය යන තුන්කාලයේදීම
යහපත් සංකල්ප සමග ජීවත්වීම
බුදු දහම පිළිපැදීමයි.
භාවනාව
තුළින් එම ශක්තිය ඇතිකරගැනීමට
පුළුවනිය.
භාවනාවේදී
අපට වැටහෙනවා අපි ස්වභාව
ධර්මයේ කොටසක් බව.
අනෙක්
මිනිසුන්ද අපි මෙන්ම ස්වභාව
ධර්මයේ කොටසක් බව තේරුම් යයි.
අපි
සහ ස්වභාදහම යනු දෙකක් නොව
අන්තර් සම්බන්ධයක් සහිතයි.
තිෂ්
නතාන් යතිවරයාණන් අදහස් කරන්නේ
ස්වභාව දහමේ රිද්මය නුවණින්
දකින කල්හී අපායට බියවීම,
දිව්‍යලෝකවලට
තෘෂ්ණා කිරීම ආදියෙන් වැළකී
මේ මොහොත තුළ සතුටින් ජීවත්වන
බවයි.
No comments:
Post a Comment