අපි
ජීවත්වන යුගය යනු මානව ඉතිහාසයේ
ස්වර්ණමය යුගයයි.
තාක්ෂණය,
විද්‍යාත්මක
දැනුම,
සෞඛ්‍ය
පහසුකම්,
ප්‍රජාතන්ත්‍රවාදය,
පුද්ගල
නිදහස,
සන්නිවේදනය
ආදී සෑම අංශයකම දියුණුව සියලු
මිනිසුන්ට අඩු වැඩි වශයෙන්
විඳගැනීමට අවස්ථාව ඇත.
අනෙක්
අතට සමාජ ප්‍රශ්න,
අර්බුද
පවතින බව අපි දනිමු.
ජාතිකවාදය,
ආගම්වාදය
එයිනුත් ප්‍රදාන වේ.
සමාජවල
අඩු වැඩි වශයෙන් පවතින විෂබීජ
මේවාය.
මිනිසුන්
අතර වෛරය,
තරහව,
සැකය,
බිය
ඇතිකරන සාධකයෝය.
මිනිස්
නිදහස,
විද්‍යාත්මක
චින්තනය පුද්ගලයාගෙන් ඉවත්කරන
සාධකයෝය.
මිනිස්
ඉතිහාසයේ ස්වර්ණමය යුගයක
ජීවත් වන අපි සතුටෙන් ජීවත්වීමට
නම් නිතර සිහියෙන් පුරුදු
කළයුතු අංශ තුනක් ඇත.
එනම්
තුන් සීලයක් ඇත.
1.
ජාතිකවාදයෙන්
තොරවෙමි
ජාතිවාදය,
ජාතිකවාදය
යනු පැහැදිලිව වෙනස්කම්
හදුනාගැනීමට නොහැකි සංකල්පයෝය.
මෙහිදී
මුලින්ම සිදුවන්නේ "මම"
(අහං), මගේ
(අහස්මිං)
ලෙස
හඳුනාගැනීමයි.
මෙම
හදුනාගැනීම ඇතිවන්නේ මමායනයෙන්.
එනම්
මගේ ලෙස ගැනීමෙන්ය.
බුදුන්
වහන්සේට අනුව නම් එය තණ්හාවෙන්
ඇතිවන්නකි.
මගේ
කුලය,
මගේ
භාෂාව,
මගේ
ජාතිය,
මගේ
රට ආදී වශයෙන් මමායනයෙන්
අල්ලාගනියි.
මෙසේ
අල්ලාගත් කල්හී අනෙකාට එනම්
මගේ නොවන අයට වෛර කරයි.
වෙනත්
කුලවල අයට,
වෙනත්
ආගම්වල අයට,වෙනත්
ජාතිකයන්ට වෛර කරයි.
මගේ
ජාතිය,
ආගම,
රට
පමණක් උසස් යයි විශ්වාස කරයි.
ශ්‍රි
ලාංකියන් වන අපි මෙම ජාතිකවාදයේ
ප්‍රතිඵල දනිමු.
83 දී
සංහාරය,
තිස්
අවුරුදු යුද්ධය,
මුස්ලිම්
- බෞද්ධ
ගැටුම් මිනිස් ජීවිත දහස්ගණනක්
බිලිදී ඇත.
තවමත්
සැකය සහ බිය සියලු වැසියන්
තුළ ඇත.
රටේ
ආර්ථිකය,මිනිස්
නිදහස පිරිහීමට පත්ව ඇත.
බුදුන්
වහන්සේට අනුව නිවීමට නම් "මම"
බැහැර
කළ යුතුය.
මම
බැහැර කළ කල්හී "අනෙකා"
නැත.
සියල්ල
වෙනස් වේ (අනිච්ච). සියල්ල
වෙනස්වන ලෝකයක මම,
මගේ
ලෙස හදුනාගැනීම දුක,
දොම්නස්
ඇතිකරවයි.
සැබෑ
සාමය,
සැනසීම,
සතුට
ඇත්තේ මෙම සත්‍ය තේරුම්ගැනීමට
සිහිය පවත්වන කල්හිය.
2.
ආගම්වාදයෙන්
තොරවෙමි
අපේ
නායක හාමුදුරුවෝ දවසක් කිව්ව
දෙයක් තමයි "ආගම
ඕනවට වඩා ඇඟට ගත්තහම මිනිස්සු
පිරිහෙනවා".
මෙම
වාක්‍යයේ ගැඹුරු අර්ථයක්
තියෙනවා.
ආගමෙන්
මූලිකව උගන්වන්නේ මනස සුවපත්
කරගැනීමයි.
මෙම
මූලික අර්ථය බුද්ධාගම ඇතුලු
සියලු ආගමික සංස්ථාවලින්
අඩු,වැඩි
වශයෙන් අතුරුදහන් වී ඇත.
ආගම
මනසට වෙනුවට ඇඟටගැනීම වර්තමානයේදී
බහුව දැකිය හැකිය.
මා
කුඩා කාලයේ නිතර දැකපු දෙයක්
තමයි මිනිස්සු පංසලට ආවේ අදට
වඩා නිදහස්ව සහ සරලවය.
වර්තමානයේදී
එසේ නොවේ.
මිනිස්සු
ඇඳිය යුතු ඇඳුම බෞද්ධ ආයතනවල
ප්‍රදර්ශනය කෙරේ.
සුවපත්
මිනිසා වෙනුවට සුචරිතවාදීන්
ලෙස හැසිරීමට උනන්දු කරන ආගමික
පරිසරයක් ඇත.
මුස්ලිම්
කරණයට විරෝධය දක්වමින් බෞද්ධයන්ද
"මුස්ලිම්කරණය"
වී
ඇත.
චෛත්‍ය,
බෝගස්
වටා අසීමිත දනයක්,
කාලයක්
ගතකරමින් පූජා,
යාඥා
පවත්වති.
මෙම
ආගමිකකරණයේ ප්‍රතිඵල තමයි:
යහපත්
ගුණාංග පුහුණු නොකරයි.
පවුලේ
අයට හෝ යහළුවන්ට කරදරයක්,
හිරිහැරයක්
වන ලෙස හැසිරෙයි.
ආගමික
නීතිරීතිවලින් මනස අවහිර
කරගනියි.
අපාය,
දිව්‍ය
ලෝක වැනි ආගමික සංකල්පවලින්
පීඩනයට පත් වේ.
සමාජයට
කරන නරකම බැලපෑම නම් තමන්ගේම
ආගමේ අයත් සමග සහ වෙනත් ආගම්වල
අයත් සමග රංඩු,
කාලහෝල,
ගැටුම්
ඇති කරගනියි.
ආගම්වාදයෙන්
මිදී ආගම භාවිතා කළ යුතුවන්නේ
අධ්‍යාත්මික දියුණුව පිණිසය.
මනස
සුවපත්වීම පිණිසය.
තම
ආත්ම ශක්තිය ඇතිකරගැනීම
පිණිසය.
3.
කරුණාවන්ත
වෙමි
අපගේ
ශරීරයේ ස්වභාවය,
හැඟීම්,
බලාපොරොත්තු
ආදිය ගැන නිතර සිහියෙන් සිටින
කල්හී අපි අපව හදුනාගනිමු.
අපි
අපව තේරුම්ගනිමු.
කරුණාව
ඇති වන්නේ තමන් විසින් තමන්ව
තේරුම්ගන්නා විටය.
තමන්
තමන් ගැන සංවේදී වේ.
මෙම
සංවේදීකම අනුන් කෙරෙහිද ඇති
කරගනියි.
තමන්ගේ
මෙන් වෙනත් අයටද ශරීරයක්,
හැඟීම්,
බලාපොරොත්තු
ඇත.
ආගම්,
ජාති
භේදවලින් තොරව සිසිල් වූ
හදවතක් ඇති වන්නේ එතැනදීය.
සිසිල්
වූ හදවත අප සුවපත් කරවයි.
නීවීමට
පත්කරයි.
සැකයෙන්,
බියෙන්
තොරව වර්තමානයේදී සතුටෙන්
ජීවත් වේ.
(දිට්ඨධම්ම
සුඛවිහාරාය සංවත්තති )
බටුවංගල
සමිද්ධි හිමි