Friday, May 8, 2020
සුවපත්වීම පිණිස එක බුදු කෙනෙක් මදි
"ඉගැන්වීම
යනු වචන පමණක් නොවේ.
ඉගැන්වීම
යනු කෙනෙක් ජීවත් වන කලාවයි.
මගේ
ජීවිතය යනු මගේ ඉගැන්වීමයි.
මගේ
ජීවිතය යනු ආත්මීය සම්බන්දතාවයි."
තිෂ්
නතාන්(Thich
Nhat Hanh)
මගේ
වයස අවුරුදු 7
ක්
හෝ 8
ක්
පමණ කාලෙදි හිම සහිත බුදු
පිළිමයක් දැක්කා.
මගේ
හදවත පිනාගියේ තණ පඳුරු අතරින්
බුදු හිමිගේ සාමකාමී බව
දැකීමෙනි.
මම
හිතුවා කලාකරුවා කොතරම් නම්
සාමකාමී සහ නිසසල හදවතක් ඇති
කෙනෙක් ද මෙවැනි ගුණයන් නිරූපණය
කරන්න.
එකල
මම ජීවත් වූ වියට්නාමයේ ඉතා
බිහිසුණු වටපිටාවක් තුළ,
බුදු
පිළිමය දෙස බලාසිටීම සතුටක්
ඇතිකරවීමට අස්වැසිල්ලක්
වුණා.
මෙසේ
බුදු පිළිමය දෙස බලාසිටීමෙන්
මට බලාපොරොත්තුවක් ඇති වුණා
බුදු හාමුදුරුවෝ වගේ වෙනවයි
කියලා.
( Thich Nhat
Hanh;Mein Leben ist meine Lehre, s.25)
ඔබ
තවත් කෙනෙකුට සැබවින්ම ආදරය
කරනවා නම් සැලකිලිමත්වන්න
එම කෙනා ඔබගේ අදහස්,
වචන
සහ ක්‍රියාවෙන් සතුටු වෙනවාද
කියලා.
අනෙක්කෙනා
සතුටු නැතිනම් ඔබ ඔබ ගැන ,
ඔබගේ
හෘද සක්ෂිය ගැන බරපතල ලෙස
පරික්ෂා කරබැලිය යුතු බව තිෂ්
නතාන් හිමියෝ කියති.
අප
තුළ මෛත්‍රිය,
කරුණාව,
මුදිතාව,
උපෙක්ෂාව
පුහුණු කරන්න ඉගෙනගන්නවා
නම් කේන්තිය,
ඉර්ෂියාව,
බිය,
අදී
දුක් දොම්නස් වලින් සුවපත්
වෙන්න පුළුවන්.
එම
ගුණයන් මනුස්සයන්ගේ හැකියාවන්ය.
කිසිඳු
භේදයකින් තොරව ප්‍රගුණ කළ
හැකි මනුස්ස ගුණයෝය.
අවංකවම
තමන්ට සහ අනුන්ට ආදරය කිරීම
ආරම්භ වන්නේ එම ගුණයන් මගිනි.
( Thich Nhat Hanh;
Nimm das Leben ganz in deine Arme, s.8-9)
ඉහත
උපටාගැනීම්වලින් තෙරුම්ගන්න
පුළුවන් තිෂ් නතාන් කවුද
කියලා.
වියට්නාමයේ
පැවිති යුද්ධය නිසා 1968
දී
යුරෝපයට සංක්‍රමණය වූ වියට්නාම
සෙන් බෞද්ධ භික්ෂුවක් වන තිෂ්
නතාන් හිමියෝ ජීවමාන බුදු
හිමියන් ලෙස හදුන්වන්නේ
අතිශෝක්තියෙන් නම් නොවේ.
ඒ
උන්වහන්සේගේ ජීවත්වීම සහ
ඉගැන්වීම අතර දෝලනය වන පරමාදර්ශීකම
නිසාය.
යුද්ධය
පැවිති කාලයේදී වෛරය තොරානොගත්
තිෂ් නතාන් සැබෑ සාමයක් සඳහා
මැදිහත් විය.
ඒ
නිසාම
මාටින් ලූතර් කිං
විසින් නොබෙල් සාම ත්‍යාගය
සඳහාද උන්වහන්සේගේ නම යෝජනා
කර ඇත.
ප්‍රංශය
නිජබිම බවට පත් වූ විට උන්වහන්සේගේ
පෞරුෂය ගොඩනැගෙන්නේ අධ්‍යාත්මික
ගුරුවරයෙකු ලෙසය.
බුදු
දහම සහ එහි අධ්‍යාත්මික අභ්‍යාස
ප්‍රයෝගිකව උගන්වන ගුරුවරයා
ඔහුය.
උන්වහන්සෙගේ
සෑම පොතකම,
දේශනයකම
ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ
අත්දැකීම්ය.
එහෙයින්
තිෂ් නතාත් සමීපව ඇසුරකර නැති
මට ඔහුව දැනෙන්නේ කලණ මිතුරෙකු
ලෙසය.
නිහඩව
ජීවිතයෙන් සමුගැනීමට
බලාපොරොත්තුවෙන් 93
වන
වියේ පසුවන තිෂ් නතාන් ගැන
ලියන විට මගේ අතින් "හිමිපාණන්",
"නාහිමියෝ"
" අති
උතුම්"
වැනි
බොරුව තවරාගත් ආගමික වචන
නොලියවේ.
මන්ද
යත් නිෂ් නතාන් බුදු දහම දෙසු
කෙනෙක් නොව ජීවත් වූ කෙනෙකු
නිසාය.
එවැනි
උතුමන් නිහතමානී වේ.
කුඩා
දරුවන් වැනිය.
අපි
සැබවින්ම ආදරය කරන්න පටන්
ගන්නේ එවැනි පුද්ගලයන්ටය.
සතිය
පුහුණු කිරීම තමයි උනවහන්සේගේ
ප්‍රවේශය.
ආහාරගන්නා
විට ආහරය දෙස බැලීම,
එහි
සුවඳ විඳදරාගැනීම,
කෘතවෙදීව
සිහියෙන් ආහාරගැනීම සිහිය
ඇති වේ.
සිහිය
යනු අපසතු බලයකි.
එය
අපගේ ශරීරය,
වේදනාවන්,
මනස,
මනසේ
බලපැවැත්වෙන දේවල් සහ අපගේ
විඤ්ඤාණය පරීක්ෂාකරබැලීමට
ඇති බලයකි.
( Thich Nhat Hanh;
Nimm das Leben ganz in deine Arme, s.21)
සිහියෙන්
අන්තර්පැවැත්ම අවබෝදකරවීම
උන්වහන්සෙගේ පුහුණුවේ කොටසකි.
අපි
සහ පරිසරය අතර පවතින සම්බන්දය
තේරුම්ගෙන කෙළෙහිගුණ,
කෘතඥතාවය
දියුණු කිරීම සුවපත්වීමට
හේතුවන බව පෙන්වාදෙයි.
හේතු-ප්‍රත්‍ය
ධර්මයට අනුව දෙයක් පවතින්නේ
තවත් හේතූන් සහ ප්‍රත්‍යන්
නිසාය.
අන්තර්-සම්බන්ධතාවය
අලංකාරමත් කාව්‍යාත්මක
භාෂාවෙන් ප්‍රකාශකරයි.
"ඔබ
කවියෙක් නම් තෙරුම්ගනීවි ඔබ
ඇතැති කොලය වළාකුලකින් පා වී
ආ බව.
වළාකුළුවලින්
තොරව වැස්ස නොපවතී.
වැස්ස
නැතිව ගස් නොවැඩේ.
ගස්
නැතිව කොල නිෂ්පාදනය කළ නොහැක.
වළාකුළුවල
පැවැත්ම කොල ඇතිවීමට හේතු
වේ.
වළාකුළුවලින්
තොරව කොල නොපවතී.
එහෙයින්
වළාකුළු සහ කොල අතර අන්තර්
සම්බන්දයක් ඇත „
(Thich
nhat hanh,The Heart of Understanding).
දහමක්
යනු තර්ක කරන දෙයක් නොවේ.
එය
අනෙකා අභියෝගයට ලක්කරන ආයුධයක්
ද නොවේ.
තමන්ගේ
නැති ගුණ පෙන්වන රැවටීමක් ද
නොවේ.
දහම
යනු අපගේ ආත්මීය සම්බන්දතාවයයි.
අපි
සුවපත් වන ආත්මීය සම්බන්දයයි.
ආත්මීය
සන්බන්දතාවය යනු අප අවංකව
ජීවත්වන ආකාරයයි.
ජීවත්වන
ආකාරය විවිධය.
මෙය
එක දහමකින් හෝ එක ගුණයකින්
සිදු නොවේ.
දහම්
රාශියක් අවශ්‍යය.
ගුණයන්
හෙවත් හැකියාවන් රාශියක්
අවශ්‍යය.
එම
දහම්,
හැකියාවන්
බුදු වරුන්ය.
අපට
කුඩා බුදු කෙනෙක් නිතර හදවතේ
සොයාගැනීමට හැකිය.
නමුත්
එක බුදු කෙනෙක් මදි බව තිෂ්
නතාන් කියයි.
බුදුවරු
ගොඩක් අපි සොයා ගතයුතුය
සුවපත්වීම පිණිස.
බටුවංගල
සමිද්ධි
Subscribe to:
Posts (Atom)