ඕනෑම ප්රජාතන්ත්රවාදයක මූලික ලක්ෂණය විද්‍යාව මත පදනම්වීමයි. එනම් සිතීමෙන් සහ විමසීමෙන් හේතූන් දැක සමස්ත සමාජයට යහපත සැලසීම ප්රජාතන්ත්රවාදයක පවතින ගුණයකි. එහිදී කිසිදු පුද්ගලයෙකුට හෝ ජන කොටසකට ජාතිය, ආගම්, පළාත්, අබාධිත,වෙනත් ලිංගික වෙනස්කම් හෝ වෙනත් වෙනස් කම් සලකා උසස් හෝ පහත් කිරීම සදාචාර නොවේ.
මෙම සටහන තැබීමට හේතුව නම් ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයට අවු.200ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද උත්සවයයි. එහි තේමාව නම් "විද්‍යාව යනු සීමාමායිම්වලින් තොරව සිතීමයි"යන්නයි.
උත්සවයේ ආරාධිත දේශනය කළ ජර්මනියේ ජනපති ෆ්රැන්ක් වල්ටර් ස්ටයින්මයර් පවසන ලද්දේ විශ්වවිද්‍යාලයකට අවශ්‍ය සීමාමායිම්වලින් තොරව නිදහසයි. එය රාජ සංකල්පවලින් හෝ දේවත්වයකින් නොලැබේ. නිදහස්ව සිතීම යන්න සමාජය විසින් තහවුරු කළයුතුයි. සමාජය විසින් එය ආරක්ෂා කළයුතුය.
ලංකේය සමාජයේ දියුණුව ගැන සිතින සියලු පුරවැසියනට මෙය ධනාත්මක ගුණයක් බවට පුහුණු කළහැකිය. පක්ෂ, ආගම්, වර්ගභේද, වෙනත් රටවැසියනට ගැරහීමෙන් වෙන්ව නක්ෂත්ර, කොඩිවින ආදී ගූඪවිද්යාවන්ගෙන් ඉවත්ව නිදහස්ව සිතන, අනෙකාට ගරුකරන, හේතුවිමසන, කරුණු දැක අවබෝදයෙන් කටයුතු කරන මිනිසුන් ලෙස නිදහස් මනසින් කටයුතු කළහැකිය.
No comments:
Post a Comment