අපි විවිධ මිනිසුන් ඇසුරු කරන්නෙමු. එයිනුත් ඇතැමහු නිසා විවිධ කරදරවලට ලක්වන්නෙමු. ආරමිභයේදී සත්පුරුෂයෙකැයි හදුනාගන්නා පුද්ගලයා කල්යත්ම හානිදායක වෙි. එමෙන්ම ආරමිභයේදී අසත්පුරුෂයෙකැයි හදුනාගන්නා තැනැත්තා කල්යත්ම සත්පුරුෂයෙකැයි හැගෙයි. මෙි නිසා අසත්පුරුෂයාගෙන් සත්පුරුෂයා වෙන්ව හදුනාගැනීම ප‍්‍රයෝජනවත්ය.
මෙි සදහා විශිෂ්ට සූත‍්‍රයක් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී අසප්පුරිස වධුකා නමින් දේශනා කළහ. මෙම සූත‍්‍රය අසත්පුරුෂයන් සහ සත්පුරුෂයන් හදුනාගැනීමට පමණක් නොව තමන් තුළ සත්පුරුෂ ලක්ෂණ ඇතිකරගැනීමටද ඉතාම ප‍්‍රයෝජනවත්ය.
කරුණු සතරකින් යුත් තැනැත්තා අසත්පුරුෂයකි. අසත්පුරුෂයා ඇසුවත් නොඇසුවත් අනුන්ගේ අගුණ කියාපායි. ඇසුවාම ප‍්‍රශ්න කළාම අඩුවක් නැතිව වැසීමක් නැතිව මුලුමනින්ම විස්තර කොට නුගුණ කියන්නෙක් වෙයි. මෙම කරුණින් යුක්ත තැනැත්තා අසත්පුරුෂයෙකැයි දත යුතුය.
ප‍්‍රථමයෙන්ම ඉහත ලක්ෂණය මා තුළ ඇද්දැයි අප ණුවනින් විමසිය යුතුය. ධර්මය ශ‍්‍රවණය කරන ඇතැමිහු එම දහමි නොපිළිපදිති. අනුන්ට නින්දාකිරිිමට භාවිතා කරති. දහම භාවිතා කළ යුත්තේ තමන් සුවපත් කරගැනීමටය. අප අනුන් කොතරමි නමි විවෙිචනය කරමිද? ඒ විවෙිචනය කරන සෑම අවස්ථාවකදීම ප‍්‍රථමයෙන්ම අපගේ සිත දුෂණය වන්නේය. අනුන් විවෙිචනය කරන විට වෛරය ද්වෙිෂය ක්‍රෝධය තම සිතෙහි ඇති වෙි. එබදු සිතක් ඇති කෙනෙක් නිතරම මානසිකව වෙිදනා විදියි. මරණයට පත්වුවහොත් අපාගත වනුඇත . එහෙයින් ඉහත අසත්පුරුෂ ලක්ෂණයෙන් ඈත්වීමට අධිෂ්ඨාන කළ යුතුය.
කිසියමි කෙනෙකුගේ ගුණයක් වර්ණනා කිරීමමත් තමන්ගේ ගුණයකි. කෙනෙකුගේ හොද ගතිගුණ ප‍්‍රකාශකරන්නා ප‍්‍රසන්න මනසක් ඇත්තෙකි. එය පටු වාසි සදහා නොවිය යුතුය. අවංකවම කරුණු දැන වර්ණනා කළ යුතුය. එවිට මෛත‍්‍රී සහගත කරුණා සහගත සිත පෝෂණය වන්නේය. බුද්ධානුස්සති භාවනා මගින් එම සිත පෝෂණය වන්නේ බුදු ගුණ වර්ණනා කිරීමෙනි. මෙලෙස මෙත් සිත වර්ධනය කිරීම සතර අපා බියෙන් වෙන්වීමට හේතු වෙි.
අසත්පුරුෂයාගේ දෙවන ලක්ෂණය වන්නේ ඇසුවත් අනුන්ගේ ගුණ තිබුණත් අසත්පුරුෂයා නොකියයි. ඇසුවාම ප‍්‍රශ්න කළාම අඩුකොට වසංකොට කියයි. අසමිපූර්ණව කියයි. මෙය දෙවන අසත්පුරුෂ ලක්ෂණයයි.
අසත්පුරුෂයා තමන්ගේ අගුණයක් ඇතත් නොකියයි. වෙනත් කෙනෙකු ඇසුවත් නොකියයි. මිනිසුන් අතර තමන්ගේ වැරැුද්ද වැරැුද්ද ලෙස පිළිගන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් තමන්ගෙන් වැරදි වූ බව හෝ වැරදි වන බව නොපිළිගනිති. මෙසේ වන්නේ තමන් තුළ පවතින අසත්පුරුෂ ලක්ෂණය නිසාය.
බොහෝ දෙනෙක් තමන් වර්ණනා කරනවට කැමතිය. එමෙන්ම තමන්ගේ ගුණ කියයි. තමන් තුළ නැති ගුණ පවා කියාපායි. ඇසුවත් නොඇසුවත් කියයි. මෙයද අසත්පුරුෂ ලක්ෂණයකි. ඇතැමිහු මෙය බහුලව කරති. මෙමගින් තාම විසින් තමාම රවටා ගනියි. අනෙක් අතට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවමානයට උපහාසයට සිනහවට ලක්වෙි.
පසුව අසත්පුරුෂයාගෙන් වෙන්ව සත්පුරුෂයා හදුනාගැනීමට ප‍්‍රයෝජනවත් කරුණු සතරක් දේශනා කළහ. සත්පුරුෂයා අනුන්ගේ අගුණ ඇසුවත් එළිනොකරයි. ඇසුවත් ප‍්‍රශ්න කළත් අඩු කොට මග හැර අසමිපූර්ණව අගුණ කියයි. මෙම ලක්ෂණය ඇති අය දුර්ලභය. ඹවුන් සත්පුරුෂයෝය.
සත්පුරුෂයා අනුන්ගේ ගුණ නොඇසුවත් එළිකරයි. මෙි මෙි පුද්ගලයා තුළ මෙි මෙි යහපත් ලක්ෂණ ඇතැයි කියයි. ඹහුගේ මනස ප‍්‍රසන්නය. පවිත‍්‍රය. පිරිසිදුය. මෙවැනි උතුමන් ලොව දුර්ලභය. සත්පුරුෂයා තමන්ගේ අගුණ නොඇසුවත් කියයි. තමන්ගේ වැරුද්ද මෙයයයි පිළිගනියි. කිසිවිටෙක නොසගවයි. ඇසුවෝත් ප‍්‍රශ්න කළොත් සියල්ල සවිස්තරව කියයි. වැරැුද්ද වැරැුද්ද ලෙස පිළිගන්නා වූ අය ලොව දුර්ලභය එය පිළිගන්නේ සත්පුරුෂයන්ය.
සත්පුරුෂයා ඇසුවත් තමාගේ ගුණ නොකියයි. බොහෝ අය අනුන්ට වඩා තමන් උසස් බව හැගවීමට උත්සාහ කරති. එය පහත් අසත්පුරුෂ ලක්ෂණයකි. නමුත් සැබැ ගුණ යහපත් කෙනා පුරාජෙරු නොදොඩවයි. ”පිරුණු කලේ දිය නොසැලේ” යන කියමන මෙන් සැබෑ ගුණයන් ඇති කෙනා තමන් පිළිබදව තමාම වර්ණනා නොකරයි.
ඉහත කරුණු සතරකින් යුක්ත පුද්ගලයා සත්පුරුෂයෙකි. එම සත්පුරුෂ ධර්ම අපද පුරුදු කළ යුතුය. ඉහත සත්පුරුෂ ධර්ම පුරුදු කරන නුවණැති කෙනා පාර්ථනා නොකළත් කළත් සමාජ ගෞරවයට පාත‍්‍ර වෙි. ගෞරවනීය පුද්ගලයෙක් බවට පත්වෙි. සතුරන් අඩු වෙි. තමන්ගේ ආරක්ෂාව සැලසේ. ඹහු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නෙකි. අපා බිය පහකරයි. උතුමි නිවන සාක්ෂාත් කරගනියි.
අසත්පුරුෂයන්ගෙන් වෙන්ව සත්පුරුෂයා හදුනාගෙන ඒ උතුමි සත්පුරුෂ ලක්ෂණ වහවහා පුරුදු කළ යුතුය. අලුත ගෙනා මනමාලිය නැන්දා කෙරෙහිත් මාමා කෙරෙහිත් ස්වාමියා කෙරෙහිත් අන්තිම වශයෙන් සේවක සේවිකාවන් කෙරෙහිත් ලොකු ලැජ්ජාවක් ඇයට ඇතිවෙි. එලෙසම අලුත ගෙනා මනමාලිය මෙන් සත්පුරුෂ ධර්ම ආරක්ෂා කළයුතු බව හික්මිය යුතු බව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. එය මෙලොව පරලොව දියුණුව සලසයි.
Samadhi Buddhistisches Meditationscenter
Gierolstr 7
53127 Bonn
No comments:
Post a Comment